අනුරාධපුර ගුවන්හමුදා කඳවුරට හා මිරිදිය හෝටලයට අධිකරණයේ පෙනී සිටින ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් නදීකා ඩී පියරත්න මහත්මිය නියෝග කළාය.
අනුරධපුර නගරයට පානීය ජලය සපයන නුවර වැවට වසර දහයකට අධික කාලයක් ගුවන් හමුදා කඳවුරත් හෝටලයත් අප ද්‍රව්‍ය මුදාහරින බව සෞඛ්‍ය පරීක්ෂක නුවන් කුලතුංග මහතා අධිකරණය හමුවේ කියා සිටියේය. අනුරාධපුර මහනගර සභා නියෝග ඔවුන් පිළිපැද නැතැයි ද ඔහු කිවේය.
සැප්තැම්බර 26 වැනිදා මිරිදිය හෝටලයේ කළමණාකරු ද ඔක්තෝබර 8 වැනිදා ගුවන් හමුදා කඳවුරේ අණ දෙන නිලධරයා ද අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බව මහේත්‍රාත්වරිය කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞඛ්‍ය පරීක්ෂකතුමා කෝකටත් ප්‍රවේශමෙන්! (නි)
මේ ආයතන දෙකටත් බොන වතුර සපයන්න ඇත්තේ නුවර වැවෙන් මිසක් ලබුගමින් හරි කලටුවාවෙන් නොවෙයිනේ. ගානක් නැහැ,මෙගොල්ලොත් තමන්ගේම ඒවා මිශ්‍ර වතුර තමා බීලා තියෙන්නේ. (නදී)
ගම කන්න අවුරුදු දහයක්ම දීල දැන් මොකක්ද ප්‍රශ්නය? (නදී)
තමුන් නොදන්නා විෂයන් ගෙන කොම්මෙන්ට් කරන්ඩ එපා. මොකද ඔබට වඩා අඩු මට්ටමේ දැනුම ඇති පිරිසත් මේක බලනවා. මම ඔබ ගැන කණගාටු වෙනවා. සිංහල බෞද්ධයෙක් විදිහට (නදී)
හරිම සතුටුයි අපේ මහජන පරික්ෂකසක වරු ගැන. අවංකව රාජකාරිය කරන ඔබ සැමට අපේ සුබ පැතුම් (නදී)