ත්‍රස්තවාදී පනත යටතේ රඳවාගෙන සිටින කොටි සාමාජිකයන් අද නිදහස් කිරීමේ වැඩපිළිවෙළක් වර්තමාන ආණ්ඩුව ආරම්භ කර ඇති බවත් මහින්ද රාජපක්ෂ හිටපු ජනපති කාලයේ 12000 ක් අපි පුනරුත්ථාපනය කළ බවත් හිටපු ඇමැති ජී.එල්.පීරිස් මහතා අද බොරැල්ල එන්.එම්.පෙරේරා කේන්ද්‍රයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී පැවසීය.
‘ඒ හිටපු 235 අතර ඉතාමත් බරපතල හේතු තිබුණා ඔවුන් රඳවාගෙන ඉන්න. දැන් ඒ අයත් නිදහස් කරනවා මේ ආණ්ඩුවෙන්‘ යැයිද පීරිස් මහතා කීවේය..
ඡායාරූප - ශාන්ත රත්නායක
වීඩියෝ - ශාන්ත රත්නායක/ අතුල දේවප්‍රිය


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිලිප්, ඔයා කොහෙද කොටි ඉන්න කාලේ හිටියේ.? (ර)
මෙතන නිදහස් වීමක් වෙලා නැහැ නේද? ඇප මත මුදා හැරියා කියන්නේ සම්පුර්ණ නිදහස ලැබුනා කියන එකද? (ර)
කේ පී කරුණා පිල්ලෙයාන් වගේ නායකයෝ එළියට දැම්මේ උන් බබාලද උන්ගේ බලකිරීමට යුද්ද කරපු එවුන් හොද නැහැ උන් හොදද? යකාගේ කතාවක්නේ මේ කියන්නේ (බ)
මෙතැන ඉන්න ගොඩක් මිනිස්සුන්ට දැන් පාහර කොටි හොඳයි , බලාගෙන ඉන්න දිලිප් නිදහස් කරපු අයගෙන්ම උත්තර හම්බවේවි. (බ)
මෙතන වැඩි දෙනා අදහස් දන්නේ අපේ රටේ යුද්ධයක් තිබුනා කියලවත් මතක නැති විදිහටයි. යථාර්ථය දැනෙනවිට ඔබතුමන්ලා ප්‍රමාද වැඩිවෙන්නට පුළුවන් (නි)
ඔයාල ඔහොම කරන්න ගිහින් තමයි ඔක්කොම අනාගත්තේ.දේශපාලනය කරනවානම් ඔයිට වඩා බුද්ධිමත් විය යුතුයි ලෝකයා සමග සුහදව ගනුදෙනු කරද්දී. (බ)
වීරේ මොකද බුදි? (ස)
එහෙම කාටත් ඕනි විදිහට රඳවාගෙන ඉන්න බෑ මනුස්සයන්ව. නඩු අහල එක්කෝ දඩුවම් දෙන්න ඕන. නැත්නම් නිදහස් කරන්න ඕන. මෙයාල කලේ කරුණා පිල්ලියාන් වගේ අය එළියේ තියාගෙන ඇමති පදවි දීලා අර අහිංසක අය ඇතුලට දැම්මා. (ස)
මොනවද මේ රඳවාගෙන ඉන්නවා කියන්නේ. බරපතල චෝදනා තිබුනානම් ඒවා ඉදිරි පත් කරලා නඩු දැම්ම නම් ඉවරනේ. මෙගොල්ලනේ උවමනාවට නිකන් මිනුස්සු රඳවාගෙන ඉන්නේ කොහොමද? (ස)
රනා මුලින්ම ඔයා කියන්න ඔයා කොහෙද හිටියේ කියලා මේ කට්ටිය කොටි හුරතල් කරද්දී පසුගිය කාලේ.(අ)
"සිරකරුවෝ ද මනුෂ්‍යයෝය" යනුවෙන් බන්ධනාගාර ඉදිරිපිට විශාල පුවරුවක් ඇත.සදාකාලිකව සිරකර තැබියද නොහැක. එක්කෝ ඔවුන්ව පුනරුත්ථාපනය කළ යුතුයි. නැතිනම් නිසි දඩුවම් ලබා දිය යුතුයි. මෙවන් දේ හරහා දේශපාලන වාසි ලබා ගැනීමද නොකළ යුතුයි. රටක පවතින අනුමත නීති රාමුව තුල කටයුතු කළ යුතුය.එයට විරුද්ධව අදහස් ප්‍රකාශ කළ නොහැකි විය යුතුය. ඒ නිතිය සැවොම එක සේ ගරු කළ යුතු නිසාත් හැල්ලුවට ලක් නොවිය යුතු නිසාත්ය. ජනතාව අතර එමගින් විශ්වාසය ගොඩ නැගීම තුළ නීතියට ගරු කරන සමාජයක් බිහි වන බැවිනි.(ම)
හිරකරගෙන හිටියේ බිත්තර දාන්නද ? (බ)
දිලිප් ඔය මුකුත් නැහැනේ මෙයාල කරපු වැරදි අරන්තලාවේ භික්ෂු ඝාතනය අමතකයිද? අනුරාධපුර ඝාතනය අමතකයිද? නිදහස් කළේ මහත්තයෝ නිකන් නෙමෙයි. නැවත යුද්ධයක් ආවොත් අගමැතිට වාසියි ඒ නිසයි නිදහස් කළේ. හිඟන්නාගේ තුවාලේ වගේ තියාගෙන පිටරටවලින් ඩොලර් සොයන්න පුළුවන්නේ (බ)
එතකොට හොර ගමන් බලපත්‍ර තියෙන අය නිදහස් කළ යුතුද ? ඔවා දෙනු පරහට - තමා සම්මතයේ පිහිටා සිට (බ)
සහතික ඇත්ත දිලීප්. අවරුදු පහළොවක් විතර කිසිම චෝදනාවක් නැතුව රිමාන්ඩ් කරලා ඉන්න මිනිස්සුන්ව නිදහස් කලාම මොකද වෙන්නේ... (ම)
රතන, එසේනම් එම වැරදි වලට අදාලව නීති මගින් කටයුතු කර එම වැරදිකරුවන්ට දඩුවම් ලබා දිය යුතුයි. එම ඝාතන අද ඊයේ වුණ ඒවා නොවේනේ? මෙතෙක් කල් ඒවාට තීන්දු තීරණ නොගෙන ඔවුන් රදවා සිටියේ ඇයි? දඩුවම් නොදුන්නේ ඇයි? (ර)
කලබල වෙන්න එපා. ඔය කෑගහන අයට පිළිතුරු ලැබෙන දවස වැඩි ඈතක නැහැ. (නි)
කේ පී ගැනද මේ කියන්නේ? (ස)
බලාගෙන ඉන්න දිලිප් නිදහස් කරපු අයගෙන්ම උත්තර හම්බවේවි. (ර)