ජ්‍යෙෂ්ඨත්වය මත නොච්චියාගම රෝහලේ ගිලන් රියදුරු පත්වීම නොකළැයි ද, එයින් තමාට අසාධාරණයක් වීයැයි ද කියමින් වහළට නැග විරෝධතාවයක යෙදුණු කේ ජී විජේරත්න මහතාට සහාය දක්වමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය ආයතන ගිලන් රථ රියදුරෝ අද සවස 4.00 සිට වර්ජනයක් ඇරැඹූහ.
සිකුරාදා (16) විසඳුමක් නොලදහොත් පොළොන්නරු දිස්ත්‍රික්කයද වර්ජනයට කැඳවන බව උතුරුමැද සෞඛ්‍ය සේවා රියදුරු සංගමයේ ලේකම් කේ පී ධර්මපාල මහතා කියයි.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අපුර ගිලන් රියදුරෝ වැඩ වරති
කැනඩා දිසා Friday, 16 August 2013 08:42 AM
මේ බොරු නැතුව එන්න ඔක්කොම එක්ක ඔය වාහන ටිකත් අරගෙන ඡන්ද වැඩ වලට උදවුවක් කරන්න (නි)
චන්දි Thursday, 15 August 2013 07:13 PM
පුද්ගලික දේවල් වලට ලෙඩ්ඩු උකසට ගන්න අයට ඔය රැකියාව හරියන්නේ නැ. උතුම් රැකියාවක් කරන්න පුළුවන් වන්නේ අප්‍රමාණ කරුණාවක් තියෙන මිනිසුන්ටයි , ගිලන්රථ කියන්නේ නගර සබාවේ කුනු අදින ලොරි කියල නොසිතන්න , රජයේ සේවකයෝ සියලුදෙනාම අදින්නා දානයයි කරන්නේ, ගන්නා වැටුපට සේවයකුත් කරලා පිනකුත් කරගන්න වාසනාව උදාවේවා.(නදී)
මධුෂා Thursday, 15 August 2013 08:59 PM
අනේ චන්දි බොරු බක පණ්ඩිතකම් කතා කරන්න එන්නේ නැතුව ඉන්න. (නි)
සුසන්ත Friday, 16 August 2013 12:56 PM
මධුෂ, ඔබ හරි. මේ අය කතා කරන්නේ ඒ මිනිස්සු ගැන දන්නේ නැතුව මෝඩයෝ වගේ. දකින දේ බලලා කතා කරන එක වැරදියි. (නි)
දිසා Thursday, 15 August 2013 10:42 PM
චන්දී, මම ඔයාගේ කතාව සම්පුර්ණයෙන්ම අනුමත කරනවා. හිතක් පපුවක් තියෙන කෙනෙක් කොහොමද ලෙඩ්ඩුන්ව අමාරුවේ දාලා මේවගේ දේවල් කරන්නේ? මම ඉන්න රටේ නම් මේ වගේ දෙයක් වුණහම සෞඛ්‍යය දෙපාර්තුමේන්තුවේ වැඩකරන අය ස්ට්‍රයික් කරන්නේ නැහැ. ඒ අය තමන්ටත් ඉහලින් තමා ලෙඩ්ඩුන්ව තියන්නේ. තමන්ගේ ආත්මෙටත් පිනක් වෙන්නේ හිත හොඳින් වැඩක් කළහම තමයි හොද (නි)
උපාලි Friday, 16 August 2013 04:43 AM
චන්දි, කරුණාව අමතක කරමුකෝ. අඩු වශයෙන් මේ ගොල්ල දන්නවද "ජ්‍යෙෂ්ඨත්වය" කියන්නේ පත්වීම්/උසස්වීම් වලට එක සුදුසුකමක් විතරයි කියලා. ඔය කියන ජ්‍යෙෂ්ඨතම පුදගලයට වඩා අධ්‍යාපනය, පළපුරුද්ද ආදී අනික් සුදුසුකම් අතින් වැඩි අපේක්ෂකයෝ ඉන්න බැරිද? ඔයා කියනවා වගේ කට්ටිය එකතුවෙලා ගිලන්රථ කුණු ලොරි බවට පත්කරන්න හදන බවයි පේන්නේ. (නදී)
සරත් අතාවුද Friday, 16 August 2013 04:49 AM
අනේ අසරණ ලෙඩ්ඩු.(නදී)