ශ්‍රී ලාංකිකයන් කෑමට ගත යුතු ආහාර වර්ග හා ආහාර රටාවන් ඇතුළත් වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සැරැසෙයි.
මෙරටේ ජනතාවගේ ආහාර රටාවන් සම්පූර්ණයෙන්ම විකෘති තත්ත්වයට පත්ව ඇති බැවින් පෝෂණ ගුණයෙන් හෙබි ආහාර මොනවාදැයි යන්න පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා මෙම වෙබ් අඩවිය ආරම්භ කෙරෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අශ්වයා ගියාට පස්සේ දැන් ඉස්තාලය වහලා වැඩක් තියෙනවද? (නි)
මගේ සුබ පැතුම් අපිට අමතක අපේ දේ නැවත මතක් කර සිංහලකම ඉස්මතු කරන්න ගන්න වෑයමට (නි)
අකමැත්තෙන් උනත් අපිට පිළිගන්න වෙනවා අපේ ආහාර රටාව වැරදියි කියලා. ෆාස්ට් ෆුඩ් විතරක් නෙවි. තුන් වේලටම ලොකු බත් පිඟන් කෑමත්. මීට සියවස් ගණනකට කලින් ගොවි ආර්ථිකයක් තිබුණු කාලේ ඒක හරි. මොකද ඒ ගන්න විශාල කාබෝහයිඩ්රේට් ප්‍රමාණය වැය වෙන්න කවුරුත් සිරුර මහන්සි වෙලා වැඩ කලා. දැන් අපි ඉන්නේ සේවා ආර්ථිකයේ. අපි දැන් කරන රැකියා වල ඇග වෙහෙසන්නේ නැහැ. දවසම ඉන්නේ පුටුවක වාඩිවෙලා. ඒත් ආහාර රටාව වෙනස් වෙලා නැහැ. ඒ වැඩිපුර ගන්න ආහාර නිසා තමයි තරබාරු නැත්නම් බඩ ලොකු අය දැන් හැම තැනම ඉන්නේ. ජපානයේ ආහාර රටාව ඒ අතින් ඉතා නිවැරදියි. ඔවුන් ආහාරයට ගන්නේ වැඩිපුර පලතුරු, අමු එළවලු සම බත් ඉතා ටිකක්. ජපන් ජාතිකයින් අතර තරබාරු අය ඉතා අඩු සහ ඔවුන්ගේ ආයු කාලය වැඩි ඒකයි. (ස)
අපේ රටට සුභදෙයක්, කලෝචිත මෙහෙවරක්. ඉදිරිපත් කරන මුළු වෛද්‍ය සභාවටම මගේ ප්‍රණාමය පුද කරමි. (ස)
ආයුර්වේදයත් ඔය වැඩේට සම්බන්ධ කර ගත්තොත් ඉතාම හොඳයි. මොකද ආයුර්වේදයයි එක එක පුද්ගලයාගේ ස්වභාවය, රැකියාව අනුව සහ ගත යුතු අහාර පාන මෙන්ම ආහාර පාන ගන්න ආකාරය,ආහාර පාන මිශ්‍ර කරන ක්‍රම වේදය ආදිය ඉතා හොඳින් විස්තර කර ඇත. ආයුර්වේදය කියන්නේ රෝග සුව කරන ක්‍රම වේදයකට වඩා රෝග ශරීර ගත නොවීමට රෝග වලට ඔරොත්තු දෙන සෞක්‍ය තත්වයක් ගොඩ නගා ගත හැකි ක්‍රම වේදයකි. දවසේ පුරාම පුටුවේ වාඩිවෙලා ඉන්න අය දැන ගත යුතුයි අනිවාර්යෙන්ම ව්‍යායාම කරන්න. එය සුව දිවියකට ඉතා වැදගත්. (නදී)
ඉතා හොඳ ආරම්භයක්. (ස)
ඇත්තටම හොදයි, සුගර් කොලොස්ටරෝල් වැනි රෝග නිසා අද දුක්විදින මිනිස්සු කොච්චරද? ලෙඩ හැදෙන කෙනා විතරක් නෙමෙයි කී දෙනෙක් ඒ වෙනුවෙන් දුක් විදිනවද? රජයට බෙහෙත් කරන්න මොන තරම් වියදමක් දරන්න වෙනවද? මෙයට දායක වුන වෛදයවරුන්ට මගේ සුභ පැතුම්. ගමේ විදියට ගමේ කෑම කෑවා නම් සේරම හරිනේ.(නදී)
ඒ ගමන්ම අපේ පැරණි වෛද්‍ය සාරධර්ම ඇතුලත් වෙබ් අඩවියක් හැදුවොත් නරකද මෙතුමන්ලට බලා ගන්න. (ස)
හොඳ පියවරක් ! අපේ රටේ පොඩි දරුවකු ගෙන් ඇහුවොත් අද මොනාද කෑවේ කියල සොසජ්ස්, පීසා, එහෙම නැත්තම් පැණි රස දෙයක් කියයි. ලංකාවේ කෑම, බිම සිනි ,මිරිස් ,ලුණු පමණ ඉක්මවා තිබිම ජාතියම ලෙඩ කිරීමක්. අනික මීටර් 50 ගමනටත් ත්‍රීවීල් එකක්. වැඩ කරනවට වඩා කනවා වැඩියි ? (ස)
ඉතා හොඳ දෙයක් අපි අගේ කරමු. (ස)
අපේ වෛද්‍යවරුන් රට ජාතිය වෙනුවෙන් ශ්‍රේෂ්ඨ වගකිමක් යුතුකමක් ඉටු කරන්න සුදානම් වීම ගැන ජාතිය වෙනුවෙන් මගේ ප්‍රණාමය.(නදී)
මහින්ද, ඔබගේ යෝජනාව විශිෂ්ටයි.ඒ අඩවියේ "මිෂන් " එකට මෙහෙම දාන්න ඔයා එකඟද?. එතුමන්ලා ඉතාම සාධාරණ අයුරින් දුප්පත් අහිංසකයන්ගෙන් මුදල් අයකර තම භූමිකාවට ජීවය දෙමින් "මෙගා" සේවයක නිරතවීම -. මොන්ටෙරෝ,ප්‍රාඩෝ,එම්ජී, ජගුවර් ආදී සුඛෝපභෝගී වාහන අලුයම ලූ කෙළ පිඩක් සේ ඉවත දමා සාමාන්‍ය වාහනවලම ගමන් කරන බව - නිදහස් අධ්‍යාපනයේ උතුම් වරම් ලබා තම රට වෙනුවෙන් "විශිෂ්ට" සේවයක නිරත වන බව - බහු ජාතික සමාගම් වල " රෙප්ස්" ලා තමන්ව මුණ ගැසීමට පැමිණිවිට නෑ! නෑ! බොහොම ස්තුතියි කියා කරුණාවෙන් ප්‍රතික්ෂේප කිරීම.(නදී)
ඉතාමත්ම අගනා ක්‍රියාවකි හදවතින්ම ශුභ පතමි...ජයවේවා!!!(නදී)
මෙන්ඩිස්, කුමාරණ ඔයාලාගේ අදහස් හරියටම හරි. අපේ තුන් වේලටම බත් හෝ පිටි කෑමක් පිඟාන පුරවලා කන පුරුද්ද අතීතයේ කය වෙහෙසවා වැඩ කරපු ජනතාවට හොඳ වුණාට දැන් හොඳ නෑ. ලඟදි සමීක්ෂණයකින් හෙළි වෙලා තියෙනවාලු අපි ගොඩක් රටවල අයට වඩා එළවලු පළතුරු අඩුවෙන් කන්නේ කියලා. ව්‍යායාම කරන්නත් බොහෝ අයට වෙලාවක් හෝ පුරුද්දක් නෑ. අප රෝගී ජාතියක් වීගෙන යන්නේ..(නදී)
ඔන්න ඔය වගේ දේවල් කරනවා නම් වෛද්‍ය සංගමය ගැන ජනතාව තුළ තිබෙන අප්‍රසාදය ඉවත් වේවි. නිර්දේශ කරන්න යන ආහාර වර්ගවල මිළ අඩුකරන්න කියලා වර්ජනය කළත් අපි උපකාරය දෙනවා. (නි)
සතුටුයි.ඒත් හොද දේවල් කරන්න ප්‍රමාදයි. ලෝකයේ රටවල මේ ව්‍යාපෘති පටන්ගෙන ගොඩාක් කල්. (නි)
ඉතින් ඔය වෙබ් අඩවිය කීයෙන් කී දෙනාද බලන්නේ? ලංකාවේ වැඩිහිටියන්ට ඉන්ටෙර්නෙට් යන්න වෙලාවක් තියෙනවද? (නදී)
අප රටේ මොනවා කළත් එපා කියන කොටසක් ඉන්නවා. (නි)