(ඉන්දිකා රාමනායක සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කාන්තා කොල්ල කල්ලියක් විසින් රුවන්වැලිසෑය පූජා භූමියේ දී තුළ කාන්තාවන් තිදෙනෙකුගේ රන්මාල කඩාගෙන ගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය පවසයි.
කොල්ල කන ලද රන්මාල වල වටිනාකම රුපියල් ලක්ෂ 8 කට ආසන්න බව පොලිසිය පවසයි.
පූජා භූමියේ දන්සල් පෝලිමක රැඳී සිටියදී, සහ පූජා භූමිය තුළ වූ වන්දනාමාන කරමින් සිටි කාන්තාවන් තිදෙනෙකුගේ රන්මාල මෙසේ කොල්ලකා ගොස් ඇතැයි පොලිසිය පවසයි.
වයස අවුරුදු 70, 68, 58 වයස්වල පසු කාන්තාවන්ගේ රන්මාල මෙසේ කොල්ලකාගෙන ගොස් ඇති අතර ඔවුන් අනුරාධපුරය, යටියන්තොට, හා රාගල යන ප්‍රදේශවල පදිංචි කාරියක් බව පොලිසිය කියයි.
නාදුනන කාන්තාවක් තමන් අසලට පැමිණ එකවරම රන් මාලය කඩාගෙන පලාගිය බවට මෙම කාන්තාවන් පොලිසියට පැමිණිලි කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
අ’පුර පූඡා භූමියේ මාල කඩන කාන්තා කල්ලියක්