IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අනුරාධපුර ගිය අගමැතිට විරෝධයක්

(බී.ජී.චතුරංග)

අනුරාධපුර ශ්‍රී මහා බෝධිය ඇතුළු සිද්ධස්ථාන වන්දනා කර ගැනීමට ගිය මහින්ද රාජපක්ෂ මහතාට සුළු පිරිසකගේ විරෝධයක් එල්ල වී ඇත.

ශ්‍රී මහා බෝධිය අසලදී කීපදෙනකු අගමැති මහින්ද රාජපක්ෂ මහතාට විරෝධය දක්වා ඇති අතර අනතුරු රුවන්වැලි සෑය වන්දනා කිරීමට ගිය අවස්ථාවේ එම ස්ථානයට ආ අනුරාධපුර නගරයේ අඛණ්ඩව විරෝධතාවයක නිරතව සිටින පිරිසක් රුවන්වැලි සෑය අභියසදී විරෝධයක් දක්වා ඇත.

අනතුරුව මිරිසවැටියට ගිය මහින්ද රාජපක්ෂ මහතාට යළි විරොධයක් එල්ල වි ඇති අතර එම අවස්ථාවේ ආරක්ෂක අංශ විසින් අගමැතිවරයා එම ස්ථානයෙන් ආරක්ෂිතව පිටත් කර යවා ඇත.



අදහස් (14)

අනුරාධපුර ගිය අගමැතිට විරෝධයක්

fairoos Sunday, 08 May 2022 12:46 PM

රට නන්නත්තාර කරලා ... දැන් වන්දනාවේ යනවා.

:       23       81

Sunil Sunday, 08 May 2022 12:52 PM

ඉතාම සුළු දැනුවත් වීමකින් හෝ පැමිණ තම විරෝධය පළකල ජනතාවට මගේ ප්‍රණාමය. මේ දුර්දාන්ත රජය කපෝති ගහන්න දැන් හොඳටම ළඟයි.

:       23       95

uk ran Sunday, 08 May 2022 01:24 PM

ඇයි එතුමා එක්ක සුහදව කතාකරපු අය මේ කියපු එක දැක්කේ නැද්ද? එකම සෙට් එක හැමතැනම විරෝධය පෑවේ. ඒක ටීවී, පුවත්වල පෙන්නුවා.

:       51       63

චින්තක Sunday, 08 May 2022 04:40 PM

විරෝධය පෑ අය හැම තැනම හිටියා වගේම අගමැතිවරයාත් හැමතැනම හිටියා... වන්දනාවේ ගියොත් එකතැනක ඉන්නේ නැහැනේ... තැනින් තැනට යනවා.

:       1       23

සකල බුජං Sunday, 08 May 2022 01:51 PM

හරිම දුකයි.., මොකද යුද්ධය නිමකරන කාලයේ හිටපු ජනාධිපති ලෙසට ගෞරවනීය නමක් තැබීමට හිටපු කෙනෙක් අධික තණ්හාව නිසා තෙවැනි වරටත් ජනාධිපති වෙන්න ගොස් පරාජය වුණා. 2019 මල්ලී ජනාධිපති කර පවුලේ හත් දෙනෙක් රට පාලනය කරන්න ගොස් පරම්පරාවට නිගරුවක් කර ගත්තා. අනේ මෙහෙම තණ්හාවක්.., අනේ මෙහෙම ආශාවක්... බුද්ධ දේශනාවෙන් කියන්නේ නිවන් දකින්න නම් ආශාව නැතිකරන්න කියලා. හොරකම් මැරකම් කරලා මල් වට්ටියක් පූජා කළාට අත පිරෙන්න නූල් බැන්දාට කරඬුවක් ඔලුව උඩින් තියාගත්තට කඨින සිවුරක් හිසේ තබාගෙන හිටියට නිවන් යන්න බැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායක මහතා කිව්වේ මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි කියලා. එම පක්ෂයේ කෙනෙක් මිනිසාට පීඩාකර තමාට හා තම පවුලට පමණක් සේවය කිරීම බණ්ඩාරනායක මහතාට කරන අපහාසයක්...

:       19       64

MO77 Sunday, 08 May 2022 02:31 PM

ඔය රාජපක්ෂලා යන හැමතැනම විරෝධතා පවත්වන්න. මේ ආණ්ඩුවෙන් රාජපක්ෂලා යා යුතුයි ගෝඨාභය ඇතුළුව.. ඉන්පස්සෙ අන්තර් රජයක් හදන්න පුළුවන්..

:       29       53

prachanda Sunday, 08 May 2022 02:50 PM

අද දවල් ටීවී එකේ පෙන්නුවා මෙයා අනුරාධපුර ගිය වග. හැබැයි ඒ අය පෙන්නුවේ නෑ මිනිස්සු විරුද්ධ වෙන එක...

:       4       44

siri Sunday, 08 May 2022 02:53 PM

දැන් කරා ඇති කියලා හිතෙන්නේම නැද්ද? සමඟි ජන බලවේගය කියා ඇත්තේ "වර්තමාන ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් වීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් යෝජනා කර ඇති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ වැඩපිළිවෙල පවතින ජාතික අර්බුදය විසඳීම සඳහා වන මූලික අවශ්‍යතාවයක් ලෙස සලකන බවයි. මේ අතර ජනාධිපතිවරයාත් බලවත් විදෙස් රටක නියෝජිතයෙකුත් සජිත් ප්‍රේමදාස සහ කරු ජයසූරිය දෙදෙනාත් සමඟ පැවැත්වුණු හදිසි සාකච්ඡාවකින් අනතුරුව " ජනාධිපති මාස 4 ක් තුළ ඉවත්වන බවටත් අර්බුදය විසඳීමට අවශ්‍ය විධායක බලතල ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට පැවරීමටත් නීතිඥ සංගමයේ යෝජනා 13 ක් අඩංගු වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවට කැමැත්ත පලවී ඇතැයි " කියන අලුත් කතා බහක් දැන් ප්‍රචාරය වෙන බව දකින්නට ඇත. මේ මොන නූල් සූත්තර දැම්මත් තරුණයින් සටන අත්හරින පාටක් නැහැ...

:       26       32

sujith Sunday, 08 May 2022 03:40 PM

එයා අටමස්ථානේ වඳිනවා... අපි ගෑස් පෝලිමේ...

:       2       36

Ranjit Sunday, 08 May 2022 04:57 PM

"එක්තරා සුප්‍රකට කාන්තාවක් විසින් ජපකරන ලද වතුර බෝතල් විරෝධතාවයෙහි නියැලී ඉන්නා තරුණ තරුණයින් ප්‍රධාන සියලුම දෙනා හට බීමට සැලැස්වීමෙන් මෙම අරගලය නිමා කිරීමට උත්සාහ කරන" බව ඉන්දියානු රූපවාහිනි සේවයක් වාර්තා කර තියෙනවා. ඔවුන් පවසා ඇත්තේ " සියල්ල අන්තිමට මේවගේ තැනකට පත්ව ඇති" බවයි.

:       3       19

Rohana Sunday, 08 May 2022 05:10 PM

බලලෝභිකමත් ජනතාවට හිමි ධනය හොරාකමින් රටේ ජනතාව අන්ත අසීරුතාවකට පත්කළ පාලකයෙකුට හිමිවන දඬුවම සිද්ධස්ථාන වන්දනාමාන කිරීමෙන් සමනය නොවේ.

:       0       29

විපරමා Sunday, 08 May 2022 06:13 PM

අද අද එයි මරු පින්කර ගන්නේ කියලා හිතාගෙන වන්දනාවේ යනවා.

:       2       20

Sisil Sunday, 08 May 2022 07:13 PM

කොයි වෙලාවේ යයිද දන්නේ නැහැ. පිනක් දහමක් කරගන්න එක හොඳයි. බලාගෙන ඔය වගේ තැන්වලට යනකොට මිනිස්සු ගල් ගහන්න පුළුවන්... හෙල්මට් එකක් දාගෙන යන්න...

:       0       17

Kumara Sunday, 08 May 2022 07:59 PM

ඔතන කොන්දක් තියෙන කෙනෙක් හැටියටනම්...

:       0       12

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 167 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 371 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 427 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 289 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 393 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 140 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site