අනුරාධපුර මහ නගර සභාවේ අද (9) අය වැය සම්මත කිරීම නීතී විරෝධි බවට විපක්ෂය මගින් නාගරික කොමසාරිස්වරයාට හා පළාත් පාලන කොමසාරිස්වරයාට පැමිණිලි කිරීමට තීරණය කළ බව එහි විපක්ෂ නායක ඉන්දික අරුණ කුමාර මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් කියි සිටී.
එම සභාව පෙරවරු 10 ට රැස්වන බව දැනුම් දී තිබුනත් ඊට විනාඩි පහකට පෙර රැස්ව එය සම්මත කැර ඇති බව ද ඔහු කීවේය.
‘අපි සුදානමින් සිටියේ රහස් ඡන්දයක් ඉල්ලන්න.මොකද ආණ්ඩුවේ අයද අපට සහාය දෙන්න කතාකර තිබුණා.එසේ කරයි කියා බයෙන් තමයි කල් ඇතිව සභාව රැස්වෙලා තියෙන්නේ.
අපි පැමිණෙන විට අය වැය සම්මත කැරගෙන අවසන් මේ ගැන අපි දැඩි විරෝධය පළ කරනවා.නීතීමය ක්‍රියා මාර්ගයක් ගන්නවා යැයිද අරුණ කුමාර මහතා පැවසීය.
එහෙත් නගරාධිපතිවරයා කියා සිටියේ විපක්ෂ නායකවරයා හැටියට ද කල් ඇතිව සිය කණ්ඩායම සමඟ එක්ව කටයුතු කිරීමේ වගකීම පැහැර හැර ඇති බවකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිව්ව වේලාවට පටන් ගත්තනම් ඉවරයිනේ. (ස)
ආණ්ඩුවේ වැටීම ලගයි. හැම තැනම අය වැය පැරදුනා. මෙහෙත් පරදියි කියලා බයේ පොඩි ජිල්මාට් එකක් දාල තියනවා. මොනා කරත් පරදින දවසට පරදිනවා.(නදී)
ගිලෙන කෙනා පිදුරු ගහෙත් එල්ලෙන්න හදනවා (නි)
අපි බලමු අධිකරණයේදී මොකද වෙන්නේ කියලා. (නි)