
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අපිට එක තැනක් වැරදුනා, මම ඒක එදත් කිව්වා අදත් කියනවා. ඒ තමයි කිසිදා දේශපාලනය නොකරපු ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂක ලෙස පත් කිරීම යැයි ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.
ඒ වැරැද්දෙන් පස්සේ අපි පක්ෂය ඇතුළේ ස්වයං විවේචනයකට ගිහිල්ලා, ඒ වෙච්ච වැරැද්ද කවදාවත් කරන්නේ කරන්නෙ නෑ කියන තීන්දුවකට අපි ආවා. දේශපාලනය නොකරපු කෙනෙක් අපේ ජනාධිපති අපේක්ෂකයා කරන්නෙ නෑ කියන තීන්දුවකට අපි ආවා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපි සතුටු වෙනවා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කරපු එක ගැන පොලිම් ටික නැතිවෙලා විදුලිය කපන්නේ නෑ බඩු මිල අඩු වෙනවා අද රට යම් ස්ථාවර භාවයකට පැමිණ තිබෙනවා. පොදුජන පෙරමුණු බණ්ඩාරගම කාර්යාලය විවෘත කිරීමට අවස්තාවට එක් වෙමින් මේ බව පැවැසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කසාද මිනිහ අතහැරලා පොලිස්කාරයෙක් එක්ක ගියේ පුරුදු කාරයෙක් හින්දා වෙන්න ඇති .
සිරිමාවෝ මැතිනිය දේශපාලනයට එනකොට ඔය කියන අත්දැකීම් තිිබුණ ද? නෑ. නමුත් ඇයට හිටියා හොද විශ්වාසවන්ත දේශපාලක වැඩ්ඩො ටිකක්. ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක, එන්. කියු. ඩයස් වගේ. නමුත් ගෝඨාට හිටියේ කවුද? පොහොට්ටු දේශපාලකයො එතුමාට අවශ්‍ය සහාය දුන්නා ද?
ගෝඨා පැන්නුවේ බලය ගන්න, පාස්කු ප්‍රහාරය සහ ගෝඨා සුසංයෝගය නොමැති වුණා නම් ඔබලාට නැවත බලයට එන්න බැරි වෙනවා. නමුත් දැන් සියල්ලම පාරාවළලල්ක් ලෙස කැරකිලා ආපසු එනවා.
ඔයාලා ඔයාලගේ වැරදි හදාගත්තා කියලා රෙදිත් නැතුව ආයේත් ඡන්දේ ඉල්ලනවා. රටට වෙච්ච පාඩුවට කවුද වගකියන්නේ.
එතකොට මහබැංකුව කඩපු හොරෙක් ජනාධිපති කමට සුදුසුයි කියල කිව්වද. කන්න හිතුනම කබරගොයත් තලගොයත් දෙන්නම එකයි කිියන්නෙ ඔ්කට තමයි මැඩම්. ඔයාලද දිව ඔ්නැ පැත්තකට නවන්න පුලුටන් ඔයාලගෙ වාසියට. ලැජ්ජයි..
"තැන" නෙවෙයි නෝනෙ, ඔතෙන්ට එන්න ඕන වෙන වචනයක්. අන්න ඒක නොදී හිටියා නම් ඉවරයි.
අනිත් රටවල ණය ගෙවන්නේ නැතිව නම් මටත් ඔය ජනාධිපතිකම කරන්න පුලුවන්.
ඒකනේ නෝනේ ඔහේලම නේද රනිල්ට රටේ පාලනය ගන්න ඉඩක් නොදුන්නේ ඕකට කියන්නෙ කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නැහැ කියලා ප්‍රභාකරන් හවුල් කරගෙන 2005 දී ලක්ෂ එකහමාරකින් රනිල් පරාජයට පත්කිරීම නිසා නේද රටට මෙහෙම වුනේ කියලා හිතෙනවා ඇතිනේ එදා එහෙම නොකලානම් කියලා හිතුනත් ගිය නුවන ඇතුන් ලවාවත් ගොඩගන්න බැහැනේ එනිසා එතුමාට තවත් කලක් රට කරන්න උදව්වක් දීලා දැන්වත් පැත්තකට වුනොත් හොදයි කියලා තමයි කියන්න හිතෙන්නේ
රටට වැරදුනේ තොපිට තැන දීම නිසයි. ජපානය වැනි රටවල දේශපාලනය මොන තරම් විනය ගරුකද? අපේ සල්ලි වලින් ගත්තු සැප වාහන වලින් බැහැලා තොපිත් අවුවේ තැම්බි තැම්බි ලේලන්ඩ් ලොරි බස් වල පලයල්ලා.
කාටද කියන්නේ. තොපි තමයි ගෝඨා ගෝඨා කියලා ගෙනාවේ. ඒ මිනිහව බිල්ලට තියලා දැන් බේරෙන්න දඟලනවා.
වැරදුනෙ හොරකම දූශනයට මුල්තැන දීල රට සල්ලි ගසා කෑ හින්ද ඒක ඝෝට පිට පටවල ඇඟ බෙරගන්න හදන්න එපා.
උඹලට එවෙලෙ ඔනෙ උනේ රටට නායකයෙක් නෙමි බන්. උඹලට බලේ ඉන්න, බලේට එන්න පුලුවන් ඔන එලුවෙක්ව උඹල එවෙලේ පත් කර ගන්නව. එකයි...ඝෝටව පත් කර ගත්තෙ. උඹලව හිතුව මහින්දට එන්න බැරි නම්, ඝෝට ගෙන් හරි බලේට එනව කියල..
ගෝඨාභයට වැරදුනේ මේ වගේ ගොන් කෑලි ලංකරගත්ත නිසා
ගොට ජනපති උනු එකෙන් තමා කොවිඩ් හැදිල මිනිස්සු ලක්ශයක් විතර මැරෙන එක නැවතුනෙ. වැරදුනෙ, අවුරුදු 5න් කරන්න හිටපු කාබනික ගොවිතැන මාස 6න් කරන්න පුලුවන් කියල උපදෙස් දීපු ගොවිතැන ගැන මෙලෝ හසරක් නොදන්න බක පන්ඩිතයො නිසා. අනෙක කපුට වගෙ හොරෙක්ව සම්බන්ද කරගැනිම. එකෙන් වර්ජනය කරන්න බලාගෙන හිටපු උන්ට අවශ්‍යය වටපිටාව හැදුන.
කපටි රජාලට වැරදෙන වැරදෙන පාරට ජනතාව පළි. ඇයි ඒ කාලේ අති ගරු ගගා බඩ ගෑ බව පෙන්නුම් කලේ මායමටද?
අපට සහ රටට වැදුනේ තොපිට තැන දීපු නිසයි.
වැරදුනේ තොපිට නොවෙයි බං තොපි විශ්වාස කරල පුටුවට බුලත් කොලේට පොහොට්ටුවට කතිරෙ ගහපු එවුන් නිසා සමස්ථ ලංකාවට තමයි
රට වනසපු තවත් කෙනෙක් තමයි මෙයා.
පො. පේ කාර්‍යාලය විවෘත කලාම ඒක හෙන වැදගත් ප්‍රවෘත්තියක්ද? බලන්න,