
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
ජාතික ජන බලවේග රජයේ සාමූහික ශක්තිය අවතක්සේරුවෙන් හිතන්න එපා යැයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද (17) පැවසුවාය.
පාසල් ළමුන්ට ලිපි ද්‍රව්‍ය ලබා ගැනීම පිණිස දීමනාවක් ලබාදීම සඳහා වූ පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳ විවාදය ඇරඹමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කීවාය.
"දරුවන් පාසල තුළ රඳවා ගැනීම සඳහා සියලු ක්‍රියා මාර්ග ගනිමින් සිටිනවා.දිවා ආහාර වේල තවත් ශක්තිමත් කරන්නට හිතාගෙන ඉන්නවා.පසුගිය කාලයේ දිවා ආහාර දීමේදී පැන නැගුණු ප්‍රශ්න තිබෙනවා. මුදල් වෙන් කළාට පෝෂණ ආහාර වේල සැමට ලැබුනාද යන්න ප්‍රශ්න මතුවී තිබෙනවා.
2025 වසරටත් සියලු දරුවන්ට පාසල් නිල ඇඳුම් ලබා දෙනවා. ඒ සඳහා චීන රජයෙන් සම්පූර්ණ නිල ඇඳුම් ප්‍රමාණය ලබාදී තිබෙනවා. අප මේ කරන්නට හදන ක්‍රියාවලිය හරහා රට මුහුණ දී සිටින ප්‍රශ්න වලට විසදුම් දෙන විට විපක්ෂයේ යම් යම් කණ්ඩායම් සහ ඔවුන්ට සම්බන්ධ මාධ්‍ය ඒවා කඩාකපල් කරන්නට උත්සාහ කරනවා.
විපක්ෂය සහ එහි මාධ්‍ය උත්සාහ කරන්නේ අපේ ආණ්ඩුවේ ජාත්‍යන්තර සබඳතා දුර්වල බවට මතය සමාජගත කිරීමයි.හොඳ වෙලාවට ඒ උත්සාහයන් සියලු දේ පරාජය වී තිබෙනවා.ජනපතිගේ ඉන්දීය සංචාරය ගැන සමීපව නිරීක්ෂණ කළහොත් අපේ ජාත්‍යන්තර සබඳතා කොතරම් හොඳින් ක්‍රියාත්මක කරනවා දැයි අවබෝධ කරගන්න පුළුවන්.
අපේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ සුදුසුකම් ගැන පුදුම උනන්දුවක් සිදුවී තිබෙනවා.සහතික පත් ඉල්ලනවා. ඉස්සර ඇමතිවරුන් මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් නොව හොරකම් ගැන හොයන්නට සිදුවුනා
.අපේ හොරකම් නැති නිසා අධ්‍යාපන සුදුසුකම් ගැන උනන්දුවක් දැක්වීම ගැන එක අතකට සතුටු වෙනවා.දේශපාලකයන් ජනතාවට බොරුවක් කරනවා නම් ඒ බොරුව එළිකිරීමේ අරමුණින් මේ පරීක්ෂණ කරනවා නම් ඒ ගැන සතුටට පත්වෙනවා.ජනතාවට ඒ ගැන පරීක්ෂා කරන්න සම්පූර්ණ අයිතියක් තිබෙනවා.
අප ඒ ආදර්ශය සමග වැඩ කරනවා.නමුත් මේ සංවාදය ඇතිවී තිබෙන්නේ ඒ අවංක කමින් නොවේ.මෙතන තිබෙන්නේ ඉතා පටු මෙන්ම කැත දේශපාලන අරමුණක් යනුවෙන්ද අගමැතිවරිය පැවසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පච මැෂින් එක.
උත්සව වලට පැය 1 1/2ක් ප්‍රමාද වී පැමිණීමත් එක්තරා ඇමැතිවරයෙක් නොපැමිණීමත් ආදර්ශමත් නොවේ. ඒවා ජාත්‍යන්තරය ඉදිරියේ ලංකාව අපකීර්තියට පත්වන ක්‍රියා...!
විපක්ෂයේ අය ආණ්ඩු පක්ෂයේ අයගේ අධ්‍යාපන සුදුසුකම් ඉල්ලනවා කියන්නෙ ඊළග මැතිවරණයේදී දැනට විපක්ෂයේ සිටින අයටත් උගතුන්ම ඉදිරිපත් කිරීමට හේතුවක් වෙනවා. ඒක හරියට බුලත්විට කාලා උඩ බලාගෙන කෙල ගැහුවා වගේ වැඩක් තමයි .කොහොම වුණත් වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තුව,පළාත් සභාවෙ හා පළාත් පාලන ආයතනවලට ඉදිරිපත්වීමට අධ්‍යාපන සුදුසුකම් අදාළ මැතිවරණ පනත්වලට ඇතුලත් කරනවා නම් ඉතාමත් හොදයි.
ප්‍රවාහන පද්ධතිය හදලා දෙන්න, මම ආසයි ලංගමේ වැඩට යන්න, ඉදගෙන කූල් එකේ, මට කවදාවත් ඉඳගෙන කූල් එකේ යන්න ලැබිලා නෑ.
අනේ අපි නිසියාකාරව තක්සේරුවකින් ඉන්නේ, වැඩ බැරි ටාසන්ලා ගැන.
මට දැන් නම් හිතෙන්නේ අපි අධිතක්සේරුවකින් හිටියා කියලයි.