IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අ’පුර රෝහලේ ඔක්සිජන් සිලින්ඩර් විකිණු අය මාට්ටු

( බී.ජී. චතුරංග) 

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අසාධ්‍ය රෝගීන් සඳහා ලබා දෙන ඔක්සිජන් සිලින්ඩර, කාලයක සිට සොරකම් කර ඒවා අඩු මුදලට විකුණා , එම මුදලින් සූදු ක්‍රීඩාවේ නිරත වූ  එම රෝහලේ ඔක්සිජන් සිලින්ඩර භාරව කටයුතු කළ පුද්ගලයෙකු  අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි.

මෙලෙස  අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර ශික්ෂණ  රෝහලේ ඔක්සිජන් සිලින්ඩර කාමරේ භාරව  කටයුතු කළ 47 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු  කාලයක සිට මෙම ජාවාරම සිදු කර ඇති බවත්, ඊයේ ( 25දා) තලාව ප්‍රදේශයේ  පුද්ගලයෙකු හට  අඩි 4ක් උස ඔක්සිජන් සිලින්ඩර තුනක් රුපියල් 60,000 ක මුදලකට විකිණීමට යාමේදී,  පොලිස් උපාය දූතයෙකු ලවා සැකකරු  ඔක්සිජන් සිලින්ඩර  තුනක් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු  මීට පෙර අවස්ථාවකදීද ගංජා ජාවාරමක නිරත වී පොලිසියට අත්අඩංගුවට පත්ව  වැඩ තහනමකට ලක්ව, නැවත සේවයේ පිහිට වූ අයෙකු බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු අද  (26දා) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. 

 



අදහස් (1)

අ’පුර රෝහලේ ඔක්සිජන් සිලින්ඩර් විකිණු අය මාට්ටු

Jay Wednesday, 26 July 2023 12:25 PM

වැඩ තහනම් කරන ලද පුද්ගලයෙකු නැවත සේවයේ පිහිටුවීම නොකළ යුතුය. මෙය ශ්‍රී ලංකාවේ සියලුම රෝහල්වල සුළු කාර්ය මණ්ඩලයේ උවදුරකි. ඔහුගේ සේවය අවසන් කර ඔහුට එරෙහිව අපරාධ චෝදනා ඉදිරිපත් කරන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 444 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site