අනුරාධපුර රාත්‍රී සමාජ ශාලාවේ හිමිකරු වසන්ත සොයිසාගේ ඝාතනය සම්බන්ධයෙන් තවත් හය දෙනකු අද (27) සවස සැකපිට අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු අනුව මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙම සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා බවද පොලිසිය පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද සවස වන විට දස දෙනකුගෙන් පමණ පොලිසිය ප්‍රශ්න කර ඇතැයි පොලිස් ආරංචි කියයි. සොයිසා කපා කොටා මැරූ බව කියන පුද්ගලයා අද උදේ අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බවත් ඝාතනය සැලසුම් කළ බව කියන සෙබළා සොයන බවත් එම ආරංචි සඳහන් කරයි. ඝාතනයට සම්බන්ධ බව කියන මෝටර් රථයක් සොයා පොලිස් කණ්ඩායමක් අද සවස තලාවට ගියේය.
සැකකරුවන් අතර නාවික හමුදාවෙන් පැන ගිය දෙදෙනකුද සිටින බවත් හමුදාවෙන් පැන ආ අනෙක් සැකකරු සොයන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුරපුරේ පැත්තේ අය කියපු විදිහට නම් මේක සමාජ සත්කාරයක්. (ම)
දරාගන්න බැරි ජීවන බර නිසා බහුතරයක් ඉන්නේ අසහනයෙන්. තමුන් හිතන පතන මුලික අවශ්‍යතා ඉටුකරගන්න දැඩි සටනක් දෙන්න වෙන විට ,කෑම වෙලා ගන්න, බත් පතට ලොකු සටනක් දෙන්න වෙනකොට දැඩි අසහනයකට පත් වෙනවා. මේ අසහනය බීමත්කමින් , රණ්ඩු කිරීමෙන් , පහර දීමෙන් පිට කර ගැනීමට උත්සහ කරනවා. ගරු ජනපතිතිමනි ඔබත් අප වගේ දුප්පත් ජනතාව අතරින් බිහි වුණු කෙනෙක්. ජීවන වියදම අඩු කිරීමට , බඩු මිල ඉක්මණින් අඩු කිරීමට ඔබට ශක්තිය දහිරිය තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා !!!(ම)
මෙවන් අපරාද රටට දායාද කළේ දේශපාලඥනයන් ...කරුණාකර බලන්න රටේ සිදුවෙන විෂමාචාර වලට සියයට අනුනවයක්ම සම්බන්ධ වෙලා ඉන්නේ ඔවුන් නොවේද කියල? (ම)
අපරාධකරුවන්ට නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන්න (නි)
කොපමණ කරාටේ දැන සිටියත් හුරු පුරුදු උනත් , පිහියට මන්නේට පොරෝවට පිස්තෝල වැනි ආයුධ සමග සටන් කරන්න බැහැ , අවි ගත්තෝ අවියෙන් නසී. අනුරපුර ශුද්ධ බුමියක මෙහෙම දෙයක් වීම කණගාටුවක් ,.....(රේ)
..මම මෙයා ගැන අහලා තියෙනවා..අතිදක්ෂ කරාටේ ශුරයෙක්.තනි තනිව හෝ දෙදෙනෙක් සමග මොහුට සටනක් ඇත්තටම නැහැ.මොහොතකින් දෙදෙනෙක්ව අඩපන කරාවි.නමුත් මේ නිවට රැලක් කඩු පොලු අරන් ඇවිත් මොහුව නිවට විධිහට ඝාතනය කරලා තියෙනවා.....(රේ)
එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න කාලය පැමිණ ඇතැයි සිතේ (නි)
වසන්ත මගේ හිතවතෙක්. විජිත් කියනවා වගේ හරිම දක්ෂයෙක්. මෙවැනි මනුස්ස ඝාතන තරයේ හෙළාදකිනවා. අනුරාධපුර පොලිසියට මාගේ ප්‍රණාමය! (නි)
මොහුගේ දක්ෂතා වගේම එයාගේ තානායම පවත්වාගෙන ගියේ දේශපාලන බලය උපරිම ලෙස යොදා බවයි දැනගන්නට තිබෙන්නේ.එහෙත් මෙවැනි ඝාතන තවදුරටත් අසන්නට නොලැබේවා! (නි)
නෙළන්නේ තමන් වැපිරූ දෙයයි. (නි)
දැනගැනීමට ලැබුණු තොරතුරු වලට අනුව මෙම කරාටේ ශූරයාගේ සමාජ ශාලාවේ මීටපෙර නිතර කලබල ඇතිවී ඇති අතර එමනිසාම බොහෝ දෙනෙක් සතුරු කරගත් බව පැවසෙනවා. කරාටේ ශූරයෙක් වුණාම එය ආත්මාරක්ෂාවට යොදාගත යුතු අතර එසේම ඔහු නිහතමානීව සිටිය යුතු කෙනෙක්. (නි)
කොච්චර වැඩකාරයෙක් වුණත් දෙදෙනෙකුට විතරයි ගහන්න පුළුවන්. සැබෑ ජීවිතයේ චිත්‍රපටි වලදී වාගේ නෙමෙයි. අනෙක් අයට චණ්ඩිකම් පෙන්නුවාම උරුමය ඕක තමයි. කොහොම වුණත් කණගාටුයි. (නි)
අබය මෙයා අනෙක් අයට චණ්ඩිකම් පෙන්වනවා දැක තිබෙනවාද? සමාජ ශාලාවක් නීත්‍යානුකූලව කරගෙන යාම වරදක් නෙමෙයි (නි)
සිද්ධියට හේතුව කුමක් වුවත් මෙලෙස අමානුෂික අන්දමින් මිනිසුන් ඝාතනය කිරීම අනුමත කළ නොහැකියි (නි)
මම නං දන්නා තරමින් මේ සමාජ ශාලාවේ නිතර කලබල වලට හේතුව තමයි කාටවත් මෙතන දඟලන්න නොදී ලොකු විනයක් පවත්වා ගෙන යාම. සමාජ ශාලාවේ සිද්ධි කෙසේ වෙතත් ඒ සිද්ධි වලට සාපේක්ෂව මේ මිනී මැරුම සහ එකට සම්බන්ධ අය ලොකු පිළිලයක් වෙනවා අනුරාධපුර නගරයට. ඒ පිටි පස්සෙන් ලොකු ඛේදවාචකයක් ළඟ ළගම එනවා. එක නිසා ඒ ගැන සොයා බැලුවොත් හොඳයි ඔක්කොටම කලින්. මේ සිද්ධිය සමාජ සත්කාරයක් කියල කියන්නේ වෙන්නේ මොකක්ද කියල දන්නේ නැති කට්ටිය. (බ)