
(සුජිත් හේවාජුලිගේ )
පළාත් පාලන ඡන්දයේදී සමග ජන බලවේගය ජයග්‍රහණය කරන සභාවලට ආණ්ඩුවේ ප්‍රතිපාදන මත යැපෙන්නට අවශ්‍ය නැති බවත් එම සභාවලට සේවය කිරීමේ වගකීම තම පක්ෂය භාරගන්නා බවත් සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පළාත් පාලන මැතිවරණයේදී සමග ජන බලවේගය ජයග්‍රහණය කිරීමට ක්‍රියා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද විපක්ෂනායකවරයා පැවසීය.
ආණ්ඩුවේ මුදල් මත යැපෙන්නේ නැතිව ජනතාවට සේවයක් කිරීමට සමග ජන බලවේගය සූදානම් බවද ඔහු කීවේය
ජනාධිපතිවරයාගේ වගකීම ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකයන්ට පමණක් සේවය කිරීම නොවන බවද සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
COMMENTS
විපක්ෂ නායකතුමණී, ජවිපෙට ජනාධිපතිතුමාගේ විශේෂ සැළකිල්ල අවශ්‍යයයි. පුනරුදයෙන් පසුව ඔවුන් පුනරුත්ථාපනය වෙමින් සිටින පිරිසක්. දැන් ඔවුන් වැඩ වර්ජන, උද්ඝෝෂණ, සන්නද්ධ අරගල පිළිබඳ ඔවුන්ගේ අදහස් රටට හිතකර ආකාරයෙන් වෙනස් කරමින් සිටිති. එය රටේ අනාගත සංසිද්ධිය සදහා ඉවහල් වනු ඇත.
කැසිනෝ සල්ලි? නිදන් සල්ලි?
ටිකිරි මොලේ පළාත් පාලන ආයතන කාර්යභාර්ය දන්නේ නැති හැටි ආණ්ඩුවේ මුදල් එපානම් පාසල් බස් සුහුරු පන්ති දැන්ම අරඹන්න බෙදා දෙන්න
සල්ලි, සල්ලී....හාල් මුදලාලිගෙ සල්ලි..///
ඇත්තනේ, අච්චු ගහපු සල්ලි ඕන තරම් තියනවනේ...
පක්ෂයවත් හරියට කරගන්ඩ බැහැ. ඉන්න අයත් කීප දෙනෙක්ම අයින් වුණා බොරු බේගල් ගහලා ආණ්ඩුව වට්ටන්න හැදුවාට වැඩක් වෙන එකක් නැහැ. බලයේ හිටපු කාලේ කියපු කරපු දේවල් ගැනත් දන්නෝ හොඳාකාරවම දන්නවා..!
ඇයි අර ඉස්කෝල වලට කරනවා කිව්වා වගේ, ප්‍රාදේශීය සභා ටිකත් පිටරට කෝටිපතියෝ හොයලා බාරදෙනවාද?
තාත්තලා පුතාලා. පරම්පරා ගානට රැස්කරලා ඉවරයි. දේපල මුදල් රත්තරන්. මුතු මැණික් මේ සේරම රජයේ දේවල් හොඳට හොරා කෑවා. නාමල් බේබිත් තවටිකකින් එයි ඔය විදියට. කයිවාරු ගහන්න. ඔබ බලා ගන කෙළ ගහන්න. මෝඩ හැතිකරේ හොරා කාපු නිසානේ. රට මේ තරම් වල පල්ලට ගියේ... රස්සාවක් කරන වයසේ පටන් ගත්තු දේශපාලනයටනේ මේ. ඔබලාට වෙන ආදායම් නැහැනේ... ව්‍යාපාරික හෝ කර්මාන්ත. ඒවායින් දිනපතා මුදල් එන්න... කොහොමද හොරා කාලා තියෙන විදිය? ඔබලාගේ ගෙවල් සෝදිසි කරන්න. හමුදාව දැම්මා නම් මෙට්ට ඇතුලේ තියෙන රජයේ සම්පත් සේරම එකතු කර ගන්න පුළුවන්...!
මුලු රටේම එහෙම කරන්න සල්ලි එන විදියත් කියනවා නම් මමත් ඡන්දේ දේඤ්ඤං!
ජනාධිපති සල්ලි නොදෙන කතාවක් කීවෙ නැහැ, තමුන්ලා දිනපු සභා ඉල්ලුවෙත් හොඳට හොයලා බලලා සල්ලි අනුමත කරනවා කියලා කීව්වෙ, ඒක වරදක් නැහැ කලින් බොහෝ සභාපති, එන විදියත් යනකොට විදියත් බැලුවම ඕනෑම කෙනෙකුට තේරෙනවා ඔය කතාවේ ඇත්ත. ඒක නිසා තමුන්ගේ යාලුවගේ චැනල් එකේ දාන බොරු පච මෙතන කියවන්න එපා, ජනතාව දන්නව තමුන්නැහැලා කරපු හැටි,