‘අපි මහින්ද පැරැද්දුවා. මහින්ද අප පැරැද්දුවා.‘ යි කොළඹ දිස්ත්‍රික් පරාජිත අපේක්ෂක ප්‍රසන්න සෝලංගආරච්චි මහතා පැවසීය.
ඔහු එලෙස කීවේ එසැණ සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.
තමන්ගේ පරාජය ගැනත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩකටයුතු ගැන හා හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ජයග්‍රහණය ගැනත් ඔහු කීවේය.
සම්පූර්ණ සාකච්ඡාව පහත වීඩියෝවෙන්...

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න කතාව. මෙන්න මොලේ ඇති මිනිස්සු. (ම)
රටේ ජය පරාජය පමණි වැදගත් (ම)
ජනතාව මෛත්‍රීව දිනෙව්ව. මෛත්‍රී මහින්දව පැරද්දෙව්වා. හැමෝම රනිල්ව දිනෙව්ව. අන්තිමට ජනතාව පැරදුනා....කියලත් ඕනේ නම් කිව්වා හැකියි.(ම)
මෙයා වීරයෙක් වෙච්ච හැටි. මගේ අම්මෝ! අපි නොදන්නා කොළඹ හාදයා (ම)
දැන් ලංකාවේ මිනිස්සුනට මොලේ තියෙනවා, එත් පාලකයන්ට මොලේ නැහැ. එකනේ පැරදිච්ච අයව ගන්නේ (ම).
චෝදනා කරන්න ඕනි මහින්ද මහතාට නොව සන්දානය පරාජය කරන්න වැඩ කරපු සන්දනයේම ඉහළ පුටුවල ඉන්න උදවියට (ම)
ටිකක් ඉවසන්න මහත්තයෝ .කාලයක් යනකොට නිදහස් පාක්ෂික මිනිස්සු ඇත්ත තේරුම් ගනී. ලේ වැගිරීමකින් තොරව එ්කාධිපතිවාදය පරාජය කරන්නට එකතුවුණු ඔබතුමන්ලාට ගොඩාක් පින් (බ)
මහින්ද වගේ රටට වැඩක් ඇති මිනිහෙක් පැරැද්දුව වරදට මේ වගේ මැරවරයන්ට හොද දඩුවම ලැබුණා (බ)
මම ඉල්ලන් කෑවා කියලා කිවුවා නම් මිට වැඩිය හොදයි. (ම)
මහින්ද මහතය නොවේ පැරදුනේ රටම පැරදුනා. මේ කතාවේ තේරුම තව සුළු කලකින් දැන ගන්න ලැබේවි. (ම)
මහින්ද රටට වැඩක් කරපු කෙනෙක් එතුමාව අපි කිසිදා අමතක නොකරමි මේ කන්ජයිය කියන දේවල් වැඩක් නැහැ. දැන් කොළ පට ගැන හිතල වැඩ කරනම් ගොඩ (අ)
මහින්ද මහතා නොවේ පැරදුනේ රටය. (අ)
මල්ලි ප්‍රමාණයට ඉදිමෙන්න ..අනුන් පුම්බන්න හදන විදියට ඔබලා පිම්බෙන්න ගියොත් අන්තිමට කැලි තමයි ඉතුරු වෙන්නේ..ඔබලා සන්ධාන සහ නිදහස්පක්ෂ පාක්ෂිකයින්ට අරහන් වුණේ උසාවි නියෝගය ගත්ත දවසේ ඉදල.ඒක ඔබලා කරවාගත් දෙයක් කියල දන්නවා වුණත් ලොක්කත් එක්ක තියෙන තරහව මිනිස්සු පිට කර ගත්තේ ඔබෙත් මෑණියන්වත් මතක් කරලා..ඔබලා ඔය පාක්ෂිකයින්ගේ කැමැත්තක් නැති පක්ෂයට ආදරයක් නැති නායකයෙක් එක්ක පක්ෂය ගෙනියන්න හදන්නේ පක්ෂයේ මළගමට..පක්ෂයට ආදරය කල මිනිස්සු ඔබලා හැමදාමත් වයිර කරනවා ..සාප කරනවා..ඒකෙන් ගැලවෙන්න ඔබලා බැහැ..මහින්ද මහත්තයව විකුණලා පාර්ලිමෙන්තුවෙට රිංගපු එව්ව්වෝ කරපු ද්‍රෝහී කමත් එක්ක පක්ෂයත් එක්කම ඔබලා ඔබලාගේ දේශපාලන මිනි වල කපාගෙන ඉවරයි දැන්.. ආයේ මහින්ද මහත්තය ඔලුවෙන් හිටගෙන කිව්වත් අපි මෛත්‍රී ඉන්න ශ්‍රී ලංකා එකකට ඡන්දෙ දෙන්නේ නැහැ..ඒ ඡන්දෙ දානවා බල්ලට..(අ)
හිවල්ලු සිංහ හම් පොරවාගන්න කාලයක් මේ. අපි නොදන්න මෙයාගේ පරපුර (අ)
සොලන්ගක්කර පැරදුන බව රටම දන්නවා. නමුත් මහින්ද මහතා පැරදුනේ නැත. පැරදුනේ රට සහ ජනතාව . (අ)
ඔයාල වගේ අයට මෙහෙම වෙන්න ඕන.(අ)
ඔක්කොටම කලින් මෙයා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් වෙන්න කලින් වත්කම් සහ දැන් වත්කම් ගැන සොයා බැලීමක් කරන්න ඕනේ. මේ වගේ පුද්ගලයෝ යහපාලන කාබයෙන් එයාලගේ වංචා දුෂණ වසාගෙන ඉන්නේ. (අ)
දේශපාලනයට නවකයන් වන ඔබවැනි අය මහා පරිනත අයයැයි සිතා ඇනගැනීමක් ලෙස තමා පේන්නේ (අ)
කටහඬින් කියන්න පුළුවන් කුඩු ගහන එකෙක් කියල. අර දාළ තිබ්බ ජගුවර් එක කාගේද කියල කියන්න බලන්න දැන්. (අ)
රටට හෙන ගැහුවත් මොකද මේ අයට.(හේ)
දැන් ඉතින් ඇතිවෙනකල් කොලපාට පක්ෂේ කට්ටියගේ පස්සෙන් යන්න. (බ)
නෑ නෑ අපි පටන්ගත්තා විතරයි (බ)
කටහඬ හොඳයි අදහස් නෑ (බ)
හිතට අවංකව ඇත්ත කියන්න පුළුවන් කොන්දක් තියන නියම මනුස්සයෙක් .... ප්‍රසන්න සොලන්ගාරච්චි මේ කියන්නේ කෙටියෙන් සත්‍ය සිදුවීම ...(බ)
තේරුම් ගත්ත හින්ද තම ඔය විදිහට දුන්නේ. (හේ)
අඩුම තරමින් ප්‍රාදේශීය සභා දිනලා හිටියානම් හොඳා (අ)
ගොඩක් අගය කළ යුතු කතාවක් (ම)
අනේ මට වැරදුණා කියල වත් පිළිගන්න මොලයක් තියනවද. (අ)
ඔයාට වත්මන් ජනාධිපතිතුමාත් එක්ක ගුණාත්මක ගමනක් යන්න පුළුවන් වේවි..කෙලින්ම අපායට.. (බ)
නමේ හැටියට තමයි මෙයාගේ වැඩ. (හේ)
ඔබ පැරදුණේ ඔබේ පවුලේ අය, ඔබේ පවුලේ මිතුරන්, අසල්වැසියන් සහ මිතුරන් ඕනවට වඩා විශ්වාස කිරීමෙන්.ඔබ සතුරන්ට සමාව දුන්නේ නෑ ඒත් එක්කම මහජනතාව අමතක කළා (බ)
පාවාදෙන්නන් පස්සෙන් ගිහින් තවත් පාවාදෙන්නම තමයි මේ බටර් ගන්නේ. (බ)
අපේ අනාගතය සොලංගයි (ම)
නිදහස් පක්ෂයේ නායකයෝ කියන අය අද පාක්ෂිකයාගේ විශ්වාසය අහිමි කර ගෙන තියෙනවා,නායකකම් තනතුරු බලෙන් ගන්න පුළුවන් වුනාට බිම් මට්ටමේ පාක්ෂිකය එතන නෑ, ඡන්දෙන් පෙන්වන කටුක යථාර්තය එයයි, (බ)
පිංගුත්තර යෙක් (අ)
අපිව මහින්ද පැරැද්දුවා. මහින්ද අපිව පැරද්දුවා. (ඌ මට ගෑහුවා. මට ඌ ගෑහුවා (නදී)
ඔබේ මාධ්‍ය ලේකම්තුමා නියමෙට කරුණු සපයලා තියෙන බව නම් කිව යුතුමයි. (ම)
කුමාර වෙල්ගම මහතා නිතරම පෙනී සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් බවට මෙම ප්‍රකාශකයා තේරුම් ගෙන නැත.මහින්ද විරෝධියෙක් කුමාර වෙල්ගම මහතාගේ ශ්‍රේෂ්ඨකම ගැන කථා කිරීම තේරුම්ගත නොහැකිය.(ම)
මෛත්‍රී ජනාධිපති මහින්ද පරාද කරන්න උත්සාහ ගත්තා. මහින්ද මෛත්‍රීට 95 අරන්දිල මහත්මා කම ප්‍රදර්ශනය කළා (අ)
පක්ෂය පළමුවෙන් බේද හින්න කළේ කවුද වැල්වටාරම් නැතුව පිළිතුරක් දෙන්න (අ)
ඔබතුමාල පක්ෂය විනාශ කරල ඉවරයි...(ම)