(එෆ්.අස්ලම්)
ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී තීරණය කිරීමට පළමුව එම පක්ෂය සමගින් එක්ව සිටින සුළු පක්ෂවල මතය විමසීමට අග්‍රාමාත්‍යවරයා විසින් තීරණය කර ඇත.
ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් සුළු පක්ෂ දරන ස්ථාවර සහ ඔවුන්ගේ යෝජනාවන් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අගෝස්තු 5 වැනි දා දිනයේම මෙම සාකච්ඡාව කැඳවා ඇතැයි සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරන එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල්ලා මහ්රූෆ් මහතා පැවසීය.
මේ අනුව සමස්ත ලංකා මහජන කොංග්‍රසය වන තම පක්ෂයේත් ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසය,දෙමළ ප්‍රගතශීලී සන්ධානය සහ ජාතික හෙළ උරුමය යන පක්ෂවල නායකයින් හා නියෝජිතයින් මෙම සාකච්ඡාවට කැඳවා ඇතැයි ද මන්ත්‍රීවරයා කීය.
එක්සත් ජාතික පෙරමුණේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් තෝරාපත්කර ගන්නා ජනාධිපති අපේක්ෂකයා හට සමස්ත ලංකා මහජන කොංග්‍රසය සහාය ලබාදෙන බවත් සියළු පක්ෂවල එකඟත්වය හා කැමැත්ත මත ජනාධිපති අපේක්ෂකයකු තෝරාපත් කරගත යුතුව ඇති බවත් කීය.
එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරි ජනපතිවරණ අපේක්ෂකයා ගැන කතිකාවක් නිර්මාණය වී ඇති නමුත් එම පෙරමුණේ සාමාජිකත්වය දරණ සමස්ත ලංකා මහජන කොංග්‍රසය ඒ පිළිබඳ කිසිදු තීරණයක් මේ වනතෙක් ගෙන නොමැති බවත් මහ්රූෆ් මහතා කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දේසියක තියලා මේ පාරත් දෙන්න හදන්නේ..... රටට හෙන ගැහුවත් කමක් නෑ.... බලය ලැබෙනවා නම්...
ඔව් ඔවුන්ගේ ඡන්දවලින් හරි බලයට ඇවිත් තම සුඛවිහරණය උදෙසා රටම වනසන්න පුලුවන්නේ...
කොන්දක් තියේ නම් කාගෙවත් පස්සේ යන්න ඕනේ නැහැ. කාටවත් කියකියා එන්න ඕනේ නැහැ. කෙලින්ම නම කියලා දාන්න. සුළු පක්ෂ අස්සේ රිංගන්නේ අහවල් එකකටද?
ජනාධිපති අපේක්ෂකයා ඔබ නම් එජාපයේ අවසානයද වනු ඇත. මේ තරම් පාක්ෂිකයන් තුළ අප්‍රසාදයට පත්වූ අයෙක් තවත් නැත. දැන්වත් සජිත්ට ඉඩදීලා පැත්තකට වෙලා ඉන්න. බල්ලා පිදුරු කන්නෙත් නැහැ. කන එකාට දෙන්නෙත් නැහැ... කියලා දාලා බන්දේසිය පිටින්ම දීලා දාන්න හදන්නේ..
තමන්ට ඉල්ලන්න බැරිනම් වෙන මනුස්සයෙක්ට ඕක දීලා යනවකෝ... 1994 සිට රටේ පක්ෂ නායක. දෙසැරයක් ජනාධිපතිවරණ පරාදයි. දෙසැරයක් වෙනඅය දාලා ඇඟ බේරාගත්තා. මැරෙනතුරු නායකයා වෙලා ඉන්න වගේ හදන්නේ...
නොදකින් මේවගේ පංචස්කන්ධ කෙසේ හෝ රට පවා දෙන්නෙමි යන මුග්ධ න්‍යායෙන් වැඩකිරීමට සැදී පැහැදී සිටින හැටි....අම්මපා ඔය ගොන් අලි පක්ෂේ නැද්ද එකෙක්වත් කොන්ද පණ තියෙන මේ බුරුවට විරුද්ධ වෙන්න ...
ඊට කලින් පක්ෂයේ සාමාජිකයින්ගෙන් අහල බැලුවොත් නරකද කාටද වැඩි මනාපයක් ඇත්තේ කියල ? අවුරුදු තුන හමාරකට ඉස්සර හිටිය හැට දෙලක්ෂයෙන් වැඩි දෙනෙක් මාධ්‍ය මඟින් මොනවා ප්‍රචාරය කලත් රටතුළ පවතින යථා තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් ඇති උදවිය නිසා තවම එහෙ මෙහෙ වෙලා නැතුව ඇති. මතකනේ දවස් 52 කේ නාඩගම කාලේ රටේ ගොඩ නැඟුන වාතාවරණය? එක යුද්ධය අවසන් කල කෙනෙකු කෙරෙහි ඇතිවූ ඇල්මක් සම්බන්ධ දෙයක් නෙවේ. අසාධාරණ තීන්දු තීරණ වලට එරෙහිව ජනතාව තුළින් පැනනැගුන විරෝධයක්. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැතුව ඈලි මෑලි දුබල ගතියෙන් හිටිය නිසා තමයි අනිත් කණ්ඩායම් ගොඩ ගියේ.
ආසයි, බයයි නේද?