ටෙන්ඩර කැඳවීමක් හෝ ඇස්තමේන්තු නොමැතිව අනුරාධපුර නාගරික ගණකාධිකාරී විසින් කවරක්කුලම විශාඛා කාන්තා ග්‍රාම සංවර්ධන සමිතියට රුපියල් 5,49,320 ක් දීම ඇතුළු අක්‍රමිකතා කිහිපයක් කළැයි ලැබුණු පෙත්සමක් අනුව අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශය අනුරාධපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් සම්පත් රෝහණ ධර්මදාස මහතාගේ කාර්යාලයට පැමිණ පසුගියදා ප්‍රකාශයක් ලබාගත්තේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නාගරික කොමසාරිස්වරයා කොළඹ එෆ්සීඅයිඩියට කැඳවා ප්‍රශ්න කළ බව පසුගිය 23 වැනිදා ලංකාදීප වෙබ් අඩවියේ ‘අපුර නාගරික කොමසාරිස්ගෙන් එෆ්සීඅයිඩිය ප්‍රශ්න කරයි‘ යනුවෙන් පළවූ ප්‍රවෘත්තිය සාවද්‍ය බව ඔහු පවසයි.
අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශය තම කාර්යාලයට පැමිණ එම සිද්ධි සම්බන්ධයෙන් තමන් පැවැත්වූ විමර්ශන හා අභ්‍යන්තර විගණන ගැන තොරතුරු ලබාගත්තා මිස තමා කොළඹ කොල්ලුපිටියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නොකැඳවූ බව අනුරාධපුර නාගරික කොමසාරිස් කියයි.
ටෙන්ඩර කැඳවීමක් හෝ ඇස්තමේන්තු නොමැතිව අනුරාධපුර කවරක්කුලම විශාඛා කාන්තා ග්‍රාම සංවර්ධන සමිතියට රුපියල් 5,49,320ක් දීම ඇතුළු අක්‍රමිකතා කිහිපයක් සම්බන්ධයෙන් අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංඔය පරීක්ෂණයක් පවත්වයි.
නාගරික කොමසාරිස්වරයා සම්බන්ධයෙන් නගර සභාවේ ශ්‍රීලනිප රාජ්‍ය සේවා වෘත්තීය සේවක සංගමයේ සභාපති ඩී.කේ.ජේ.ගුණසේකර මහතා පොලිසියට කළ පැමිණිල්ලක් අනුව මේ පරීක්ෂණය ඇරැඹිණි.
මෙම පෙත්සම සම්බන්ධයෙන් අනුරාධපුර නාගරික කොමසාරිස් සම්පත් රෝහණ ධර්මදාස මහතා විමර්ශනයක් ද කර ඇත.
නගර සභාව සතු වාහන සඳහා නියමිත ක්‍රියා පටිපාටියට ටෙන්ඩර් නොකැඳවා රුපියල් 34,00000 ක වටිනාකමින් යුත් ටයර් තොගයක් ගෙන්වීම ද, 2014/2015 වර්ෂවලදී ගංවතුරෙන් පීඩාවට පත් නගර සභා සේවකයන් සඳහා ලබාදීමට රුපියල් 3,80000 ක වටිනාකමින් යුත් ආහාර තොගයක් නීත්‍යනුකූල නොවන අන්දමට වරකාපොළ ස්ටෝර්ස් ආයතනයෙන් ලබාගෙන එම ආහාර මලු සේවකයන්ට ලබානොදීම සම්බන්ධයෙන්ද පැමිණිලි ලැබී ඇතැයි කියති.
ගණකාධිකාරී සම්බන්ධයෙන් ජනපතිටද මූල්‍ය අපරාධ විමර්ශන අංශයට ද උතුරු මැද පළාත් පාලන කොමසාරිස්ට ද පැමිණිලි කර ඇතැයි වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd