පෙට්‍රල් බෝතල් අතැතිව කටවුටයක් මත නැගීමෙන් මහජනයා තුළ භීතියක් ඇති කිරීමට තැත් කළැයි මහරගම නගරයේ සවිකර ඇති දේශපාලකයකුගේ විශාල කටවුට් පුවරුවක් මත නැගී පුද්ගලයකු එයින් බැසීමෙන් පසු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අනුරාධපුර ප්‍රදේශයේ පුද්ගලයකු වන මොහු බෞද්ධාගම ආරක්ෂා කිරීම වෙනුවෙන් ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර ඇතැයි ද ඔහුගේ අතේ පෙට්‍රල් බෝතලයක්ද උදර ප්‍රදේශයේ බැඳ ගත් තවත් පෙට්‍රල් බෝතලයක්ද අතැතිව සිටි බවත් මහරගම ප්‍රඥානන්ද පිරිවෙනේ හිමිවරු දෙනමක් එම ස්ථානයට පැමිණීමෙන් පසු ඔහු බිමට බැස්සේය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු දහමේ දැන් මොනවාද ආරක්ෂා කරන්න ඉතුරුවෙලා තියෙන්නේ. (ම)
කුමාර්(ගල්ෆ්), ඔබගේ දැනීමේ ඇති අඩුපාඩු ගැන මට ඇතිවන්නේ කණගාටුවක්. මොකද ඔබ බුදුදහම ගැන හරිහැටි තේරුම් කරගෙන තිබුනා නම් ඔහොම කවදාවත් කතාකරන්නේ නැත. බුදුජාණන් දෙසූ දහම අකාලිකයි. එම දහමට විරුද්ධව තර්ක කිරීමට එදා සිටි බමුණන්ට බැරිවුණා සේ අදත් කිසිදු දාර්ශනිකයෙකුට නොහැකිවී ඇත. අප මහා බුදුපියාණන් විසින් දෙසු දහම දහමක් වගේම දර්ශනයක්ද වේ. බුදු දහමේ ඇති දාර්ශනිකත්වය භෞතික දර්ශනය තුළින් තහවුරුවී තිබීමෙන්ද එය පැහැදිලියි. ඉතින් ඔබගේ විශ්වාශයට අනුව නම් එය විනාශවුණේ කොහොමද කියන එක කාහටත් ප්‍රශ්නයකි. (නි)
තමන්ගේ රට ගැන හැඟීමක් ඇති මිනිස්සු තාමත් ඉන්නවා (නි)
සංකල්ප මහත්මයෝ, මේ මනුස්සයා තමන්ට හැකි අයුරින් හරි, තමන්ගේ ආගම බේරගන්න හදනවා. ඔබතුමාත් තවම නිදි වගෙයි. (නි)
අපී මිනිස්සු මොනවා හරි දෙයක් කරනකොට කට ඇරගෙන බලාගෙන ඉන්න නිසා තමයි. ගණන්ගන්නේ නැතුව හිටියොත් උන්ටම එපා වෙලා බහිනවා. (ර)
ආගම දහම ආරක්ෂා කරගන්න ඕනේ අපිම තමයි. අණබෙර ගගහා මම බෞද්ධයෙක් කියකියා කෑකෝ ගහනවට වැඩිය. (ස)
ඔන්න බුදුදහම අරක්ෂා කරන්න ඉදිරිපත්වෙන මිනිසුන්ගේ හැටි. මේ වනවිට බුදුන්ටත් බුදුන්ගේ ධර්මයටත් ඇති තරමින් නින්දාකර හමාරයි. බුදුන් දේශනාකළ ධර්මයේ නොමැතිදේම කියයි. මිනිසුන් මේවා ඇහුවාද? අසනවාද? අද පවතින සමාජ පැතීකඩෙන් එය මොනවට පැහැදිලි වේ. බුදුන්ගේ ධර්මය එයාකාරයෙන්ම සරල බසින් මිනිසුන්ට අසන්න ලැබෙන්නේ කවදාද? (නි)
ඔය පන්සල් පිළිම කඩල බිඳලා හදන වෙල් යායවල් වලට අපි හුරේ තියමු විහාර කඩලා ගහන පල්ලි වලට අපි සලා දමමු එකට එරෙහි වෙන හාමුදුරුවන්ව හිරේ යවමු ! (බ)
ධනාත්මක පුවත් දැන් ඇත්තෙම නැද්ද.? (ර)
මොහු බෞද්ධයෙක් විය නොහැක.මෙම ක්‍රියාව බෞද්ධ දර්ශනයට පටහැනිය.මොහුට අවශ්‍ය වන්නට ඇත්තේ ප්‍රසිද්ධිය පමණක් විය හැක. (ස)
අපේ සමාජයේ කරන්න දෙයක් නැතිවුණාමත් සමහර අය ඔවැනි දේවල් කරනවා. (නි)
මට ඇතිවෙන්නේ ලොකු කලකිරීමක්. (ර)
මේවා මෝඩ වැඩ.(ම)
මෙරටේ අඩුම ජනකොටස තමා බෞද්ධයෝ. රටේ සිදුවන අපරාධවලින් එය පැහැදිලිය. (බ)
නගරය මැද විශාල කටවුටයේ විරාජමාන දේශපාලක තුමාට අවමානයක් නොවේනම් ඔය ප්‍රදර්ශනකාමි මිනිසා නිදහස් කර යවමු. (ම)
ඔය පෙට්‍රල් ටික හලලා කටවුට් එකට ගිණිතියල බැස්සනම් තමා වටින්නේ. අඩුමගානේ මහරගම නගරයේ අලංකාරය හරි ආරක්ෂා කරගන්න තිබුණ. (අ)