සෞද් අරාබියේ දී ගල් ගසා මරා දැමීමට නියම වූ කාන්තාව වෙනුවෙන් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයය කිසිවක් නොකළ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව සෞදි ශ්‍රී ලංකා තානාපති අස්මි තාසිම් මහතා කියයි.
එම කාන්තාවගේ දඬුවම් ලිහිල් කර ගැනීමට තානාපති කාර්යාලයය විශාල කාර්යයක් කළ බව ද ඔහු පවසයි.
ඇය වෙනුවෙන් කිසිත් නොකළ බවට සමාජ ජාල වෙබ්අඩවි ඔස්සේ ද්වේෂ සහගත ප්‍රචාර ගෙන යන බව ද ඔහු සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාකරලා වැඩක් නැහැ තානාපති කෙරුවාව. ලංකාවේ රජයේ කාර්යාලයකට ගියාම දක්වන සැළකිලි දන්නවනේ හැමෝම. ලංකාවේදී එහෙමනම් පිටරටකදී කවර කතාද? දුරකථන ඇමතුමකට උත්තර දෙන්නෙත් බොහොම අමාරුවෙන්. ඇමතිතුමියනි, කරුණාකර ඔබගේ අවධානය යොමුකරන්න (නි)
ගල්ෆ් රටවල තානාපති කාර්යාල ගැන කතාකරලා වැඩක් නැහැ (නි)
තමන් නිවැරදි නම් කලබල වෙන්න දෙයක් නැහැනේ (නි)
මම අහන්න කැමතියි මෙයාලා මේ කතාකරන්නේ රෙදි ඇඳගෙනද කියලා. අඩුතරමේ අර මනුස්සයා වෙනුවෙන් පෙනීසිටියේ කුමනාකාරයේ කෙනෙක්ද කියලාවත් නොදන්නා තානාපති කාර්යාල! (නි)
අපි නොදන්නා තානාපතිලා (කෞ)
මම වේද කරන්නෙත් අරාබි රටකයි. අපිට මේ ප්‍රශ්නයක් එති වුණාම අපි තානාපති කාර්යාලයට යනවා. බොහෝ විට ඒගොල්ලෝ අපිට උදවු කරන්න පුළුවන් වුණත් උදවු නොකර ඉන්නයි බලන්නේ. ඒ අපේ රටේ අයගේ හැටි වෙන්න එති මම හිතන්නේ. (ම)
අපි නොදන්න චෙස් "විශේෂයෙන්ම ගල්ෆ් රටවල තානාපතිලා ගේ කෙරුවාව (බ)
අනේද කියන්නේ? මේ ගොල්ලන්ගේ කෙරුවාව ගැන අපි නම් හොඳට දන්නවා. (නි)
පසුගිය රජය සමයේ තානාපති සේවය දේශපාලනීකරණය වූ බව නොරහසක්. දැන්වත් එය නිවැරදි කිරීමට පියවර නොගන්නේ ඇයි? (නි)