ලොව අංක එකේ ක‍්‍රීඩිකාවන් පරදවමින් ලෝක ශූරතා ජ්‍යෙෂ්ඨ බැඩිමින්ටන් තරගාවලියේ වයස අවුරුදු 35න් ඉහළ කාණ්ඩයේ රන් පදක්කම දිනාගත් චන්ද්‍රිකා ද සිල්වා කැනඩාවේ සිට කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියාය. මෙරට ජ්‍යෙෂ්ඨ බැඞ්මින්ටන් ඉතිහාසයේ ඉහළම ජයග‍්‍රහණය මෙයයි. ශ්‍රී ලංකාවට ලෝක ශූරතා ජ්‍යෙෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලියකින් රන් පදක්කමක් ලබා දුන් ප‍්‍රථම ක‍්‍රීඩිකාව බවට චන්ද්‍රිකා ඉතිහාස ගත වන බව ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සම්මේලනයේ සභාපති පරාක‍්‍රම බස්නායක මහතා පැවැසීය. කැනඩාවේ බි‍්‍රට්ෂ් කොලොම්බියා ප‍්‍රාන්තයේ ඔලිම්පික් ඕවල් ක‍්‍රීඩාංගනයේ දී ඇය ඉන්දියාව හා කැනඩාව පරදවා අවසන් වටයට තේරී කැනඩාවේ චාමනී රිචඞ් පරාජය කළ ඇය අනුරාධපුරයේ ඉපිද ස්වර්ණපාලි බාලිකාවෙන් අධ්‍යාපනය ලැබුවාය.

1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වයස තිස්පහෙන් ඉහළ නම් කෙල්ලක් වෙන්නේ කොහොමද