IMG-LOGO

අපි විරහව විඳින්න අහන්න කැමතියි

2016-05-06-ent-88

2016-05-06-ent-87"පෙම් සිහිනේ" ගීතය පසුගිය වර්ෂයේදී බොහෝ රසික සිත්වල රැඳුණු ගීතයක් බවට පත්විය. එය ගායනා කරන ප්‍රදීප් රංගන විසින් මෑත කාලයේ එළිදැක්වූ "මා යාවී" ගීතය පිළිබඳව බොහෝදෙනාගේ කතාබහට ලක්වූයේ එය පවතින රැල්ලෙන් මිදුණු ගීතයක් වීමත් සමගිනි. මේ "මා යාවී" පිළිබඳව ප්‍රදීප් "සාරවිට" අපත් සමග දොඩමලු වූ ආකාරයයි.

"මේ දවස්වල ප්‍රධානම මාතෘකාව තමයි "මා යාවී" ගීතය. දැන් ඒක එළිදක්වලා මාසයක් විතර වෙන්නේ. ඉතිං ඒ සඳහා ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙනවා. ඒක තමයි අලුත්ම නිර්මාණය විදිහට සංගීත පැත්තෙන් තියෙන දේ. සංගීත පැත්තෙන් පොඩි වෙනසක් කරලා තියෙනවා කියලා විශ්වාස කරනවා. ගොඩක් කට්ටිය අහන දෙයක් තමයි පළවැනි ගීතය එළිදැක්වූවායින් පස්සෙ ඊට හාත්පසින්ම වෙනස් ආකාරයෙන් දෙවැනි ගීතය කරන්න හේතුව මොකක්ද කියලයි.

මේ සඳහා හේතු කිහිපයක් තියෙනවා. මම දැකලා තියෙන පළවෙනි ගීතයෙන් ඉහළ ප්‍රසිද්ධියක් ලබාගෙන ඊළඟට නිර්මාණය කරන ගීතයත් ඒ වගේ තවත් ගීතයක්. දුකෙන් දුකට පත්වන ගීතයක්. එහෙම නැතුව මෙහෙම කිව්වොත් විරහවෙන් විරහවට පත්වෙන ගීතයක්. මෙතන එහෙම නෙමෙයි සමාජීය පණිවුඩයක් දෙන ගීතයක් තමයි නිර්මාණය වුණේ. "පෙම් සිහිනය" ගීතය කළාට පස්සේ. ඒ ගීතය ප්‍රසිද්ධ වූ කාලේම මගේ හිතට ආවා මේ ගීතයේ දෙවැනි ගීතයක් කරන්න ඕනා කියලා. මොකද මේ දෙවැනි ගීතය තුළින් කියන්නෙම සම්පූර්ණම අද කාලයේ සහ මෑතකාලීනව මම දන්නේ නැහැ ඒ වගේ ගීතයක් වෙලා තියෙනවාද කියලා. ආදරයෙන් පරාජය වෙලා ජීවිතය පරාජ කරගන්න එපා. ජීවිතය ජයග්‍රහණය කරගන්න කියලා ධනාත්මක දැක්මක් තුළ එන ගීතයක් මට ඇහිලා නැහැ. අපි ගායන ශිල්පීන් විදිහට අපිට ඒ සම්බන්ධයෙන් වගකීමක් තියෙනවා කියලා හිතනවා. මම වෛද්‍යවරයෙක් විදිහටත් විශ්වාස කරන දෙයක් තමයි සමාජයට යම් පණිවුඩයක් දෙන්න ඕන කියන දේ.

විරහ ගීත කියන එක නරක නැහැ. අපි විරහව විඳින්න අහන්න කැමති. නමුත් එකම දේ නෙමේ විය යුත්තේ. ඒ ගීතය තුළින් කියන්නෙ සංගීතය ආදරය කරපු තරුණයෙකුට වංචනික ලෙස ආදරය කරපු තරුණියක් එයාව දාලා ගියාට පස්සෙ මානසික ආතතියට පත්වෙන් රෝගියෙක් වෙනවා. ඒ කතාවේ තියෙන්නෙ ඒකනේ. මානසික රෝගී තත්ත්වයෙන් මිදුනට පස්සෙ ඔහු නිවැරදි මාර්ගයේ යනවා. ඔහු ඒ ආදරයෙන් ලබපු පරාජය තුළින් ජීවිතය විඳවන්නේ නැහැ. අපේ සමාජයේ එවැනි ගොඩක් දේවල් තියෙනවනේ.

ආදරයෙන් පැරදිලා ඉවර වෙලා. ජීවිතය විනාශ කරගන්නවා. එහෙම නැත්නම් ඒ ආදරය කරපු තරුණයාට හෝ තරුණියට වෙන කරදරයක් කරනවා. ඇසිඩ් ගහනවා, නැතිනම් තමන්ගේ ජීවිතය විනාශ කරගන්නවා. එහෙමත් නැතිනම් දෙන්නම ගිහින් ජීවිතය විනාශ කරගන්නවා. ඒ දේවල් අතරින් සමාජයට පණිවුඩයක් දෙන ගීතයක් තමයි "මා යාවී" කියන ගීතයෙන් කියන්නේ. ඒ ධනාත්මක බව මේ තාරුණ්‍යයට දිය යුතුයි. ඒ විදිහට බිහිවෙන පළවෙනි ගීතය මේක."

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - චානුක කුලසේකර

 

2016-05-06-ent-83
2016-05-06-ent-84
2016-05-06-ent-85
2016-05-06-ent-86

 



අදහස් (0)

අපි විරහව විඳින්න අහන්න කැමතියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 609 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 337 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site