
( බී.ජී. චතුරංග)
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අසාධ්‍ය රෝගීන් සඳහා ලබා දෙන ඔක්සිජන් සිලින්ඩර, කාලයක සිට සොරකම් කර ඒවා අඩු මුදලට විකුණා , එම මුදලින් සූදු ක්‍රීඩාවේ නිරත වූ එම රෝහලේ ඔක්සිජන් සිලින්ඩර භාරව කටයුතු කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඔක්සිජන් සිලින්ඩර කාමරේ භාරව කටයුතු කළ 47 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු කාලයක සිට මෙම ජාවාරම සිදු කර ඇති බවත්, ඊයේ ( 25දා) තලාව ප්‍රදේශයේ පුද්ගලයෙකු හට අඩි 4ක් උස ඔක්සිජන් සිලින්ඩර තුනක් රුපියල් 60,000 ක මුදලකට විකිණීමට යාමේදී, පොලිස් උපාය දූතයෙකු ලවා සැකකරු ඔක්සිජන් සිලින්ඩර තුනක් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරු මීට පෙර අවස්ථාවකදීද ගංජා ජාවාරමක නිරත වී පොලිසියට අත්අඩංගුවට පත්ව වැඩ තහනමකට ලක්ව, නැවත සේවයේ පිහිට වූ අයෙකු බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු අද (26දා) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ තහනම් කරන ලද පුද්ගලයෙකු නැවත සේවයේ පිහිටුවීම නොකළ යුතුය. මෙය ශ්‍රී ලංකාවේ සියලුම රෝහල්වල සුළු කාර්ය මණ්ඩලයේ උවදුරකි. ඔහුගේ සේවය අවසන් කර ඔහුට එරෙහිව අපරාධ චෝදනා ඉදිරිපත් කරන්න.