ශ්රී ලංකා යුද හමුදාව අද යුද හමුදාවක් නොව සාම සාදක හමුදාවක් බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩි කුරේ මහතා පැවසීය.
යුද හමුදාවේ ශ්‍රම හා මූල්‍ය පරිත්‍යාගයෙන් ඉදි කළ පූනරින් නාලංකටිටි පූනරීන් ශ්‍රී විග්නේෂ්වරා මහා විද්‍යාලයේ නව ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ උත්සවයක ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ඔහු එලෙස කීවේය.
‘‘ජනාධිපතිවරයාගේ නියෝජිතයා හැටියට උතුරේ ජනතාව සමග සමීප මිත්‍ර සබදතාවක් ගොඩනැගීම මගේ යුතුකමයි. ඒ කාර්යයට ඔබ දී ඇත්තේ විශාල සහයෝගයක්. මගේ යුතුකම උතුරෙත් දකුණෙත් දෙමළ සිංහල ජනතාව අතර සමගියක් ගොඩනගා එක්සත් ශ්‍රී ලංකාවක සහෝදරයින් බවට පත්කිරීමයි.
අතීතයේ සිදුවූ සියලුම දැ අමතක කර අනාගතයට පිය නැගිය යුතුයි. පරණ වෛරය ක්‍රෝධය වලින් අතීතය විග්‍රහ කිරීම නතර කරමු.‘‘



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම කාලෝචිතයි. උතුරෙත් දකුණෙත් දෙමළ සිංහල ජනතාව අතර සමගියක් ගොඩනගා එක්සත් ශ්‍රී ලංකාවක සහෝදරයින් බවට පත්කිරීමට කුමක් කරන්නද හිතාගෙන ඉන්නේ? (නි)
විග්නේශ්වරා විද්‍යාලයේ වැඩක් වුණත් විග්නේශ්වරන් පෙනෙන්න නැහැ නේද? (නි)
රෙජිනෝල්ඩ් කුරේ ආණ්ඩුකාරතුමාගේ කාලෝචිත දේශනය ඉතා වැදගත්. (නි)
බොහොම හොඳ වැඩක්. (හේ)
ඔය තියෙන්නේ නියම වැඩ සහ නියම කතා. (හේ)
මානුෂික මෙහෙයුමේදී රට නිදහස් කරගත් ඔබ, අද අපේ සහෝදර දෙමළ ජාතික දූ දරුවන්ට පාසලක් ඉදිකර ජාතින් අතර සංහිඳියාව ඇති කිරීමට කළ කැපවීම ගැන ආඩම්බරයි (නි)
හොඳ කාලෝචිත කතාවක් ඔය මතය උතුරේ ජනතාවට පැහැදිලි කිරීම ඔබගේ වගකීමක් උතුරු පළාත් ආණ්ඩුකාරයා හැටියට.(හේ)
මේක බටහිර රටවල ඉන්න අයට පෙනෙන්නේ නෑනේ. (හේ)
මෙතුමාට පළමුව මගේ ප්‍රණාමය !!! (හේ)
කාලෝචිත ක්‍රියාවක්. ඔබතුමා වැනි අය අනෙක් අයටත් වැදගත් පණිවිඩයක් දුන්නේ. (හේ)
එ්ත් ඔය ගොඩනැගිලි තුලම ඉගැන්වෙනුයේ වෙනම පාලනය, පිරුබාගේ වීරකම්, හමුදාව යුධ අපරාදකරුවන් වැනි මනස්ගාත වගේ දේවල් නොවේද? (බ)
මේව කරපුවාම වෙන්නේ රට බෙදන්න බැරුව යනවා ඒක නිසා තමයි ලොකු කොටියෝ එකක් වත් එන්නේ නැත්තේ. (බ)