‘මිනිස් සත්ත්ව ඉතිහාසයේ හෝමෝ ඉරෙක්ටස් වැන්නන්ට දෙපයින් හිටගන්න බෑ. කථා කරන්න භාෂාවක් තිබුණේ නෑ. මේ සත්ත්වයෝ දියුණුවෙලා ආබාධ රහිත හා ආබාධ සහිත ලෙස වර්ග වෙලා ඉන්නවා. කොහොම වර්ග කළත් හැමෝටම කුමක් හෝ ආබාධයක් තියෙනවා. පුංචි දේටත් තරහ යාම, චංචල වීම, බිය වීම වගේ දේවලුත් ආබාධ‘ යැයි සමාජ සවිබල ගැන්වීම් හා සුබ සාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේදී ආබාධිත දරු දැරියන් සහභාගීවූ ‘සිත් රූ 2015‘ සංස්කෘතික උළෙලට එක්වෙමින් පැවසීය.
‘මම දැක්කා දෘශ්‍යාබාධිත, ශ්‍රව්‍යාබාධිත, කථනාබාධිත වගේම විවිධ මානසික ආබාධ ඇති දරුවන් ඇඳපු චිත්‍ර. ඒ ඒ දරුවට තිබෙන ආබාධය ඒ චිත්‍ර යටින් ලියලා තිබුණා. ඒ චිත්‍රවල තිබුණේ පුදුම ලස්සනක්. ඒවා බැලුවම ඇත්තටම ඔවුන්ද ආබාධිත නැත්නම් අපිද කියලා හිතෙනවා‘ යැයිද ඇමැතිවරයා කීය.
කැටවල, සීදූව, මහරගම, මාදම්පේ, තෙළඹුයාය, අමුණුකුඹුර, වත්තේගම, පුවක්පිටිය වැනි විවිධ ආබාධ සහිතවූවන් රැකබලා ගන්නා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල වෙසෙන දරු දැරියෝ එම උත්සවයේදී නර්තන, ගායන, නාට්‍ය හා අභිරූපන රංගන ඉදිරිපත් කළහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ඉරෙක්ටස්" කියන ලතින් (ඉංග්‍රීසි) වචනයේ තේරුම දන්නෙ නැද්ද? (නි)
මෙයා මොනවාද මේ කියන්නේ...? හෝමෝ ඉරෙක්ටස්ට කකුල දෙකෙන් හිටගන්න බැහැලු. ඔය මානවයාට හොඳින් දෙපයින් හිටගන්න පුලුවන්නේ. නමුත් එයා හොමෝ සේපියන්ස්ට සාපේක්ෂව ටිකක් "කුදු "යි. (නි)
සමහරුන්ගේ ආබාධ නම් ඔලුව ඇතුළෙයි තියෙන්නේ. (නි)
පොඩි නෙමෙයි ලොකු ආබාධ තිබෙන අයත් ඉන්නවා (නි)
"ඉරෙක්ටස්" කියන වචනයේ තේරුම බලන්න. දෙපයින් නැගීසිටින හින්දනේ ඒ නම දාලා තියෙන්නේ. (නි)
ඇමතිතුමාට දැන්නම් හොඳහැටි තේරෙනවා (නි)
පොඩි පොඩි ආබාධ කෙසේවෙතත් ලොකු ලොකු ආබාධ තිබෙන සමහර උදවිය ඉන්න එක නම් රටට ලොකු ප්‍රශ්නයක්. (නි)
හරිම ලස්සනයි (නි)
සියලු සත්වයෝ උන්මත්තකයෝ කියනවනේ! (නි)
මෙතුමාගේ තිබෙන ආබාධ වලට වලට නම් බෙහෙත් නැහැ (නි)
ඔබට යම් ආබාධයන් තිබුණු නිසා ජනතාව ඔබව ගෙදර ඇරියා. (නි)
මේවා බැලුවහම ආබාධ තිබෙන්නේ අපිටද කියලා හිතෙනවා"... (නි)
වෙන රටක නම් ඔයවගේ කතා වලට කියන්නේ " discrimination " කියලා. නොදන්නා කමට කීවද දන්නේ නැහැ. හැබැයි අපිට නම් පොඩි පොඩි නොවෙයි ලොකුම ආබාදය තිබුනා. (ර)
දෘශ්‍යාබාධිත දරුවෙක් ලවා චිත්‍රයක් ඇන්දවීමෙන් ඇස්පෙනෙන මිනිසුන් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි නොදනිමි. ශ්‍රව්‍යාබාධිත දරුවෙකු ඉදිරිපත් කරන සංගීතයෙන්, වාදනයෙන් එසේ නොවන මිනිසුන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? (ර)
හොඳ වැඩසටහනක්.(හේ)
ඇමැති තුමා කියන දේ ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න.(හේ)
මෙතුමාගේ වචන උච්චාරණයට මම හරි කැමතියි. (නි)