අනුරාධපුර බැංකු පෙදෙසේ පිහිටි මහජන බැංකුවේ අධිශේණි ශාඛාවේ සවිකර ඇති ටෙලර් යන්ත්‍රයේ බැඳ තිබූ බඹර වදයක් ඉවත් කළ බව බැංකු ආරංචි පවසයි.
බඹරුන් එහි සිටි නිසා මුදල් ලබා ගැනීමට පැමිණි පිරිස් සඳුදා එහි ඇතුළු නොවූහ.
ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව සඳහා වහාම එම බඹර වදය එතැනින් ඉවත් කිරීමට පියවර ගත් බවද බැංකු ආරක්ෂකයෝ පැවසූහ.
ශ්‍රී ලංකාවේ ටෙලර් යන්ත්‍රවලට තාක්ෂණික උපකරණ සවිකර ටෙලර් කාඩ් තොරතුරු ලබාගන්නා විදේශිකයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමෙන් පසු රජය පැවසූයේ එම යන්ත්‍රවලට ටෙලර් කාඩ් ඇතුළු කිරීමේදී ඉතා පරිස්සම් විය යුතු බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක සත්තු , එයාලගේ වාස භූමි මිනිස්සු අල්ල ගෙනනේ, (හේ)
උන් සල්ලි ගන්ට යන්න ඇත්තේ. (ර)
හොඳ අදහසක්; ලංකාවේ තිබෙන හැම ටේලර් මැසිමටම බඹරු ගෙනත් දැම්මොත් ආරක්ෂක නිලදාරීන් අවශ්‍ය නැහැ. සල්ලිත් ඉත්රුයි. (ර)