මෝටර් රථවල රියදුරු අසුනේ දෙපස තිර රෙදි ආවරණ හා දෙපස අඳුරු වීදුරු භාවිතා කරන රථ වාහනවලට එරෙහිව නීතිය දැඩිව ක්රියාත්මක කරන බව පොලීසිය පවසයි.
ඒ අනුව අද (19) සිට 31 දක්වා රථ වාහන පොලිසිය මෙහෙයුමක් මගින් ඉදිරිපස රියදුරු අසුන අසල පැති වීදුරුව හා ඉදිරිපස වම් පැති වීදුරුව අඳුරු කර ඇති සහ එම වීදුරුවලට තිර රෙදි යොදා ඇති වාහනවල රියදුරන්ට ඒවා ගලවන ලෙස අවවාද කරන බව රථවාහන පොලිසියේ නිලධරයකු සඳහන් කළේය.
එවැනි ආවරණ ගැලවීමට අකමැති රියදුරන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
රියදුරු අසුන දෙපස වීදුරු කුමන ආකාරයකින් වත් අඳුරු පැහැ ගැන්විය නොහැකි බවත් ඉදිරිපස වීදුරුවෙන් 1/5ක කොටසක් හා අනෙක් වීදුරු සඳහා එවැනි තහනමක් නැති බවත් පොලිසිය සඳහන් කරයි. එසේම රියදුරු අසුන දෙපස වීදුරුවලට තිර රෙදි යෙදීම සම්පූර්ණයෙන්ම තහනම් බවද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහනේ යන අයගෙ 10-12 ප්රමාණයේ ඡායාරූප වාහනේ වටේට එල්ලලා තියන්න කියල නීතියක් දැම්මොත් ලේසි නැද්ද? (නි)
ඇමති වාහන අදුරු කරලා තියෙන ඒවාට ගන්න ක්රියා මාර්ගය මොකක්ද දන්නේ නෑ (බ)
මේක ප්රභූ අයට බලපානවද? (බ)
එ්සි එක අඩුවෙන් දාලා ඉන්ධන දහනය අවම කරගෙන රටටත් ඉතිරියක් කරලා සොබාදහමටත් යමක් කරන්න පුලුවන් වෙලාවේ මෙයාලා කරන තක්කඩි වැඩ. ඉස්සෙල්ලා බලන්න අර අය ඔක්කොම වහගෙන යනකොට කොහොමද අදුරගන්නනේ.. ඒවට ඔය කට ඇරෙන්නේ නැහැ නේද.. ලැජ්ජයි මුලු ලෝකෙම තහනම් කරන්නේ ඒවා.. (බ)
මහත්තයෝ ඔය දේශපාලුවන්ගේ වාහන වලටත් මෙම නිතිය බලපානවද? නැතිනම් අහිංසක පොදු ජනතාවට විතරක්ද?? (බ)
අනේ අපේ අහිංසක මිනිස්සු තමයි වැඩියම වීදුරු අඳුරු කරලා තියෙන්නේ (බ)
මේ වගේ අය ඉන්න රටක මේ වගේ තමයි කරන්නේ (බ)
මේක හරියට වෙයි ද......? (බ)
එතකොට ඇස් දෙක විතරක් පෙන්න තියාගෙන මුළු ඇඟම කළු කබායෙන් වහ ගෙන යන සමහර කාන්තාවෝ අඳුරගන්නේ කොහොමද? (බ)
දැන් අර දියවන්නා මහත්වරුන්ගේ වාහන කැපිලා පෙනෙයිනේ. ඔහොම යමු! (නි)
වැඩියෙන්ම අදුරු කරල තියෙන්නෙ පොදු වාහන වලනේ (බ)
බලමුකෝ ඔය කිවුවට කෙරෙයිද කියලා (නි)
බලමුකෝ අවවාද කරන හැටි (නි)
බෙන්ස්, ප්රාඩෝ වලටත් අදාළද? (නි)
රටේ තියෙන ලොකුම ප්රශ්නය දැන් මේකද? (නි)
දැන් මේක කීපාරක් ක්රියාත්මක කළාද? (නි)
එතකොට ඔක්කොම ප්රශ්න විසඳෙනවා නම් හොඳයි ඉතින් (නි)
දැන් බලමුකෝ දේශපාලුවන්ගේ වාහන වල මේවා කෙරෙයිද නැද්ද කියලා (නි)
ඕවා ලොකු ලොක්කන්ට බලපාන්නේ නැහැ. පොඩි මිනිසුන්ට තමා ඔක්කොම. (නි)
මේ තීරණ ගන්නේ ජාතික ආරක්ෂාව ගැන හිතලා නම් තවදුරටත් හිතලා බලන්න ඕනෑ පැති එමටයි (නි)
මේ නීතිය දේශපාලුවන්ට වලංගු නැද්ද? (නි)