කුලියාපිටියේ දරුවාට රජය මගින් පාසලක් ලබා දීමට කටයුතු කර තිබුනත් අනිසි ආකාරයේ ප්‍රචාරයන් නිසා ප්‍රශ්නය බැරැරුම් තත්වයකට පත් වු බවත් පවතින තත්වය සංකීර්ණ වුවහොත් අධිකරණ නියෝගයක් රැගෙන දරුවා පරිවාස භාරයට ගන්නා බවත් උසස් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මහනුවරදී පැවැසීය.
අමාත්‍ය වරයා මෙසේ පැවැසුයේ මල්වතු මහනාහිමියන් හා අස්ගිරි පාර්ශවයේ හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍යවේදීන් නැගු පැනයකට පිළිතුරු දෙමිනි.
කුලියාපිටිය කලාප අධ්‍යක්ෂවරයා විසින් තමාට ලබාදුන් තොරතුරු අනුව මෙම දරුවාගේ පියා එච්.අයි.වී ආසාධිතව මියගොස් ඇති බවත් මවටද එය ශරීර ගතවි ඇති බව පැවැසු නිසා දරුවා මවගෙන් වෙන්කළ යුතුව ඇතැයිද අමාත්‍යවරයා එහිදි පැවැසිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අධ්‍යාපනයට දෙවියන්ගේම පිහිටයි. කවුරුත් කිවුවට පුලුවන්ද කෙනෙකුට එච්අයිවී තිබෙනවා කියන්න රුධිර පරීක්ෂාවක් නොකර? දරුවාට සාධාරනය ඉටුවේවා! (නි)
මේ දරුවා පාසලට ඇතුළත් කරනොගත් බලධරයින් නීතිය හමුවට ගෙනගොස් දඬුවම් දියයුතුයි. දරුවාට හා මවට වන්දියක් ගෙවිය යුතුයි. ඡන්ද බලාගෙන අසාධාරණ වැඩ කරන දේශපාලඥයින්ටත් හිතක් පපුවක් නැති මෝඩ මිනිසුන්ටත් කර්මය මේ ආත්මයේම පලදෙයි. (නි)
ඒ ඒ ජාතියේ ජනතාවට ඒ ඒ ජාතියේම නායකයෝ හමුවෙනවලු. (නි)
ඔන්න අපේ අධ්‍යාපන ඇමති! ජනතාවට අබ සරණයි (නි)
මේ වගේ දෙයක් මම දැක්කමයි. කිසි වරදක් නොකරපු ළමයව අම්මාගෙන් වෙන්කරන්න එපා (නි)
මේ ඇමතිවරයත් කුලියාපිටියේ නේද? (නි)
ඒ ළමයාගේ අනාගතය නැතිකරන්න එපා (නි)
ප්‍රියා, ඇමතිතුමා තමාගේ ඡන්ද ගැන බයවෙලා වෙන්න ඇති දරුවා අම්මාගෙන් වෙන් කරන්න යන්නේ. (නි)
අනවශ්‍ය මාධ්‍ය ප්‍රචාරවල ප්‍රතිපලයක්. (ර)
මේක දරුවාගේ අනාගතයට ලොකු බලපෑමක්.(හේ)
වේ වගේ බුද්ධිමත් ජනතා පුත්‍රයන්ට තමයි අපේ බුද්ධිමත් ජනතාව අවුරුදු 68ක්ම ඡන්දෙ දුන්නේ . ඉතින් ලංකාව මෙච්චර දියුණු වන එක ගැන අහන්න දෙයක්ද?(හේ)
මට මතක් වෙන්නේ කැකිල්ලේ රජුරුවන්ගේ තීන්දුව. ප්‍රශ්නයට උත්තරය දරුවාට මව් සෙනෙහසත් අහිමි කිරීමද?(හේ)
මේ සිද්දිය දේශපාලනය වාසි සදහා යොදාගන්න අය කුලියාපිටියේ මිනිස්සුන්ටත් වඩා අන්තයි. (හේ)
අහිංසක දරුවාට තාත්ත නැහැ, දැන් ඇමතියෙක් නිසා අම්මත් නැහැ.(හේ)
අධ්‍යාපන ඇමතිව පරිවසභාරයට පත්කළ යුතුයි (හේ)
මොනවා උනත් දරුවා අම්මගෙන් වෙන් කරන්න නම් මේක හේතුවක් නෙමෙයි. ඇයි, විශේෂඥයින්ගෙන් අහන්නේ නැත්තේ? (ර)
සමාජ රෝග සහ ලිංගික අධ්‍යාපනය පටන් ගනිමු. අනේ මේ රෝගයට බෙහෙත් තියෙනවා. මෙම පවුලට වන්දි ලබාදෙන්න . (ර)
මේක මොන ගොන් කතාවක් ද? මෙහෙම කෙනෙක්ද අපේ රටේ අධ්‍යාපන ඇමැති!! අහෝ විපතකි ටිකක් එච්අයිවී ගැන ඉගෙන ගෙන කතා කරන්න ඇමති තුමා හරිම ලැජ්ජයි අම්මගේ ඇකේ හිටියට ළමයට එච්අයිවී හැදෙන්නේ නැ. හරිම කණගාටුයි ඔයාට ඔච්චර මනාප දීල පාර්ලිමේන්තු යවල තියෙන්නේ අර දරුවාව පාසලෙන් අයින් කරන්න කියන ජාතියේ දෙමාපියන් බව ඉතා පැහැදිලි. ඔබ ඉතාම අසාධාරණයක් ඒ දරුවට කරන්න යන්නේ දරුවාව මවගෙන් අයින් කර පරිවාස ගත කළොත්... මෙවන් ඇමති කෙනෙක්ගේ දැනුමේ තරම ගැනනම් ඉතාම කණගාටුයි මුළු අධ්‍යාපනය ගැනම ඇතිවන්නේ ඉතාම භයංකාර තාවයක් මෙවන් කෙනෙක් ඇමති කම ලැබීම තුලින් (බ)
ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ (හේ)
මෙම දරුවාගේ සිද්ධිය මාධ්‍ය මගින් අනවශ්‍ය ප්‍රචාරයක් ලබාදුන්නා. මේ හේතුවෙන් මුලු ලංකාවේම මිනිසුන් මේ ගැන දැනගත්තා. යම් දිනක මේ දරුවා වෙනත් කොයි හෝ පාසලකට ඇතුලත් කල පසු මේ දරුවට කවුරුන් හෝ විහිලුවකට ලක් කළහොත් කොන් කළහොත් මාධ්‍ය ඔහු වෙනුවෙන් පෙනී නොසිටුණු ඇත. පිට බැද්දර ජයාට හිතුන දේ මටත් කරගන්න හිතෙනවා දැන්. (ර)
මොනවා වුනත් යහපාලන ආණ්ඩුව ආවේ නැත්නම් මේ දරුවට ත්‍රිත්ව විද්‍යාලය ලැබෙන්නේ නැහැ. ඇමතිතුමාට බොහොම පින් මේ ප්‍රශ්නයට මැදිහත්වීම ගැන. (බ)
කෙනෙකුගේ වෛද්‍ය වාර්තා මෙහෙම ප්‍රසිද්ධියේ කියන්න බෑ. මේවා දකින කොට හිතෙනවා අපි තුන්වෙනි ලෝකෙනුත් පල්ලෙහාද ඉන්නේ කියලා. (ර)
පවු මේ අහිංසක ළමයා (නි)
අරවින්ද පෙන්වා දෙන කාරණය කොයි තරම් වැදගත්ද කියල කාටවත් තේරෙනවද? දියුණු රටක මේ විදිහට වෛද්‍ය වාරතා ගැන කතා කරලා කෙනෙකුගේ පෞද්ගලිකත්වය කෙලෙසුවොත් ඇමති කියල නෑ හිරේ ගිහන් තමයි නවතින්නේ. (ර)
පිටබැද්දර ජයා, හරියටම හරි. (ර)
ළමා අයිතිවාසිකම් ගැන නොතකන අයට මඩු වලිගයෙන් තමා තළන්න වෙන්නේ (නි)
තවත් මේකේ දුරදිග යන්න දෙයක් නැහැ (නි)
දැන් ඒ දරුවාගේ අනාගතය නැතිවෙලා ඉවරයි (නි)
දුප්පත් වුණ පළියට ඔවුන් හැම පැත්තෙන්ම තළන එක නම් වැරදියි (නි)
මේ වගේ දේශපාලඥයින් ඉන්න රටේ මේ වගේ දේවල් නැත්නම් තමයි පුදුමය (නි)
කවුරු මොනවා කීවත්, ඉතාම සෝචනීය ලෙස මේ දරුවගේත් ඒ දරුවාගේ අම්මගෙත් පෞද්ගලිකත්වය විනාස කරලා තියෙනවා. මේවා මානව හිමිකම් ආයතන සොයා බැලිය යුතු වෙනවා, මේවා නොවෙන්න නීති සම්පාදනය කල යුතුයි (හේ)
මේ පුවත කියවනවිට අපේ රටේ අධ්‍යාපන ඇමති ගැන දැනුන හැඟීම වචනයට නඟන්න අමාරුයි. (නි)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
කලාප අධ්‍යක්ෂවරයෙක් කියන්නේ උගත්, වගකීමක් දරන නිලධාරියෙක්. මොහු විසින් ලබාදුන් විස්තර නිසි අධ්‍යනයකින් විමර්ශනය කර ලබාදුන් සත්‍ය තොරතුරු වියහැකියි. දරුවාගේ මවටද එච්.අයි.වී ශරීරගත වී ඇති බව තහවුරු වී ඇත්නම් දරුවාගේ ආරක්ෂාවට නිසි පිළියම් යෙදිය යුතු වෙනවා. මවගෙන් දරුවා වෙන්කිරීම ගැන සමහරුන් විවිධ අදහස් පළ කළහැකියි. අප අසා ඇති අන්දමට, තුවාලයක්, සීරීමක් වැනි දෙයකින් මේ ආසාදනය අනෙකාටත් බෝවිය හැකියි. කරුණු පහදා දී දරුවාවත් ආරක්ෂා කර, මවටත් සහනයක් සැළසීම වගකිවයුත්තන්ගේ යුතුකම වෙනවා වාගේම, මෙම ප්‍රශ්නය දිහා මානුෂිකව බැලීම අප සියලු දෙනාගේම යුතුකම වෙනවා. (නි)
අනේ! එච්.අයි.වී කියන්නෙ මොකක්ද? රටේ අධ්‍යාපන ඇමතිකම කරන කෙනා නේද මෙහෙම ප්‍රකාශ කරන්නේ? (නි)
අයියෝ ඇමතිතුමා, එම දරුවාට එහෙම රෝගයක් තිබුනත් නැතත් අම්මා සමඟ දරුවාට ජීවත්වීමේ අයිතිය අහිමි කරන්නට එපා (නි)
ලෝකයේ පළමු වතාවට වෙන්න ඇති අම්මාට එච්.අයි.වී. කියලා දරුවාගෙන් අම්මාව වෙන් කරන්නේ. කොහේ තිබෙන නීතිද මේවා? කෝ ඔබතුමාගේ වගකීම්? කෙනෙකුගේ පෞද්ගලික දේවල් මේ විදිහට ප්‍රසිද්ධියේ කීමෙන් ඔහුට හෝ ඇයට වෙන හානියට වගකියන්නේ කවුද? ඒ දරුවාගේ ජීවිතය දැනටමත් අඳුරු කරලා ඉවරයි. (නි)
එච්අයිවී ආසාදනය වන්නේ ආසාධිතයකුගේ රුධිරය එන්නත් වීම, ලිංගික ක්‍රියාකාරකම්, දරු ප්‍රසුතිය, රුධිර පාරවිලයනය යන අවස්ථා වලදීයි. ආසාධිත මවගේ ඇකයේ හිඳීමෙන්, මවට තුවාල වී රුධිරය දරුවාගේ සමේ තැවරීමෙන්, මව තුරුලේ දරුවා නිදාගැනීමෙන් එය දරුවාට වැළඳෙන්නේ නැත. කරුණු නොදන්නේ නම් හොඳම දෙය නිහඬව සිටීමයි. නැත්නම් මේ වැනි මතවාද සාමාන්‍ය ජනතාව විශ්වාස කිරීම තව තවත් වැඩිවෙනවා (නි)
මගේ අවබෝධයට අනුව එදා රැස්වීමේදී දෙමවුපියෝ හැසිරුණු ආකාරය වැරදයි. ඒගොල්ලෝ මීටවඩා බුද්ධිමත් වියයුතුයි. (නි)
ශ්‍රී ලංකාවේ නීතිය හා මානව හිමිකම් අනුව යම්කිසි පුද්ගලයෙකුගේ වෛද්‍ය වාර්තාවක් එම පුද්ගලයාගෙන් අවසරයකින් තොරව යම් අයෙකුට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ හැකිද? නොදන්නා නිසයි අහන්නේ. දරුවන් ඉන්න සියලු දෙමාපියන්ගේ බෝවන රෝග පරික්ෂාකර දරුවන් දෙමාපියන්ගෙන් වෙන්කරන ක්‍රමවේදයක් හැදුවොත් නරකද? (නි)
පිට බද්දර ජයා, දහම්, ජනතාවකට හැමවිටම ලැබෙන්නේ ඒ අයට ගැලපෙන නායකයෝ. බුද්ධිමත් ජනතාවකට මෝඩ පාලකයොත් ,මෝඩ ජනතාවකට බුද්ධිමත් නායකයොත්., පරාර්ථකාමී ජනතාවකට ආත්මාර්ථකාමී නායකයොත් ආත්මාර්ථකාමී ජනතාවකට පරාර්ථකාමී පාලකයොත් ලැබෙන්නේ නැහැ කියනවනේ. (ර)
ඇමතිතුමා දොස්තර කෙනෙක්ද? (නි)
පවු පොඩි එකා. ලෙඩේට මෙච්චර බෙහෙත් තියෙද්දිත්, මිනිසුන්ගේ කුහකකම. (නි)
දරුවා අම්මගෙන් වෙන්කරලා පරිවාසෙට ගන්න එපා. පොඩි එකා තවත් දුක්වෙනවා. (ර)
තම උගත්කම හා ශිෂ්ටත්වය මනාව ප්‍රදර්ශනය කර ඇති බව පෙනෙනවා (නි)
මවට රෝගය වැළඳුනු නිසා දරුවා වෙන්කළ යුතු නැත. ඇරත්, කලාප අධ්‍යක්ෂතුමා වෛද්‍ය වාර්තාවක් ලබාගෙන තිබෙනවද මවට වැළඳී ඇති බව සහතික කරමින්. එසේනම්, ප්‍රථමයෙන් මව ප්‍රතිකාර සඳහා යොමු කළයුතුය. (නි)
කොයි පක්ෂෙන් වුණත් දේශපාලකයෝ නම් හත්පොලේම ගාගන්නවා. කලින් හිටපු ජෝකර්ලා ටික යනකොට අලුතින් ජෝකර්ලා එනවා. අනේ මන්දා වෙලාවකට හිතෙනවා නියඟලා අලයක් කාලා කැලේට දුවන්න (නි)
දැන්නම් හිතෙනවා රටේ අධ්‍යාපනයටත් දෙවි පිහිටයි කියලා (නි)
අනේ විතානගේ මහත්මයා, විනාඩි 30ක් වැයකරලා එච්.අයි . වී. හැදෙන හැටි කියලා දෙන්න (නි)
එහෙම කොහමද මේ ලෙඩේ බෝවෙන්නේ? අර කිව්වා වගේ අපේ රටේ අධ්‍යාපනය ගැන හිතාගන්න පුළුවන් මේ ප්‍රකාශය දිහා බැලුවහම (නි)
රටේ අධ්‍යාපන ඇමැතිගේ දැනීම පුදුමාකාරයි. මෙවන් අධ්‍යාපන ඇමතියන් යටතේ පාලනය වන ලංකාවේ අධ්‍යාපනයට යන කල ගැන කවර කතාද? (බ)