මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ සන්ධානයේ මන්ත්‍රීන් 56 දෙනකු අත්සන් කළ ලියවිල්ලක් කතානායකට දී තිබියදී 16 දෙනකු සිටින පක්ෂයකට විපක්ෂ නායකකම දීම වැරදි බවත් එය ප්‍රජාතන්ත්‍ර විරෝධී බවත් කීවේය.
‘පාර්ලිමේන්තුව මීට පසු රැස්වන්නේ දින 15කට පසුවයි. ඊට කලින් කතානායක හමුවී නිවැරදි තීරණයක් ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.‘ යැයි දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
මේ අතර ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසූයේ රටට ද්‍රෝහි වීමේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා රජය දුර්වල විපක්ෂයක් පත් කරගෙන ඇති බවයි. එය දෙමළ ජාතික සන්ධානයට ලොකු ජයග්‍රහණයක් බවයි.
පිවිතුරු හෙළ උරුමයේ මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කියා සිටියේ දෙමළ බෙදුම්වාදයට රජය යටවී ඇති බවයි. දෙමළ ජාතික සන්ධානයට විපක්ෂ නායකකම දීමෙන් එය පැහැදිලි වන්නේ යැයිද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය 56 එක්ක එකට ඡන්දෙ ඉල්ලපු අයගෙන් කොටසක් ආණ්ඩුවට ගියාම ඉතිරි අය විපක්ෂයේ ඉල්ලන එක හරි නැහැ නේද? ටීඑන්ඒ එකට විපක්ෂය දීලා අපේ සාධාරණ බව ලොවට පෙන්නමු (නි)
ළඟදීම යමක් සිදුවේවි. අපි බලාසිටිමු (නි)
කතානායක ගත් තීරණය හරි. මොකද ඒ ඡන්ද පොරොන්දුනේ. එතකොට උතුරු පළාත් මහා ඇමති ඊයේ හදිසියේම සම්මත කරලා නේද අපිට ජාත්‍යන්තර යුද්ධ පරීක්ෂණයක් ඕනෑ,අපිට දේශීය යාන්ත්‍රණයක් එපා කියලා. එතකොට ඉසුරන්දි මේක හරිද? මේ යෝජනාව අපේ රණවිරුවන්ට වීර සම්මාන දෙන්නද? (නි)
කතානායකතුමනි, ශ්‍රේෂ්ඨ තීරණයක්! එයට වඩා වැදගත් වුණා, අනුර කුමාර මහතා ප්‍රධාන සංවිධායක තනතුරට පත්වීම ලබාදීම. නියත වශයෙන් ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකාවක් බිහිවීම සිදුවනු ඇත. (නි)
මෙතන තිබෙන්නේ සිංහල දෙමළ ප්‍රශ්නයක් නොවේ.දේශපාලනය දන්නේ නැත්නම් අදහස් නොදා ඉන්න (නි)
ප්‍රශ්නය දෙමළ ජාතිකයකුට හෝ දෙමළ පක්ෂයකට විපක්ෂ නායකකම ලබාදීම නොවේ. ප්‍රශ්නය වෙනම රාජ්‍යයක්, ෆෙඩරල් පාලනයක් ඉල්ලන අයෙකුට සහ පක්ෂයකට විපක්ෂ නායකකම ලබාදීමයි. (නි)
හොඳ තීරණයක්. මම හිතනවා දීර්ඝ කාලයක් විපක්ෂයේ හිටපු දක්ෂ දේශපාලකයෙක් කියා. ලංකාවට ජයක් වේවා !!! (නි)
අනේ පව්, ඔයාලගේ 56 ක් විතරද ඉන්නේ? අනිත් ටිකට මොකද වුණේ? කියන්නකෝ පැහැදිලිව? ජනතාව අන්දවන්ට හැදුවට නිකම්ම අහකට තල්ලු වෙන එක තමා වුනේ.(අ)
අද වෙනතුරු මොකද වුණේ? හැමදාමත් එක වගේ. හෙටත් එහෙම වේවි. (නි)
හොඳ තිරණයක්. දැන් විමල් ඇතුළු නඩේට එකාබද්ධ විපක්ෂයක් විදිහට ක්‍රියා කරන්න ලැබෙනවා . එකෙන් දෙමල මිනිස්සු කියන්නේ කොටි නෙවෙයි කියන ඒක තේරුම් ගන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා (බ)
1977දී සිදුවූ දෙයම නැවත සිදු වේගන එන බවනම් හොඳට පේනවා, එදා අමිර්තලිංගම් මෙදා සම්බන්ධන්, රජය ඇස් කන් පියාගන හිටියොත් මෙයත් ලෝකේ වටේ ගිහින් එදා අමිර්තලිංගම් කල හරියම කරන්න ඉඩ තියෙනවා (බ)
අඩු ඡන්දය ඇති පැත්තට බලය ලබා දීමට කැමති නම් මින් පසු කිසිම දෙයක් සඳහා ඡන්ද පැවැත්විය යුතු නැත. ඉන් පසු සිදුවන්නේ කුමක්දැයි මොළය ඇත්නම් පමණක් තේරුම් යනවා ඇත. (බ)
රත්නසිරි මහතා හරියටම හරි. සිල්වා මහතා ගේ අදහස පැහැදිලි නැහැ. (බ)
අන්තිම පහත ක්‍රියාවක් ...(බ)
පාර්ලිමේන්තුවේ තෙවෙනි බලය ඇත්තේ දැන් විපක්ෂ නායකගේ පක්ෂයටයි. මැතිවරණයට දිනේෂ්, විමල්, වාසු ඉල්ලුවේ මොන පක්ෂයෙන්ද? එය සම්මුති වාදී ආණ්ඩුවට සහාය දක්වන පක්ෂයක් නේද? කතානායක තීරණය නිවැරදියි (බ) .
රනිල් මහත්තයට කළගුණ සැලකුව..දැන් සම්බන්දන්ට කළගුණ සැලකුවා.අපේ ඡන්දෙ බල්ලට ගියා..බල්ලට රට ගියා...එච්චරයි.....අන්ත ජාතිවාදී දෙමල පක්ෂයකට මේ තනතුරෙන් ගන්න පුළුවන් දේ බොහොමයි..එදා අමිර්තලිංගම් කළාට වඩා දෙයක් මෙදා සම්බන්ධන් කරාවි..(බ)
ඒකාධිපති නෙමේ ගොබ්බ යහපාලනේ (බ)
මේ ලිපියේ සඳහන් පරිදි අර මන්ත්‍රීන් 56 ක් අත්සන් කළායැයි කියන ලිපිය කතානායකට නොවේ භාර දුන්නේ - සන්ධානයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාට - ඉදින් එතුමා නමක් කතානායකට යෝජනා නොකළ බැවින් තමා සම්බන්ධන් මහතාට ධුරය ලැබුනේ - (අ)
ආණ්ඩුවේත් ඉන්න ගමන් විපක්ෂ නායකකමත් ඉල්ලන්නේ මොන හේතුවකටද? ආණ්ඩුවට හවුල් නොවී, ඇමතිකන් නොගෙන හිටියා නම විපක්ෂ නායකකම ලැබිය යුතුයි. (නි)
ඉතාම හොඳ ක්‍රියාවක්, සියලුම ජාතීනට ලංකාව තමන්ගේ රට බව මතක් කරන්නට. රට ඇතුළේ සමගියක් නැතිකල සංවර්ධනය බොරුවක් (නි)
රන්සිරි කවුද වෙනම රට ඉල්ලුවේ ඔයාලට තේරෙන්නේ නැද්ද ඔහු කියන්නේ රට නොබෙද බල ය බෙදමු කියලනේ ඔය හැමදම කිව්වේ රට දෙන්න යන්නේ කියල 56 යේ ඉඳලානේ ඔය සටන්පාඨ කියන්නේ කව්ද කොයි රාජ්‍ය නායකයාද රට දුන්නේ බොරුවට කුහක දෙශපාලකයෝ කියන පලියට ඔයත් කියනවද. (අ)
අනේ මන්දා මේ කතා! (නි)
එතකොට සුරංග කියන්නේ ? අහල බලන්න හරියටම (අ)
සිල්වා දේශපාලනය දන්නවා වගේ. ඔබේ අදහස ටිකක් පැහැදිලි කරදෙනවා නම් ගොඩක් හොඳයි. (නි)
රටට වන අපරාධයට සියලුදෙනා වගකිවයුතු වෙනවා. යමක් සිදුවුණාට පසුව හදලා පලක් නැත. කළයුත්ත අද කළයුතුය. (නි)
බොරුවට මිනිස්සු රවටන්න කෑගහන්න එපා (නි)
මේ ගත් තීරණය නිසා කවදාහරි වන්දි ගෙවන්න වෙන්නේ අපේ සිංහල කොල්ලන්ට තමයි (නි)
එකම පක්ෂය කොහොමද ආණ්ඩුවේත් විරුද්ධ පක්ෂයේත් ඉන්නේ කියන එක තේරුම් ගන්න බැරි හැටි. (නි)
ටීඑන්ඒ කවදාවත් රටේ අනිත් ප්‍රදේශ වල ප්‍රශ්න ගැන කතාකරලා තියනවද? අඩුම තරමේ වතුකරයේ ඉන්න දෙමළ ජනතාව ගැන? ඒක තමා මෙතන තිබෙන ලොකුම ප්‍රශ්නය. නැතුව දෙමළ මිනිසෙක් විපක්ෂ නායක වෙන එක නෙමෙයි. (නි)
ලංකාවේ මිනිසුන්ගේ කුහකකම මෙතන දාලා තියන අදහස් වලින් හොඳට පේනවා. (නි)
බොරලුගොඩ සිංහයාගේ පුතණුවනි, ඇමෙරිකාවේ සුදු ජාතිකයන් බහුල රටේ ඔබාමා වැනි කළු ජාතික ජනාධිපතිවරයෙක් බිහිවුණා නම් සම්බන්දන් විරුද්ධ පක්ෂයේ නායකයා වීම කොතරම් සාධාරන තීන්දුවක්ද? ජාතිවාදය අවුලුවා බලය ගන්න සිතීම ගුණමකු ක්‍රියාවක් (නි)
ඇයි එතකොට දෙමළ මිනිස්සු ලංකාවේ නෙමෙයිද ඉන්නේ? (නි)
ආර් සම්බන්ධන්ට විපක්ෂ නායක ධූරය දුන්නේ දෙමළ නිසා නෙවෙයි.සන්ධානය ළඟට වැඩිම ආසන ගණනක් දිනා ගත්ත නිසා.සන්ධානය ඔය ලියුම දීලා තියෙන්නේ පක්ෂ සභාපතිට, කථානායකට නෙවෙයි.ඉතින් කථානායකට තියෙන එකම ඉල්ලීම දෙමළ සන්ධානෙන් විතරයි.මෙතන කෑ ගහන අයට මතක නෑ 1977දිත් විපක්ෂ නායක දෙමළ.අනික දැන් දෙමළ අයට කියන්න බෑ ඒ අයට නරකට සලකනවා කියලා, මොකද දෙමළ කෙනෙකුට විපක්ෂ නායක කම දීලා තියෙනවා. (අ)
මෙයා කෑ ගැහුවට මෙයාටත් ඇමති කමක් දෙන්න කතා කලොත් දෙකට නැවිලා ගිහින් රනිල් ගේ හොද කියයි. මෙයාට විමල්ට වාසුට ගම්මන්පිලට සිංහල තේරෙනවා නම් එදා පොළොන්නරුවේදී මහාචාර්ය තුමා කියපු දේවල් වලට මේ අය කට හොල්ලන්නෙ නැහැ. ශ්‍රී ලංකා ඡන්දවලින් පා.ම. වෙලා දැන් බයිලා කියනවා ඔබ තුමාලට ඡන්ද පදනමක් නොමැත එක පිළිගන්න.(අ)
රටට ආදරේ අය පැත්තක. බටහිරයන්ගේ අතකොළු තමයි දැන් සමහරුන්ට ජාතික වීරයෝ (නි)
ලුම්බිණි' අයි දින 100 දි නිමල් සිරිපාලට දුන්නෙ කොහොමද? අනික සන්ධානෙ පකෂ ජාතික ආන්ආණ්ඩුවට කැමති නෑ කියල කියල ලියලත් දීල තියෙද්දි (අ)
මහින්ද කණ්ඩායම ලොකු බොරුවක් කරන්නේ. එම පිලට විපක්ෂ නායක කම ඕනේ නම් කළ යුතු වැඩ පිළිවෙල පැහැදිලිව කියා තිබියදී මිනිස්සුන්ව අවුස්සන්න ඔය හදන්නේ. ඔවුන් විපක්ෂ නායක ගැනිමට කළ යුත්තේ, ඔවුන් පාර්ලිමේන්තුවේ ස්වාදීන කණ්ඩායමක් ලෙස සිටිනවා කියල, කතා නායකවරයාට නිල වශයෙන් ලිපියකින් දැනුම් දී වෙනම අසුන් ගැනීමයි. මොවුන් සැමදා වගේ කළයුතු දේ නොකර මිනිස්සුන් අවුස්සවති. (අ)
මම නම් කියන්නේ කතානායක ගත් තීරණය නිවැරදි බවයි.ඇයි දෙයියනේ මෙහෙම බල කෑදරකමක්. මේ කෑගහන අය මොන පැත්තේ හිටියත් රටට වැඩක් තියෙනවද කියන එකයි අපිටත් ප්‍රශ්නේ.අපි කවුරුත් මේ රටේ සමගියෙන් ජීවත්වෙන්න ඕනෑ. (නි)
සුරංග, ඒ මිනිස්සුත් මේ රටේ තමා ඉන්නේ. හැබැයි රටේ බහුතරය සිංහල (නි)
සුරංග, දෙමළ මිනිස්සු අපේ රටේ ජනතාව තමා. නමුත් අපි එහෙම හිතුවට එයාලා එහෙම හිතන බවක් පෙනෙන්නේ නැහැනේ (නි)
සිංහල, දෙමළ, මුස්ලිම් ලෙස හැමදාමත් ඇයි අපි ශ්‍රී ලාංකිකයන් බෙදන්නේ? අපි හැමදෙනාම ශ්‍රී ලාංකිකයෝ. කතානායක ගත් තීරණය ඉතාම නිවැරදි තීරණයක්. (නි)