ජ්‍යෙෂ්ඨත්වය මත නොච්චියාගම රෝහලේ ගිලන් රියදුරු පත්වීම නොකළැයි ද, එයින් තමාට අසාධාරණයක් වීයැයි ද කියමින් වහළට නැග විරෝධතාවයක යෙදුණු කේ ජී විජේරත්න මහතාට සහාය දක්වමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය ආයතන ගිලන් රථ රියදුරෝ අද සවස 4.00 සිට වර්ජනයක් ඇරැඹූහ.
සිකුරාදා (16) විසඳුමක් නොලදහොත් පොළොන්නරු දිස්ත්‍රික්කයද වර්ජනයට කැඳවන බව උතුරුමැද සෞඛ්‍ය සේවා රියදුරු සංගමයේ ලේකම් කේ පී ධර්මපාල මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ බොරු නැතුව එන්න ඔක්කොම එක්ක ඔය වාහන ටිකත් අරගෙන ඡන්ද වැඩ වලට උදවුවක් කරන්න (නි)
පුද්ගලික දේවල් වලට ලෙඩ්ඩු උකසට ගන්න අයට ඔය රැකියාව හරියන්නේ නැ. උතුම් රැකියාවක් කරන්න පුළුවන් වන්නේ අප්‍රමාණ කරුණාවක් තියෙන මිනිසුන්ටයි , ගිලන්රථ කියන්නේ නගර සබාවේ කුනු අදින ලොරි කියල නොසිතන්න , රජයේ සේවකයෝ සියලුදෙනාම අදින්නා දානයයි කරන්නේ, ගන්නා වැටුපට සේවයකුත් කරලා පිනකුත් කරගන්න වාසනාව උදාවේවා.(නදී)
අනේ චන්දි බොරු බක පණ්ඩිතකම් කතා කරන්න එන්නේ නැතුව ඉන්න. (නි)
මධුෂ, ඔබ හරි. මේ අය කතා කරන්නේ ඒ මිනිස්සු ගැන දන්නේ නැතුව මෝඩයෝ වගේ. දකින දේ බලලා කතා කරන එක වැරදියි. (නි)
චන්දී, මම ඔයාගේ කතාව සම්පුර්ණයෙන්ම අනුමත කරනවා. හිතක් පපුවක් තියෙන කෙනෙක් කොහොමද ලෙඩ්ඩුන්ව අමාරුවේ දාලා මේවගේ දේවල් කරන්නේ? මම ඉන්න රටේ නම් මේ වගේ දෙයක් වුණහම සෞඛ්‍යය දෙපාර්තුමේන්තුවේ වැඩකරන අය ස්ට්‍රයික් කරන්නේ නැහැ. ඒ අය තමන්ටත් ඉහලින් තමා ලෙඩ්ඩුන්ව තියන්නේ. තමන්ගේ ආත්මෙටත් පිනක් වෙන්නේ හිත හොඳින් වැඩක් කළහම තමයි හොද (නි)
චන්දි, කරුණාව අමතක කරමුකෝ. අඩු වශයෙන් මේ ගොල්ල දන්නවද "ජ්‍යෙෂ්ඨත්වය" කියන්නේ පත්වීම්/උසස්වීම් වලට එක සුදුසුකමක් විතරයි කියලා. ඔය කියන ජ්‍යෙෂ්ඨතම පුදගලයට වඩා අධ්‍යාපනය, පළපුරුද්ද ආදී අනික් සුදුසුකම් අතින් වැඩි අපේක්ෂකයෝ ඉන්න බැරිද? ඔයා කියනවා වගේ කට්ටිය එකතුවෙලා ගිලන්රථ කුණු ලොරි බවට පත්කරන්න හදන බවයි පේන්නේ. (නදී)
අනේ අසරණ ලෙඩ්ඩු.(නදී)