අනුරාධපුර පැනොරාමා සමාජ ශාලාවේ හිමිකරු වසන්ත සොයිසා ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු බව කියන ඉරෝන් රණසිංහ (එස් එෆ් ලොකු) අන්තර්ජාලයට මුදා හැර ඇතැයි කියන වීඩියෝ ගැන සවිස්තර වාර්තාවක් ඉදිරිත් කරන ලෙස අනුරාධපුර වැඩ බලන මහේස්ත්‍රාත් අමරසේන හෙට්ටිගේ මහතා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට නියෝග කළේය.
සමාජ ශාලාවේ සීසීටීවී කැමරාවල පටිගත වී ඇති දර්ශන සම්බන්ධයෙන් ද වාර්තාවක් ඉදිරිපත් කර ලෙස නියෝග කැරිණි.
ඝාතනය සම්බන්ධයෙන් 38 දෙනෙක් රිමාන්ඩ් බාරයේ පසු වෙති. ඒ අතර හිටපු නාවික හමුදා සෙබළු දෙදෙනෙක් ද, නාවික හමුදා කිමිදුම්කරුවෙක් ද සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)
මෙයාව මරපු එක නම් වැරදියි තමයි නමුත් මෙයා කරගෙන ගිය වැඩේ ( රාත්‍රී සමාජ ශාලාව ) පිහිටීම අනුව හොඳ මදි නේද?(රේ)
බලන්න දෙයක් නැහැ. තීන්දුව අපිට හිතාගන්න පුළුවන්. කිසිම සැකයක් නැතුව එක දෙයක් වෙලා තියෙනවා. ඒ තමයි සොයිසා මහත්තයා ඉතාමත් කෲර ලෙස ඝාතනය කර තිබෙනවා කියන එක. (නි)