(ඉන්දිකා රාමනායක සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කාන්තා කොල්ල කල්ලියක් විසින් රුවන්වැලිසෑය පූජා භූමියේ දී තුළ කාන්තාවන් තිදෙනෙකුගේ රන්මාල කඩාගෙන ගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය පවසයි.
කොල්ල කන ලද රන්මාල වල වටිනාකම රුපියල් ලක්ෂ 8 කට ආසන්න බව පොලිසිය පවසයි.
පූජා භූමියේ දන්සල් පෝලිමක රැඳී සිටියදී, සහ පූජා භූමිය තුළ වූ වන්දනාමාන කරමින් සිටි කාන්තාවන් තිදෙනෙකුගේ රන්මාල මෙසේ කොල්ලකා ගොස් ඇතැයි පොලිසිය පවසයි.
වයස අවුරුදු 70, 68, 58 වයස්වල පසු කාන්තාවන්ගේ රන්මාල මෙසේ කොල්ලකාගෙන ගොස් ඇති අතර ඔවුන් අනුරාධපුරය, යටියන්තොට, හා රාගල යන ප්‍රදේශවල පදිංචි කාරියක් බව පොලිසිය කියයි.
නාදුනන කාන්තාවක් තමන් අසලට පැමිණ එකවරම රන් මාලය කඩාගෙන පලාගිය බවට මෙම කාන්තාවන් පොලිසියට පැමිණිලි කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd