ජාත්‍යන්තර ”සුදු සැරයටි දිනය” සමරමින් ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ජනතා සම්මේලනය සංවිධානය කළ උත්සවයක් කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විණි.

විවිධ පළාත්වල දෘෂ්‍යාබාධිතයෝ මෙම අවස්ථාවට එක්වූහ.

ඔවුහු විවිධ කලා කුසලතා ද මෙහිදී ඉදිරිපත් කළහ.

එම අවස්ථාවට සහභාගි වූ සියළු දෘෂ්‍යාබාධිත පුද්ගලයකුටම සුදු සැරයටිය බැගින් පිරිනැමුණු අතර තෝරාගත් පුද්ගලයින්ට ස්වයං රැකියා ආරම්භ කිරීමට මුදල් පරිත්‍යාගයක්ද අනුග‍්‍රාහක ආයතන මගින් ලබා දුන්නේය.