අනුරාධපුර පැනොරාමා රාත්‍රී සමාජ ශාලාවේ අයිතිකරු වසන්ත සොයිසා කපා කොටා ඝාතනය කර එම සමාජ ශාලාවේ ඇතුළු තවත් පිරිසකට තුවාල සිදුකළැයි කියන තවත් හය දෙනෙක් නොවැම්බර් 9 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් උමේෂ් ශානක කලංසූරිය මහතා නියෝග කළේය.
මෙම සැකකරුවෝ අනුරාධපුර රෝහලේ විශේෂඥ අධිකාරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් පිරික්සනු ලැබූහ.
තලාව දුම්රිය හරස් පාර ඩී.එචි.දිනේෂ් මධුසංඛ, අනුරාධපුර දහයියාගම කාර්මික පෙදෙසේ කේ.සුරේස් සඳකැලූමි, අශෝක බංඩාර, ඒ.ප‍්‍රසන්න කුමාර, ජී.එචි.චානක සුරංග, සහ කේ.එචි.දේවින්ද කස්තුරිආරචිචි හා රදවා තබාගෙන ප‍්‍රශ්න කළ කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් බී.එමි.චාරුක මධුෂාන් සහ අනුරාධපුර ජයසිරිපුර හිටපු නාවික භටයකු වන පාරින්ද මේනක ගුණතිලක අනුරාධපුර, දහයියාගම, කාර්මික පෙදෙස කේ.දිල්රුක් චරිත පෙරේරා, අනුරාධපුර, කුඩාපාලාඩිකුලම, මධුමාල් නිවස, ජේ.එමි.ඩී.මධුසංඛ කරුණාරත්න, අනුරාධපුර, මිහිදුපුර, 2 වන පටුමග, හරස් පාර, අභය මාවත එමි.කුෂාන් චරිත පෙරේරා, හිටපු නාවික භටයකු වන එස්.කේ.ඩබි.චමින්ද පුෂ්පකුමාර සිල්වා, අනුරාධපුර, වදාකඩ, ශ‍්‍රාවස්තිපුර 5, ඇල එම්.ජී.ගයාන් ලක්මාල් සහ අනුරාධපුර ශ‍්‍රාවස්තිපුර ගල්වඩුවාගම 5, ඇල ආර්.එමි.විරාජ් චතුරංග පසුගිය 27 වැනි දා රිමාන්ඩ් කරනු ලැබුහ.
අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නඩු මෙහෙයවීමි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක එචි.එම්.යසරත්න මහතා සදහන් කළේ පසුගිය 24 දා රාත‍්‍රියේ පුද්ගලයින් විස්සකට වැඩි පිරිසකගෙන් සැදුම්ලත් මැර කණ්ඩායමක් අනුරාධපුර කඩ 50, මුදිතා මාවතේ පිහිටි පැනොරාමා රාත‍්‍රි සමාජ ශාලාවට කඩාවැදි එහි දේපළ වලට බරපතල ලෙස හානි සිදුකර අයිතිකරු වන වසන්ත සොයිසාට පොලූ වලින් පහරදී පසුව තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කර ඇති බවයි.
පොරෝ තලයක්, යකඩ බටයක්,ලී පොලූ කිහිපයක්, ටිපර් රථයක්,මෝටර් රථයක් සහ ත‍්‍රිරෝද රථයක්ද පොලිස් බාරයට ගෙන ඇති බවද අධිකරණයට සැල කළ උප පොලිස් පරික්ෂක සංවිධානාත්මක අපරාධයේ ප‍්‍රධාන සැකකරු ද සැලසුම්කරු ද බවට සැක කෙරෙන යුද හමුදා විශේෂ බළකායෙන් පැන ගිය සෙබලෙකු ඇතුලූ තවත් 7 දෙනෙකුට අධික සංඛ්‍යාවක් අත් අඩංගුවට ගැනිමට ඔවුන් සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවද ඔහු කිවේය.
2025 දෙසැම්බර් මස 18
450
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1039
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අ‘පුර තව හයක් රිමාන්ඩ්