‘සමහර විට අපේ අදහස් තදින් ප්‍රකාශ කෙරෙනවා. නමුත් මාධ්‍යවේදීන් සමග මගේ ප්‍රශ්නයක් නෑ. නමුත් මම විමල් වීරවංශ මහතාට කියන්න කැමතියි අපි මාධ්‍යවේදීන් ඝාතනය කරලත් නෑ. අපි සුදු වෑන්වල දාලා අරන් ගියෙත් නෑ. මේව කරපු අයට උඩගෙඩි දුන්න අය තමයි අද මාධ්‍ය නිදහස ගැන කථා කරන්නේ. අපි අවුරුදු ගණනාවක් ඉඳලා බලයට ආවේ. එක්සත් ජාතික පක්ෂයට වැඩ කරපු කෙනකුට සුදුසුකම් බලලා ලියුමක් දෙන එක වැරදිද‘ යනුවෙන් උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල අද (3) මහනුවර ගඟවට කෝරළේ ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී පැවසීය.
ඒ පසුගියදා කැලණිය විශ්වවිද්‍යාලයට කථිකාචාර්යවරයකු බඳවාගැනීමට සලකා බැලීම පිණිස ඔහු උපකුලතිවරයාට යැවූ ලියුමක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටළුව පිළිබඳ එහිදී මාධ්‍යවේදියකු ඇසූ පැනයකට පිළිතුරු ලබාදෙමිනි.
‘ව්‍යවස්ථා සම්බන්ධ යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානමින් සිටින බවත් ජාත්‍යන්තරයෙන් එන චෝදනාවලට ප්‍රධාන පක්ෂ දෙක එකතුවී කටයුතු කළොත් අපට මුහුණ දීමට හැකියාව තිබෙනවා. ‘ යැයිද ඇමැතිවරයා එහිදී කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමති තුමෝ ඔබ හරි. වැරද්දගෙන තියෙන්නෙ චන්ද දායකයන්.(කෞ)
අපි මාධ්‍යවේදීන් ඝාතනය කරල නැහැ. සුදු වෑන් වලින් උස්සලා නැහැ.!!! ඒ කියන්නෙ කෝටා එක තව තියෙනව. 80 දශකය ගැන කවුරුත් දන්නවනේ.(කෞ)
හිතවත් ඇමතිතුමනි, ඔබගේ දැනුමේ තරම දැක විස්මයට සහ භීතියට පත් උනෙමි. ඔබට ඔය ප්‍රශ්නයට උත්තරයක් ලබා දීමට නොයමි. පෙනුම, ගැහැණු පිරිමි බව, වයස, ආගම, කුලය, පක්ෂය වැනි දේවල් රැකියාවක් ලබා දීම සඳහා සුදුසුකමක් වීම නුතන ලෝකයේ පිලි ගැනෙන්නේ නැත. දිවුණු රටවල මෙය ඔබ විසින් සිදු කරන බරපතල වරදක් ලෙස සලකයි. (කෞ)
පන්දමට රැකියා දීම යහපාලන ප්‍රතිපත්තිවලට පටහැනියි(කෞ)
මහත්තයෝ එනකොට කිවේ ඔය කතා නෙවෙයි නේද ? ආවේ යහපාලනයක් හදන්න නේද ? පහුගිය ආණ්ඩුවේ විවේචන වලින් උඩින්ම තිබුන විවේචනය මිත්‍ර නෑදෑයෝ සංග්‍රහය නේද ? එහෙම කියල ඇවිත් ඔහොම කරන එක හරිද ?(කෞ)
එතකොට රැකියා ලැබෙන්නේ එයාගේ පාක්ෂිකයන්ට පමණයි. එහෙනම් පාර්ලිමේන්තුව මගින් නියෝජනය කරන්නෙත් එයාගේ පාක්ෂිකයන් විතරක් වෙන්න ඇති. එහෙනම් ආණ්ඩුවට මුළු රටම නියෝජනය කරන්න බැහැ. ඉක්මනින් චන්දයක් පවත් වන්න අපිට ඕන මේ රටේ සියල්ලන්ම නියෝජනය කරන රජයක්.(කෞ)
අබරන්, ගයාන්, ඔබල දෙන්න ඉතා නුවණැති අදහස් දමා තිබෙනවා. අගය කරමි. (කෞ)
බලය නෑතිකොටයි බලය තියෙනකොටයි කාගේ කාගෙත් වෙනස අපේ මිනිස්සුන්ට වෑටහේවා..........(කෞ)
වැරදිද කියලත් අහන හැටි.... වැරිදි නේන්නම් එහෙම කලාම වෙන්නේ අනවශ්‍ය ඇඟිලි ගැහිමක්නේ.සුදුසුකන් තියන අයට රස්සා දෙන්න ඕන කියල සම්මුක පරීක්ෂකයෝ දන්නවනේ.ඕක ඔබතුමාගේ ලිපි මගිනුත් කීමෙන් වෙන්නේ අනියම් බලපෑම් කිරීමක්(කෞ)
මෙය 56යෙ පොරොන්දු දේශපාලනයත් සමග ඇති වුන වැරදි ක්‍රමවේදයක්. මෙය නැතිකරන්න නම් ජනතාවම තීන්දුවක් ගතයුතුයි , රැකියා ලබාගැනීමට දේශපාලකයන් පසුපස යාම නතරකිරිමට. හැබැයි ඒක එක්කෙනාට හොරෙන් ගියොත් වැඩේ අසාර්ථකයි. (ර)
අනේ අපිට කමක් නැහැ ඔය භාෂාවෙන්ම අමතන්න (ම)
ඔව් අපට වැරදුනා ඔබතුමා හරි.(හේ)
වැරැද්දක් නෑ.(හේ)
යුද්ද කලේ කියපු කතාව වගේමයි (හේ)
වැරදි නේන්නම්... ඔහොම කලාම වෙන්නේ බත්බැලයෝ, ගොට්ටෝ, වන්දිබට්ටයෝ නිර්මානයවෙන එක මිසක් තරුණයෝ අධ්‍යාපනේ ගැන තියන විශ්වාෙස් තහවුරු වෙන එක නොවේනේ. (හේ)
ඕක ඔබතුමාගේ ලිපි මගිනුත් කීමෙන් වෙන්නේ අනියම් බලපෑම් කිරීමක්. ඇම්බැට්ටයො දැම්මම ආයතන විනාශ වෙනවා (බ)
පසුගිය රජකාලේ නම් ඕනෙම ගොනෙක් කළා වගේ වැරදි තමා (බ)
ඕන ගොනෙකුට නගුට වනන්නට පුළුවන් (හේ)
එයාට කාගෙන්ද දන්නේ නැහැ තදින් කතා කිරීමේ බලය ලැබුනේ?(හේ)
බලයට ආවාම සියල්ල අමතකයි . කොයි ආණ්ඩුවත් එකයි .(ම)
ඕනෑ ගොනෙකුට කාපු තණකොළ වමාර වමාර කන්න පුළුවන්.(හේ)
සුසීමා, මෙයාලා බබාලා මොකුත් තේරෙන්නේ නැහැ.(හේ)
සිද්ධාර්ථ කුමාරයා බුදුවෙලා උදව් කළ කතාව මෙතනට ගැළපෙන්නේ නැහැ. බුදුන් වහන්සේ විසින් සොයාගත් දහමක් තමයි ප්‍රචාරය කළේ. එ්ත මේ විශ්ව විද්‍යාලය අහවලාගේ සොයා ගැනීමක් කියලා මම හිතන්නේ නැහැ. රටෙත් ජනතාවගේත් පොදු ස්ථානයක්. (නි)
සුදුසුකම් පරික්ෂා කරබලා ඡන්දෙ දෙන්න කියන්නේ එ්ක නිසා 'ඕනෑම ගොනෙකුට යුද්ධ කළ' හැකි වුවද මෙවැනි ගොනෙකුට ඇමතිකම් කළ නොහැක (බ)
ඇමතිතුමෝ ඔයාව පුද්ගලිකව දන්නා අය විතරද පාක්ෂිකයෝ. ඡන්දය දීපු පාක්ෂිකයන්ට සලකන්න ඕන නම් හැමෝටම ප්‍රතිලාභ ලැබෙන වියාපෘතියක් කරන්න. ඔයා දැකලවත් නැති ලක්ෂ ගණනක් ඡන්දය දීල තියෙනවා. (ර)
පාක්ෂිකයන්ට විශේෂ සැලකීමක් දැක්වීම වැරදි, මොන නීති පොතේද එහෙම එකක් තිබෙන්නේ ? (ර)
ඒක නොවෙයි ගැටලුව. ඇයි ඔබ අර මාධ්‍යකරුවාට අපහාස කර බැණවැදුනේ ..? (නි)
අපේ රටේ දේශපාලනයේ හැටිද මේ. අනාගත පරපුරට දෙවියන්ගේම පිහිටයි.(හේ)
වෙන රටක ඇමති කෙනෙක් මේක කරනම් එයාගේ දේශපාලනේ එතැනින්ම එවරයි. (හේ)
පසුගිය රජය කලදේ කරන්න නොවේ යහපාලන රජය පත්කර ගත්තේ. ඔබ තුමා අවංක සේවකයෙක් නම් මාධ්‍යවේදියගෙන් ප්‍රසිදියේ සමාව ගන්න.මුලුරටටම ඔබ අදර්ශමත් කෙනෙක් බව පෙන්වන්න.(හේ)
විශ්ව විද්‍යාලයක ආචාර්යවරු පත් කිරීමට ඇගිලි ගැහීම වැරදි දෙයක් කියල මෙයට තාම තේරෙන්නේ නැහැ වගේ. මහජන නියෝජිතයෙක් පක්ෂග්‍රාහී වෙන එක වැරදියි. එහෙමනම් ඔහු මහජන නියෝජිතයෙක් නෙමෙයි. (ම)
මෙයාගේ මේ කතාවට නම් මමත් එකග නැහැ. (ර)
ඔබ තුමන්ලා ඇඳුමෙන් ඉතා පිරිසිදුය,කතාවෙන් බෝපැලය,ක්‍රියාවෙන් ........? (ම)
මෙන්න කිවුවා උසස් අධ්‍යාපන ඇමති. (ර)
ඕන කෙනෙකුට ලියුමක් දෙන්න පුළුවන්ද ? මේක බලයේ තරම බලයෙන් අසීමිත බල ප්‍ර යෝජන ගන්න එපා (ම)
විශ්වවිද්‍යාල කතිචාචාර්ය තනතුර නෙමෙයි කුමන හෝ තනතුරකට සුදුසුකම් අවශ්‍යයි. නමුත් ඒ සුදුසුකම තියන්නේ පාලක පක්ෂයේ සාමාජිකයන්ට පමණක් නෙවෙයි. අනෙකුත් පාක්ෂිකයන්ටත් තියන්න පුළුවන්. සුදුස්සන් පාර්ලිමේන්තු නොයැවීමේ විපාකයයි මේ. (ර)
අපි ජන්දේ දුන්නේ පාක්ෂිකයන්ට සලකන්න නෙමේ රටේ හැම පුරවැසියකුටම සලකන්න . පසුගිය ආණ්ඩුවට අත් වුණ ඉරණම අමතක වෙලාද කොහෙද? (ම)
මෙයාට තේරෙන්නේ නෑැනේ මේක හොඳ නරක බලයේ තරම (ම)
විශ්ව විද්‍යාලයක ආචාර්ය කෙනෙක් වෙන්න අවශ්‍ය වෙන්නේ උගත් කමද, පක්ෂයකට වැඩ කිරීමද..(ම)
මහත්තයෝ කලින් ආණ්ඩුව කරපුවම කරන්න යන්න එපා වෙනස වෙනසක් විදියට තියාගන්න නම් දේශපාලන ඇගිලි ගැසීම් නැති මහත්මා දේශපාලනයක් කරන්න .................. (ම)
අපේ පාක්ෂිකයෙක් ...? (ර)
ඕනේ කෙනෙකුට ලියුම් දෙන්න පුළුවන්. (ර)
එතකොට මේ රටේ බලයට ආ විට ජීවත් වෙන්නේ පාක්ෂිකයන් විතරද? ඒක ඇත්ත මෙතෙක් අපිට නිදහස ලැබුණු දා සිට ඔය ප්‍රධාන පක්ෂ දෙකේ යයි කියා ගන්නා පාක්ෂිකයින් වරින් වර මෙහෙම කලා .දැන් වත් ඔය මානසිකත්වයෙන් මිදිලා රටක් හැටියට වැඩකරන්න. (ර)
පසුගිය ආණ්ඩුව අපි යු එන් පී කියලා අවූරුදු 20 ජොබ් දුන්නේ නැ. දැන් අපි වයසට ගිහින්. අපි ජන්දේ දුන්නේ මේ ආණ්ඩුවට. ලියුමක් ඉල්ලගන්න එක වැරදියිද ? (ර)
එක්සත් ජාතික පක්ෂයට වැඩ කරපු කෙනකුට සුදුසුකම් බලලා ලියුමක් දෙන එක වැරදිය. සුදුසුකම් බැලීම ඔබතුමාට අයිති වැඩක් නොවේය. අයදුම් කරන සියලුදෙනාම සුදුසුකම් ඇති අයය. පක්ෂ බේදයෙන් තොරව ඉතාමත් සුදුසු කෙනා තෝරාගැනීම අදාළ නිලදාරීන්ගේ වගකීම වේ. ඔබතුමා ලීයුමක් දීම වැරදි සේම, එය ගැන මාධ්‍යට කථා කරපු විලාසය... ඔබට අපේ තිබු ගෞරවය නැති වූ බව සලකන්න. (ර)
මෙහෙම කතා කරන්නේ අපේ රටේ උසස් අධ්‍යාපන ඇමැති... (ර)
මාධ්‍යට ගරු කරලා කතා කරානම් හොඳයි නේද.? (ර)
මෙයාගේ කතාව වැරදි, විශ්වවිද්‍යාලය කියන්නේ තමන්ගේ පාර්ක්සිකයන්ට රැකියා දෙන ස්ථානයක් නොවේ. (ර)
මනුස්සයෝ වුණ වරද පිලිගන්න මහත්මයක් වගේ වැල් වටාරන් නොකියා (ම)
සිද්ධාර්ථ කුමාරයා බුදුවෙලා බන කියන්න මුලින්ම බැලුවේ තමන්ට බුදුවෙන්න උදව්කරපු අය ගැනයි. තමන්ට උදව් කරපු අයට උදව්කිරීම උතුම් ගුණධර්මයක් කියානේ... (ර)