හෙරොයින් පැකට් තුනක් (මිලිග්‍රෑම් 60ක්) ළග තබා ගත් බව කියන කේ ඒ අමිල උපේක (33) නම් නීතීඥයා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා නියෝග කළේය.
නීතීඥයාගේ සාක්කුවේ තිබී පැකට් තුනක් ද, ඊයම් කොල කිහිපයක් ද සොයා ගත් බව පොලිසිය අධිකරණයට දැන්වීය.
තමා නිවැරදිකරු බව නීතීඥයා අධිකරණයට දැන්වීය.
විභාගය ජනවාරි තුන් වැනි දාට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම රස්සාවෙම හොරු ඉන්නවනේ.(නදී)
නීතීඥයා දන්නවා නිතිය කෙසේද පාවිච්චි කරන්නේ කියලා වගේම ඔය කියන නීතියෙන් පැනල යන්නත්. මම නිතිඥයෙක් මට ඕනි දෙයක් බේරිලා කළහැකි' කියල හිතල කල අමන වැඩක් වෙන්න බැරිද ඕක.(නදී)
ඕනෑ වැරදි වැඩක් කරලා එළියට එන ක්‍රමය වෙනස් වෙනකන් මගේ රට ගැන කවර කතාද? (නි)
මෙයා නිතිඥයෙක් වුණත් හෙරොයින් පාවිච්චි කරනවාද ඒ කියන්නේ? (නි)
මේක කාගේ හරි සැලැස්මක් වෙන්න බැරිද ? මොන නිතිඥයාද කුඩු විකුනන්නේ. මිනිස්සු දෝත පුරෝලා සල්ලි දෙනකොට ? (ස)
සැක අවස්තා තුනයි.(නදී)
අනේ මන්දා පොඩි එකෙක් කලා නම් අවුරුදු ගාණක් හිර බත් කයි ? (ස)
කලින් කියපු දේමයි ආයෙත් කියන්න තියෙන්නේ. මේක නම් උගුලක්, පලිගැනීමක්. ඒත් ඒ බවක් නීතිඥයා උසාවියේදී කිව්වේ නැද්ද? (ස)
නීතීඥයා දන්නවා නිතිය කෙසේද පාවිච්චි කරන්නේ කියා. එනිසා වෙන්න ඇති නිවැරදිකරු කියා පවසා තිබෙන්නේ. (නි)
මම කියන්නෙත් මේක උගුලක්.කව්රු හරි ඊර්ෂ්‍යාවට කළ වැඩක්. (නි)
අප විසින් මේ සම්බන්ධයෙන් කලින් දිනයේදී අවධාරණය කළ පරිදිම දැන් මේක කුමක්ද කියන එක කෙමෙන් පැහැදිලි වෙනවා. (නි)