ඇප මත මුදා හැරුණු එල්ටීටීඊ සැකකරුවන් සතුව තිබූ නඩුකටයුතු වලට අවශ්‍ය නැති භාණ්ඩ නැවත ඔවුනට මුදා හරින්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය ත්‍රස්ත විමර්ශන අංශයට නියෝග කළාය.

සැකකරුවන් නව දෙනෙකු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ පිරිසක් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන මහේස්ත්‍රාත්වරිය එලෙස නියෝග කළාය.