අනුරාධපුර මහා නගර සභාවට සංධානයෙන් තේරීපත් වූ නාගරික මන්ත‍්‍රීන් මහා ඇමැති බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතා ඉදිරිපිට දිවුරුම් දීමේ උත්සවයට එහි පුරපති පදවියට පත් වූ එච්.පී. සෝමදාස මහතාට ඇරියුම් කැර නොතිබණි. නගරාධිපති හා උප නගරාධිපති කොළඹ දී ජනපති ඉදිරියේ දිවුරුම් දුන් නිසා දිවුරුම් නොදුන් මන්ත‍්‍රීවරුනට පමණක් ඇරියුම් කළ බව උතුරු මැද පළාත් පාලන කොමසාරිස් විරාජ් පෙරේරා මහතා කියයි. එහෙත් නියෝජ්‍ය නගරාධිපති පේ‍්‍රමසිරි හෙට්ටිආරච්චි මහතා පැමිණ සිටියේය. නගරයේ ප‍්‍රධාන පුරවැසියා වශයෙන් තමා හිතාමතාම කොන්කැර ඇතැයි ද මේ ක‍්‍රියාව හෙළා දකින්නේයැයි ද සෝමදාස මහතා කියයි.
1
නාමල් රහසේ රනිල්ට පෙන්වූ වට්ස්ඇප් පණවුඩය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුළල් කා ගැනිල්ල නවතා දැන් වැඩ කරමුද?
පුදන කොටම කාපි යකා