ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කමිටුව පස්වරු 4.30 දක්වා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී මහජන අදහස් විමසයි. සභාපති ලාල් විජේනායක,සුනිල් ජයරත්න, තේමිය හුරුල්ලේ, නදීකා දමයන්ති කමිටු සේවා සාමාජිකයෝය.
අද සහ හෙට (18) දවස පුරා උදෑසන 9.30 සිට 4.30 දක්වා පැවැත්වේ.
විශ්‍රාමික රාජ්‍ය සේවා එකමුතුව වෙනුවෙන් පියදාස පතිරණ මහතා මුලින්ම කරුණූ දක්වමින් රාජ්‍ය සේවා විශ්‍රාම ලබන අයට ප්‍රතිලාභ ලබා ගැනීමට දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බාධාවක් වී ඇතැයි සඳහන් කළේය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති හා රජරට එක්සත් වෘත්තියවේදීන්ගේ සංසදයේ ජ්‍යෙෂ්ඨ උපදේශ මහාචාර්ය සී.එම්. මද්දුමබණ්ඩාර අදහස් දක්වමින් කොළඹ වාණිජ අගනුවර ලෙස පවත්වා ගෙන යමින් මීළඟ අගනුවර අනුරාධපුරය කළ යුතු යැයි ද ප්‍රකාශ කළේය.
සිංහල රජදවස අනුරාධපුරය වසර 1500 ක් පමණ මෙරටේ අගනුවර වු බව ඉතිහාසය කියයි.
![DSC_4866[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/DSC_48661.jpg)
![DSC_4869[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/DSC_48691.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාති වාදීන් වෙතටයි දෑන් රජය මේ යෝජනාවත් ක්‍රියාත්මක කරන්නද යන්නේ එකෙක් ජතික කොඩියෙන් සිංහයා ඉවත් කරන්න කියලා යෝජනා කලානේ ඒකට මරහඩ තලපු නිසයි ඈහෑවුවේ ඕනේ කෙනෙකුට යෝජනා කරන්න අයිතියක් තියෙනවා වගේම ඒවා නොකර සිටින්නත් රජයට අයිතියක් තියෙනවා. (ර)
හොද අදහසක්. (ර)
හොඳ අදහසක් (නි)
අහවලා තව ටික දවසක් හිටියා නම් අපේ රටේ නව අගනුවර මැදමූලන වෙන්නත් තිබුණා (නි)
අත්ත වශයෙන්ම ලංකාවේ අගනුවර වියයුත්තේ අනුරාධපුරයයි. රටේ පවතින ගැටලු රැසකටම විසඳුම් ලැබෙයි. මෙය පුලුල් ජනතා සාකච්ඡාවකට බඳුන් කළයුතු කාරණයක්. අදහස අත්නොහැර ඒ වෙනුවෙන් දිගටම ක්‍රියාත්මක වන මෙන් එම විද්වතුන්ගෙන් ඉල්ලා සිටිමි. (නි)
බලමු මොකද වෙන්නේ කියලා (නි)
ගොඩක් හොඳ යෝජනාවක්. අපිත් කැමතියි ඒකට අනුරාධපුරයේ තවමත් රැඳී ඇති බුද්ධ ශක්තියෙන් රටට යහපතක් වේවි (බ)
ගොඩක් හොඳ යෝජනාවක්. අපුර ඕන තරම් ඉඩ තියෙනවා අනික අවුරුදු 1500ක ඉතිහාසයක් තියෙනවා. කොළඹට විතරයි දෙවැනි අනිත් හැමදේම තියෙන නගරයක්. අනික ඔකෙන් කොළඹ තදබදය සැහෙන අඩුවෙනවා වගේම මේ නිසා සංචාරක ආකර්ෂණය වැඩිවෙනවා. (ර)
හොඳ යෝජනාවක්. අපිත් කැමතියි ඒකට අනුරාධපුරයේ තවමත් රැඳී ඇති බුද්ධ ශක්තියෙන් රටට යහපතක් වේවි. (හේ)
කලින් කලට මේ විදියේ වෙනස්කම් කරන්න ගියොත් අපේ රටේ ආර්ථිකයට බලවත් පහරක් වදින්න පුළුවන්. අනුරාධපුරය පුජා නගරයක් ලෙස තවත් දියුණු කරන එක මීට වඩා වැදගත් වෙන්න පුළුවන්. (ර)
චන්දන - ඕස්ට්‍රේලියා, අනුරාධපුරේ පවතින වකුගඩු රෝගය අඩු කිරීමට මගක් සොයා ගැනීමට කලින් ඊට නිශ්චිත හේතුව සොයාගන්න ඕනේ. තවම කිසිම පර්යේෂකයෙක් පලිබෝධ නාශක වලින් එන කාබනික සංයෝග ගැන විශ්ලේෂණය කර නැහැ. බැර ලෝහ සහ ෆ්ලුවොරයිඩ් ගැන පමණයි සොයා තිබෙන්නේ. බැර ලෝහ පරමාණුක අවශෝෂණ වර්ණවලිමානයෙන් සහ ෆ්ලුවොරයිඩ් අයන වරණ ඉලෙක්ට්‍රොඩයක් මගින් ඉතා පහසුවෙන් විශ්ලේෂණය කල හැකි වීම ඊට හේතුවයි. පලිබෝධ නාශක වලින් එන කාබනික සංයෝග ගැන වායු/ද්‍රව ක්‍රමලේඛ-ස්කන්ධ භේද-ස්කන්ධ භේද විශ්ලේෂණය වඩා අපහසුයි. හරියට හේතුව නොදන්නා මේ රෝගය පාලනයට මා දකින්නේ දැනට හොදම ක්‍රමය නම් හැකිතරම් ජනතාව වෙනත් ප්‍රදේශ වලට යැවීමයි. ඒ වෙනුවට අනුරාධපුරය අගනුවර කර ජනගහන වැඩිකිරීම කොරේ පිටට මරේ වැනි කියමන මෙන් විය හැකි ව්‍යසනයකි. (ර)
මෝඩ නැත්නම් හොඳයි ඉතින් නේද ? (ර)
අදහස හොඳයි වරායකුත් හදන්න වෙයි. (ර)
ඇයි ඒ තවත් වැඩිපුර මිනිස්සු ටිකකට වකුගඩු රෝගය බෝ කරන්නද ? හැකිනම්, වකුගඩු රෝගයක් බහුල වුණ අනුරාධපුරයේ ජීවත් වන ජන ප්‍රමාණය හැකිතාක් අඩු කල යුතුයි ජීවිත බේරා ගැනීම සදහා. මේ අදහස මට නම් තේරුම් ගැනීමට නොහැකියි. (ර)
අනුරාධපුරය අගනුවර කිරීම ඉතාම වැදගත්. (ර)
වටිනා අදහසක්. (ර)
නුවර පුරවැසියෙක් හැටියෙට මම කැමති, මහනුවර කියන නමට වඩා, සෙන්කඩගල නුවර කියනවනම්. (ර)
රජයේ දෙපාර්තමේන්තු හා පරිපාලනය අනුරාදපුරේට ගෙනිහින් පැරණි රාජධානි ශ්‍රී විබුතිය පෙන්වලා උතුරෙන් ආපහු සොලී ආක්‍රමණ අවාහම කොළඹට දුවගෙන එන්න පුළුවන් පස්සේ. (ර)
මේකත් අර ජාතික කොඩියෙන් සිංහයා ඉවත් කරන්න කියනවා වගේ කතාවක්. (ර)
නිල්මිණි, වකුගඩු රෝගයක් බහුල නිසා අනුරාධපුරයේ ජීවත් වන ජන ප්‍රමාණය හැකිතාක් අඩු කල යුතුද? ඒ නිසා අනුරාධපුරය අගනුවර නොකළ යුතුද? ඔයාගේ ප්‍රශ්ණ වලට කල යුත්තේ අනුරාධපුරේ පවතින වකුගඩු රෝගය අඩු කිරීමට මගක් සොයා ගැනීමයි. (ර)
ඉතා කාලෝචිත අදසක් අපේ රටේ අබිමානය රැදිලා තියෙන්නේ රජරට අපි මේගැන සලකා බැලිය යුතුය. කොළඹ තිබෙන අක්‍රමවත් ඉදිකිරිම සහ පරිසර දුෂණයට තිත තියන්න පුළුවන්. (ර)
එකම අඩු පාඩුව එපමණයි? (ර)
අපිත් කැමතියි මෙම අදහසට. (ර)
මේවගේ දේවල් වලින් රටේ සංවර්දනය අඩාල වෙනවා කියලා හිතෙන්නේ නැද්ද? (ර)
වායු සමීකරණය කල වාහන වල ගිහිල්ල.සැප පහසු හෝල් වල ඉඳගෙන මේ වගේ ප්‍රකාස කරලා,ඒවා සම්මත කරගෙන,තවත් අසරණ ජනතාවගේ කරට බැරි බර පටවන්න හොඳ අදහසක්. (ර)
ඉතා කාලෝචිත අදසක්. (ර)
මම කොලබ කෙනෙක්, නමුත් මමත් එකගයි මේ අදහසට , මොකද එතකොට තමා සංවර්ධනය නියම විධියට මුළු රට පුරාම බෙදෙන්නේ. (ර)
අනේ අපි දන්නෙ නැහැ ඕවා (නි)
හෙට අනිද්දාට අනිකුත් නගර වල ඉන්නා අයත් තමන් ජීවත් වෙන නගරය ලංකාවේ අගනුවර කරන්න කියාවි . (ර)
අනේ එපා. ලස්සනට කොළ පාටට තියෙන අනුරාධපුරේ කාන්තාරයක් කරන්න එපා. (ර)
අනුරාධපුරය අගනුවර කිරීමද තියන ලොකුම දැවෙන ව්‍යවස්ථා අවශ්‍යතාවය.? අනුවණ කමට ආයුර්වේදයෙවත් බටහිර වෛද්‍ය ක්‍රමේ වත් සුදුසු ඖෂධයක් තවම සමුවී නොමැත.(බ)
හොද අදහසක් අපිත් කැමතියි (බ)
ඉතාමත් හොඳයි. අපේ අතීත ශ්‍රී විභූතිය නැවත ඉස්මතු කරන්න හොඳම යෝජනාවක්. අපේ හදවත අනුරපුරයයි. මම රත්නපුරයේ උනත් මමත් කැමති අනුරාධපුරයටයි. (ර)
අපි බලන් ඉන්නේ පොලොන්නරුව අගනුවර කරනකල්. (ර)
අනේ වඳින්නම් ඒ වැඩේනම් කරන්න දෙන්න එපා , රටේම ඉන්න හොරු , මංකොල්ල කාරයෝ .මිනීමරුවෝ , ස්ත්‍රී දුසකයෝ මෙකි නොකී හැම කෙනෙක්ම පුජනීය නගරයට යාවි, එතකොට අපිට නිවිහැනහිල්ලේ අටමස්තානේවත් වැඳ පුදාගන්න බැරි වෙයි. (ර)
60 දශකයෙදිත් ඔහොම සතර පෝය නිවාඩු කරන්න කියා ඉල්ලුවා, අපේ රට බෞද්ධ රටක් නිසා. දුන්නට පස්සේ තමයි ඒකේ වැරැද්ද කාටත් පෙනුනේ. කාලයට ඔබින විදිහට වැඩ කළයුතුය. කලින් ගොන් කරත්තෙන් ගියා කියා අදත් එහෙම කරලා හරියනවද? (නි)