‘අපේ තාත්තා හොරකම් කළ දේ මැදමුලනෙදි දැක්කා. තාත්තා හොරකම් කළේ ජනතාවගේ හදවත්. දහස් ගණන් මැදමුලනට ආ විට හොරකම් කළ හදවත් දැක්කා.‘ යි හිටපු පාර්ලමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා බදුල්ලේ දී පැවසීය.
කහටරුප්ප ශ්‍රී ජයසුමනාරාම මහා ශ්‍රාවක විහාරයේ මිහින්තලා ආකෘතිය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි රාජපක්ෂ මහතා එලෙස කීවේය.
‘අප ඉදිරියේ විශාල අභියෝගයක් තිබෙනවා. රටේ ඒකීය භාවය නැති කර රට විනාශ කිරීමේ සැලැසුමක් හොර රහසේ ක්‍රියාත්මක වෙනවා.
හොරුන් අල්ලනවා යැයි යහපාලනය කිව්වා. අපේ වතුවලට පැන ලැම්බෝගිනි, ගුවන් යානා හෙව්වා. ඒත් හමුවුණු දෙයක් නෑ. ‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්පූර්ණ ඇත්ත. දෙපාරක් හොරකම් කරලා තුන්වෙනි පාර ගෙදර ගියා. හොරකම වුණත් හැමදාම කළ නොහැකියි (නි)
ඔයාගේ තාත්තා හොරෙක් වුණත් නැතත්, එයා රට බේරාගත් වීරයෙක්. එනිසා අපි ගරු කරනවා (නි)
ඔබ කියන්නේ සම්පූර්ණ ඇත්ත (නි)
පුතා කළු කෝට් අඳින නිසා තාත්තට වෙන අසාධාරණ වලට අයට නීතිය මඟින් හොඳ පාඩමක් උගන්වන්න.පුතාට ඒක කරන්න පුළුවන් නේද? (නි)
ඒක ඇත්ත තමා සුපුන්.....ඔයාගේ කතාව හරියටම හරි.....අපි දන්නවා කෙනෙක් නීති විභාගය කාමරයක පොත්පත් බලාගෙන හොරෙන් ලියලා පාස් වුනා කියලා...(බ)
බාලිකා පාසල් වලට අනාරාධිතව සංගීත ශිල්පින් සමග ඇතුල්වීම සහ බාලිකාවන්ට නටන්න කතා කිරීම සොරකමටත් වැඩිය ලජ්ජා නැති වැඩක් බව සමහරු දන්නේ නැහැනේ. (බ)
අල්ලස්, දුෂණ චෝදනා ඇති අයගේ හදවත් දිනා ගැනීමට මෙතුමාගේ පියා තරම් දක්ෂ දේශපාලන නායකයෙක් තවම ලොව බිහිවී නොමැත. සිල්රෙද්දෙන්, ඔරලෝසුවෙන් ,කුඩා දරුවන් වඩා ගැනීමෙන්,මල්වට්ටියෙන් සහ දේශප්‍රේමය විකිණීමෙන්ද ජනහද දිනා ගැනීමට අති දක්ෂ බව මැදමුලනින් අපටද දකින්නට ඇත. තුන්වේල කාපු ජනතාව එකවේලට බැස සිටින මෙවැනි යුගයක, ඒ වේලටත් පරම්පරා ගානක් ණය ඇති, රජපවුල් විඳින සැප දකින්නට ලැබුණ ජනතාවගේ හදවත් දිනිමට ගන්නා උත්සාහය ඇත්ත වශයෙන්ම රැවටීමකි. බොරුවකි. (බ)
ඔබ කවදාවත් හොරෙක් නොවේ රජතුමනි! (නි)
අනේ මගේ කට! (නි)
මට මතක හැටියට මේක ඒ දවස් වල තව කෙනෙකුත් මේ විදිහටම කිවුවා (නි)
තාත්තා නොසිටින්න අද අපි මියගිය තැන්වල ගසුත් පැළවෙලා (නි)
තාත්තාගේ ඡන්ද ටික කැඩුවේ සල්මන් ඛාන් සහ ලැම්බෝගිනිය මෙන්ම අර බාලිකා විදුහලට එක්ක ගිය සංගිතකාරය වෙන්න පුළුවන් නේද? (බ)
පුද්ගලික ලාභ වරදාන අවශ්‍ය අයගේ හදවත ආශ්චර්යමත් අයුරින් පැහැර ගත්තා නේද ? (බ)
අනේ මෙහෙමත් රටක්? (නි)
හොරකම් කළ හදවත් වලට මොකද කළේ? (නි)
අන්න බළලා මල්ලෙන් එළියට පැන්නා. එතකොට අපි තමයි හොරු? මොනවා වුණත් දැන් අබුදස්ස කාලේ නොවැ (නි)
ඔය අද කයිය ගහන අය පාරේ බහැලා යන්නේ මහින්ද නිසා. (ර)
මට ලොකු සද්දයක් එක්ක හිනාවක් ගියා! (නි)
ඩුබායි තිලක්, නිවාඩුවට ගෙදර ඇවිත් අත පය ඇතිව ආපහු ඩුබායි වලට යන්නේ මහින්දට පිං සිද්ධ වෙන්න . නැත්නම් මෙලහකට එයාර් පොර්ට් එකෙන් එලියට එද්දිම බෝම්බෙකට අහුවෙලා. (ර)
ජනතා හදවත් දිනු එකම නායකයා මොහුයි.(හේ)
බස් නැත්නම් ජන ගඟ බලන්න තිබුනා ?(හේ)
මිනිස්සු දන්නවා ඒක. (ර)
දැන් අපේ කට්ටිය මේ කතාව අහලා හරිම සංවේදී වෙලා වගෙයි (නි)
අපි බබාලා කියලද හිතන්නේ? (නි)
මෙන්න දැන් එයත් කරළියට ඇවිල්ලා... (නි)
අපි ඉන්න ලංකාවේ පොළොවේ පයගහලා. ජනතාව තව දුරටත් ගොනාට අන්දවන්න ගියොත් නම් කාට කාටත් වෙන්නේ තාත්තට වුණදේම තමයි.
හිතාගෙන ඉන්නේ රටේ ඔක්කොම මෝඩයෝ කියලා වෙන්න ඇති. (නි)
අවංකව ජනතා සේවය කරනම් ජනතා හදවත් හොරකම් කරන්න ඕනි නෑ... අපේ හිටපු රජවරු ගැන තම අපි තම කතා කරන්නේ ඔවුන් ජනතාවට සේවය කරලා ජන හදවත් දිනාගත්ත හින්ද මිසක් හොරකම් කරපු හඬ නෙවෙයි. (බ)
යුද්ධය දිනාදුන්නාට එතුමාට සියලුදෙනාම ණයගැතියි. ඒකේ කිසිම සැකයක් නැහැ.සැකය තියන්නේ වටේ සිටියවුන්ට පරම්පරා ගණනකට ඇතිවෙන්න හොරාකන්නට ඉඩදුන් එකයි.ඒකට නම් බුද්ධිමත් ජනතාව මහින්දට කිසිම සමාවක් නොදෙනු ඇති.නූතන තාක්ෂණයත් සමඟ බැඳී සිටිමින්,දීප්තිමත් අනාගතයකට පෙරුම් පුරමින් දිවිගෙවන තරුණ පරම්පරාවට, යහපත් උගත් බුද්ධිමතුන් තෝරා බේරා පාර්ලිමේන්තුවට යවා රට බේරා ගැනීම අප සියල්ලන්ගේම පරම යුතුකමයි. (නි)
කාමර ඇතුලේ ඉදන් නීති විභාගේ ලියල පාස් වෙච්ච පුතෙක්නේ මේ කියන්නේ.. පුතාලගේ හපන්කම් නිසානේ තාත්තට ගෙදර යන්න වුනේ...(බ)
අපේ උත්තමාචාරය මහින්ද රාජපක්ෂ මැතිතුමා ආපසු එන්න ඕනමයි අපි ප්‍රාර්ථනා කරනවා (බ)
ඇත්තටම අපිටත් දැන් අවශ්‍ය වෙනසක්! (නි)
ඔබ මේ සිදුවූ දේවල් වලින් පාඩමක් ඉගෙන නැවත දේශපාලන මාවතට පිවිසෙන්න (නි)
අනේ! රත්තරන් පුතා.... (නි)
පුතේ,ඔබේ පියා සැමදා අපි සමඟ සිටීවි. අපි දිවි ඇතිතුරා එතුමා සමඟයි (නි)
හදවත් හොරකම් කළාලු? අපේ නම් හදවත අපි උපන් ලංකාවයි. (නි)
අනේ! මට දුකත් හිතුණා (නි)
ඇත්ත කතාව! රාජපක්ෂ යුගය අවසානයි. (නි)
ඔබේ පියා ලෝකයේ ඉන්න හොඳම තාත්තා. එයා ඕගොල්ලන්ට ඉල්ලන ඉල්ලන දේවල් ලබාදුන්නා. ඒ වගේම සමහර වෙලාවට නරකම තාත්තාත් එයාමයි කියලා මට හිතෙනවා (නි)
තාත්තට පුතා ඔහොම නොකියා ඉඳීවිද? (නි)
මහින්ද මහත්තයා කියන්නේ අපේ හදවත් තුළ සදාතනික වීරයෙක් (නි)
රටේ ජනතාව ඒ ගැන හොදට දන්නවා.(හේ)
හොරකම කියන්නේ "තමන්ට අයිති නැති සහ සද්භාවයෙන් නුදුන් දෙයක් අයිති කරගැනීම" යි. සත්තකින්ම තාත්තා ජනතාවගේ හදවත් හොරකම් කරගෙන නොවෙයි. ජනතාවගේ හදවත් දිනාගෙන! ඔබටත් එය පාඩමක්. බොහෝ ආසියානු පවුල් සංස්ථාවල තෙවන පරම්පරාවේ සාමාජිකයන් පළමු සහ දෙවන පරම්පරාවල අය එක්කරන විභූතිය විනාශ කරගන්නවා! මෙම හැඟීම්බර මොහොත ඔබවැන්නන්ගේ දේශපාලනයට පාඩමක් කර ගැනීමයි වැදගත්. (නි)
ඔව්... මුළු රටේම මිනිස්සු දන්නවා මොනවද හොරකම් කළේ කියලා. (නි)
පුතේ,මේ රටේ බහුතරය හොඳ බුද්ධිමත් අය බව අමතක කරන්න එපා (නි)
එතකොට ඒ හොරකම් කළ දේවල් කොහෙද ඇත්තටම හංගලා තියෙන්නේ? (නි)
මොනවගේ ජන හදවත්ද? (නි)
කිරුළ හිමි කුමරුනි, ඔබට සදා ජය පතමි! (නි)
පියා ගෙදර යවන්න පාර කපන්න මුල්වුණේ කවුද කියලා දන්නවද? ඒ ගැනත් සිතන්න. වටේට සිටිය අය නිසා අසරණ වුණා එතුමා. හොඳ පපුවත් ඇති කෙනෙක් අපේ මහින්ද නායකතුමා (නි)
අනේ මහත්තයෝ, ඔයාගේ තාත්තා පැරදුන ඡන්දෙත් සෙනඟ හිටියේ ඔය වගේ තමයි. (නි)
පිටරටකට ගිහිල්ල අවුරුදු 2 ක් විතර දේශපාලනය ගෙන ජනතාව ගැන ඉගෙන ගෙන එන්න. තාත්තටත් යහපතක් වේවි (බ)
පුතා නම් හොරකම් කෙරුවේ නීති විද්‍යාලයේ විභාග කියල තමා කතාව ගියේ පහුගිය කාලේ (බ)
ඇත්ත. අපි දැක්කා පැමිණ සිටි ජන ගංගාව! (නි)
මේ උතුම් මනුෂ්‍යයා නැවත පැමිණෙනතුරු අපේ හදවත් බලා සිටී (නි)
හදවත් වුණත් හොරකම් කළා නම් ඒක වැරදියි නේද? (නි)
ඔබගේ තාත්තා තරම් අපේ හදවත් වල වෙනත් කිසිම කෙනෙක් කිසිදාක නොසිටීවි (නි)
අපි ඔබ කිසිදාක හැරයන්නේ නැහැ මහින්ද මහතාණෙනි! (නි)
ඇත්තෙන්ම ඔහු ආදරණීය පියෙක්! (නි)
ඔබේ තාත්තාා තරම් ජන හදවත් හොරකම් කළ නායකයෙක් මේ මවුබිමේ නැවත බිහිවෙන එකක් නැහැ ඔහු අපිට සම්පතක්... (නි)
සුමිත්, ඔයා හරියටම හරි. (නි)
නාමල් පුතේ, මොනවා වුණත් හොරකම කියන්නේ නරක දෙයක් (නි)
මමත් පිළිගන්නවා එ් කතාව (නි)
දැන් තිබෙන්නේ කළ වැරදි නිවැරදි කරගෙන ඉදිරියට යාමයි (නි)
කතාව ඇත්ත. බහුතර සිංහල ඡන්ද ඔබ සමඟයි. (නි)
ඒක නම් සහතික ඇත්ත (නි)
මහින්ද රාජපක්ෂ නාමය සදා අමරණීයයි (නි)
එතකොට පාරවල් හදද්දී පළවන කිලෝමීටර 10 යට වඩා ඊළඟ කිලෝමීටර 10 ට වියදම තුන් හතර ගුණයකින් වැඩිවුණේ කවුරු හොරකම් කරලද? (නි)
ඔබේ පියාට ජය නියතයි. ඒක අපිට ස්ථිරයි (නි)
හරිම සංවේදී කතාවක්! (නි)
ඔබගේ පියා කවුද කියලා අපි දන්නවා. ඔහු අපිට හැමදාමත් රජෙක් (නි)
ජනතා හඳවත් දිනුවානම් ඇයි ජනාධිපතිවරණය පරාජයට පත්වුණේ.(හේ)
නාමල්ගේ කතා වලින් හිතට වදින්න කළ හොඳම කතාව මේක තමයි (නි)
ඇත්ත අනුශ්ක,මගෙත් හදවතටම දැනුනා (නි)
තාත්තා එහෙම වුණාට වටේට ඉන්න උදවිය එහෙමද කියලා ඔබ කාලා බලලා නැහැනේ. කිසිම ආදායම් මාර්ගයක්, උගත්කමක්, වෘත්තියක් නැති දේශපාලකයන්ගේ හදවත් නම් හොරකම් කළ බව අපිට පෙනෙනවා. (නි)
පුතා, ඔබ තවම දේශපාලනයට කතාවක් කරන්න මෝරලා නැතිබවයි මට හිතෙන්නේ. කොයි පුතාද දේශපාලක තාත්තාගේ වැරදි කියන්නේ? පළමුව බිම් මට්ටමේ සිට අවංකව දේශපාලනය කර ඔය පැරෂුට් එකෙන් පැමිණ ගොඩබැහැලා වරදාගත් දේශපාලන ජීවිතය හදාගන්න. ඉන්පසු ගෙදර කට්ටියගේ ගුණ ගායනා කරන්න. (නි)
ඔව් ඔව් හැමෝම දන්නවා එක.(අ)
එතකොට පුතාලා කළේ මොකක්ද? ඒකත් කියන්නකෝ (නි)
අපි හිතුවේ හොරකම් කළේ වෙන දෙයක් කියලනේ මෙච්චර කල්? (නි)
ඔව් අපි දන්නවෝ . (අ)
කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැහැ කියන්නේ ඕකට තමයි. තාත්තා මොනවාමහරි හොරකම් කළ බව පිළිගත්තා නේද...? (නි)
දන්නෝ දනිති! (නි)
හරියටම හරි අපි බලන්න ඉන්නේ (අ)
පුතාගේ, බාප්පලාගේ යාලුවෝ ටික තාත්තගේ හදවතට විතරක් නෙමෙයි අපේ පොකැට් එකටත් විද්දා.(අ)
පුතෙක් කවදාවත් කියාවිද පියාගේ වැරදි! (නි)
හොර කල්ලිය ජනතාවගේ මුදල් හොරකම් කරනවිට, ඒ ආඩම්බරකාර තාත්තා වහල් මානසිකත්වයෙන් සිටින්නන්ගේ හදවත් පමණක් සොරාගත් බව සහතික ඇත්ත (නි)
සිංහලයෙනි නැගිටිව් (අ)
පුතේ, තාත්තා අමුතුවෙන් මිනිසුන්ගේ හදවත් දිනන්න ඕනෑ නැහැ. එතුමා කොහොමත් ජන හදවත් තුළ අමරණීයයි (නි)
කොහොමහරි හොරකම් කරලනේ ඒ කියන්නේ.... (නි)
අපි කොණ්ඩය බැඳපු චීන්නු නෙමෙයි.අපි රාජපක්ෂලා කවූද මොනවද කළේ කියලා හොඳට හඳුනනවා (නි)
මොලය නැති අයගේ හදවත හොරකම් කලා. මොලය තියෙන අය ඒක පාවිච්චි කල යුතුයි. නැත්නම් පසුතැවෙන්න වෙන්නේ.(අ)
කොහොමහරි ඉතින් හදවත් හරි හොරකම් කළානේ... (නි)
අපිට තේරෙනවා... ආයෙත් ආශාවක් ඇවිල්ලා නේද ලැම්බෝගිනියකින් හැටට හැටේ රේස් එකක් යන්න? අපේ ළමයිත් ඔහොම තමයි මොනවාහරි ඕනෑවුණාම. (නි)
භද්‍ර යෞවනයේ පසුවන ඔබටත් නුදුරේදීම මංගල සීනු හැඬවේවා! (නි)
මටනම් මේ පුතා හොදයි. (ර)
අනේ පුතේ, අපි කවුරු කියලාද හිතාගෙන ඉන්නේ? (නි)
ඔව් පුතේ.... තාත්තා කොහොම වෙතත් ඔය අනිත් නම් හොරකම් කරපුවා මුළු රටම දන්නවා.. තාත්තා නැත්නම් ඔය හැමෝටම අබ සරණයි තමයි.(අ)
පුතේ, ඔයාගේ කතාවට මට තනි ඇහැට ඇඩෙනවා.... (නි)
පියා ගෙදර යවන්න පාර කපන්න මුල්වුණේ කවුද කියලා අපි නම් දන්නවා (නි)
අන්න හරි ඒවත් හොරකමෙන් තමයි ගත්තේ. එයාගේ ගෝලයෝ බස් වලින් අරන් ආවා. අනිත් හොරකම් කරපුව මතුවට හෙළි වෙයි නාමල්.
පුතාලගේ කෙරුවාවල් නිසා තමයි අද තාත්තාට ගෙදර යන්න වුණේ. (නි)
මම හිතන විදියට දේශපාලන ජීවිතය තමන්ගේ දක්ෂකමකින්, සුදුසුකමකින් ආ ගමනක් නම්,දේශපාලන පරිණතබවක් තිබෙනවා නම් මේ කතාව මීට වෙනස් විදියකටයි කියන්නේ. (නි)
චමිලා එතකොට ඔය ක්‍රියාන්විත රාජකාරියේ රණ රණවිරුවන් එහෙම ඒ දවස් වල බුදියාගෙනද හිටියේ ? මතක හියාගන්න යුධ ජයග්‍රහණය රාජපක්ෂ පවුලට පමණක් බැර කර ගත්ත එකෙන් තමයි ජනවාරි 8 ගෙදර යන්න වුණෙ.(අ)
සමහරුන්ගේ වගකීමක් නැති සෙල්ලක්කාර ජීවන රටාවත් එතුමාට ගෙදර යන්න එක හේතුවක් වුණ බව ඒ අයට තවම තේරිලා නැහැ වගෙයි. (නි)
තිලක්-ඩුබායි, ඔයා විතරක් නෙමෙයි අපිත් දන්නවා. හැබැයි ඔය නොදන්නා අය ගැනත් අපි දන්නවා (නි)
බලාගෙන හිටිමු අගෝස්තු 17 මුළු රමේ මිනිස්සු කෙලෙහිගුණ සලකන හැටි. (අ)
හොඳට කල්පනාකර බලන්න මේ රටේ පහළවුණ අනෙක් රාජ්‍ය නායකයන්ගේ පුතුන් වගකීමක් නැති විදියට හැසිරුනාද කියලා. සමහරුන්ගේ පුතාලා කවුද කියලාවත් මිනිස්සු දැනගෙන හිටියේ නැහැ. ඒ අයගේ චරිත තුළින් පළමුව යමක් ඉගෙනගෙන කතා කරන්න. තවම ඔබ දේශපාලනයේ හෝඩියේ පන්තියේ. (නි)
පළමුව නරකද වැදගත් සමාජ සිරිත් විරිත් ඉගෙනගෙන වේදිකාවට නැග්ගා නම්? (නි)
හදවත් සොරකම් කළා නම් කෙහොමද එයා පැරදුනේ? (නි)
තාත්තාගේ පසුගිය පරාජයට තමනුත් වගකියන්න ඕනෑ නේද? සමහරු ප්‍රසිද්ධියේ හැසිරුනේ රට තමන්ගේ පුද්ගලික බුදලයක් වගේ. (නි)
තාත්තව තරහ කරගෙන පුලුවන්ද ගුවන් (අ)
නෑ පුතේ නැහැ හදවත් නෙමෙයි වෙන දෙයක් (අ)
ඔබේ පියාගේ පාලන සමයේ වැරදි නොවුණාම නෙමෙයිනේ. ඒ නිසා ඔබට සිදුවුණ අසාධාරණකම් ගැන විතරක් කියන්න එපා. (නි)
මෙවන් පුතුන්ගේ කථාවට අපගේ තනි නෙතඟට කඳුලක් නොනැගෙන්නේ ද ?(අ)
හොරකම් අපරාධය වරදක්. ජන හදවත් වුණත් හොරකම හොරකමමයි. අපි දැක්කා එදා මැදමුලනේ රැස්වෙලා හිටපු කට්ටිය (නි)
තාත්තා ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ පුතේ! (නි)
ජය වේවා.මේ පාරත් පාර්ලිමේන්තු මැතිවරණයේදී ජය ලැබේවා.(හේ)
තාත්තව තරහ කරගෙන පුලුවන්ද ඊළඟ කාර් රේස් එක තියන්න . (හේ)
පුතාට රේසින් කාර් පදින්න ආයෙත් ආශාවක් එහෙම ආවද? (නි)
කියන දේවල් වලට ජනතාව වශි වෙනවා.(හේ)
සමහර අදහස් ගැන පුදුමත් හිතෙනවා (නි)
ඇත්තටම මේ කතාව හරිම සංවේදීයි (නි)
බදුල්ලට මහින්ද කරපු දේවල් ටිකක් කිව්වනම් හොඳයි පුතා.... (ම)
පුතාලගේ සීමිත සෙල්ලක්කාරකම් මට්ටු නොකරන තාත්තලා කොහොමත් කොතනකදී හරි අමාරුවේ වැටෙනවා.(හේ)
ආ මට පේන්නේ තිලිණි සීනුව හඬවන්න පුල පුලා බලන් ඉන්නවා වගේ. (ම)
පසුගිය කාලේ වෙච්ච දේවල් මේ රටේ මිනිස්සුන්ට හොදට මතකයි.(හේ)
මට දුකත් හිතුනා කියපු කතාවට.(හේ)
හොරකම් කිව්වාම අපිට මතක් වෙන්නේ විභාග හොරුන්ව මයි. අනේ මන්දා මොකද කියලා. (හේ)
නිමාෂා කියන්න වගේ ඔබට කියන්න තිබුනේ "තාත්තා ජන හදවත් හොරකම් කළා කියආ නොවෙයි, දිනාගත්තා කියලා. ඔබේ තාත්තා දිනාගත් දෙයක් නැතැයි ඔබටත් දැනෙන හින්දා වෙන්න ඇති ඔහු මොනවා හෝ දෙයක් සොරකම් කළා යැයි කියල ඔබට කියන්න සිදුවුණේ. අඩු වශයෙන් තාත්තා ඒ හොරකම කළේ ජනතාවට සේවයක් කරන්න නම් අපිට ඒ හොරකම සාධාරණීකරණයක් කරන්න ඉඩ තිබුනා. (නි)
සියල්ලටම කලින් අපිට කියන්නකෝ මේ පාර ඡන්දෙට ගෙන්වන්නේ මොන ඛාන්ද කියලා. (නි)
ලංකාවේ බහුතරයක් හැමදාම රවටන්න පුළුවන්. (නි)
ඔව් අපි කවුරුත් දන්නවා නීති විභාගය ලියලා පාස් වුණ විදිය...... (ම)
තාත්තා මොනවා කළත් අපි ඔහුට සදා ණයගැතියි (නි)
ඔබේ තාත්තාට අපි සැමදා ණයගැතියි (නි)
පව් ඔටුන්න දාගන්න බලාගෙන හිටිය කුමාරයාට වෙච්ච දෙයක්.......දැන් දුකට කවි සීපද කියනවා..... (ම)
ඇත්තෙන්ම ඔහු ආදරණීය මනුෂ්‍යයෙක් (නි)
හොරාට කලින් කෙසෙල්කැන වැට පනිනවා කියන්නේ ඕකට තමයි. වීර සොල්දාදුවෝ දිවි පරදුවට තියලා රට බේරා දුන්නේ කාටවත් ඒක අයිති කරගන්න නෙමෙයි. මේ රටේ මිනිසුන්ට කවදාවත් අමතක වෙන්නේ නැහැ පසුගිය අතීතය. (නි)
මම නම් මේ දේවල් වලට පක්ෂව හෝ විපක්ෂව කිසිම දෙයක් කියන්නේ නැහැ (නි)
ඔබේ පියාට අපි කළගුණ සළකන්න අමතක කරන්නේ නැහැ පුතේ! (නි)