බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාවේ මාධ්‍ය කණ්ඩායම ගමන්කළ දුම්රිය අනුරාධපුර නගරයේදී නැවැත්වීමේ ක්‍රියාදාමය රජයේ අනුදැනුම ඇතිව සංවිධානය කරන ලද්දක් බවට ඊයේ(13) රාත්‍රියේ සිට විදෙස් ප්‍රවෘත්ති මහ ඉහලින් වාර්තා කර ඇත.
චැනල් 4 රාත්‍රී ප්‍රවෘත්ති විකාශනයේද ඒ සම්බන්ද විශේෂ වාර්තාවක් ඇතුළත් කැර තිබුණි.
එයට දැනට කොළඹ සිටින බ්‍රිතාන්‍ය විදේශ ඇමති විලියම් හේග් සමඟ පවත්වන ළද සම්මුඛ සාකච්ඡාවක්ද ඇතුළත් විය.
විලියම් හේග් එහිදී බ්‍රිතාන්‍ය වාර්තා කරුවන්ට ඔවුන්ගේ රාජකාරිය කරගෙනයාමට අවහිර කිරීම තරයේම හෙලා දකිනබව පැවසිය.
මේ පිළිබඳව ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය ජී.එල්.පිරිස් සමඟ කතාබස් කිරීමට කටයුතු කරන බවද බ්‍රිතාන්‍ය විදෙස් ඇමතිවරයා චැනල් 4 වාර්තාකරුවන්ට ප්‍රතිඥාවක්ද දුන්නේය.
අනුරාධපුර විරෝධතාවයට සහභාගිවූ කිහිපදෙනෙකුගෙන් චැනල් 4 නාලිකාව විකාශනය කල ශ්‍රී ලංකාව සම්බන්ධ වැඩ සටහන් දුටුවාදැයි කැලම් මැක්රේ විමසා සිටියේය.
එතැන සිටි කිසිවෙක් එම වැඩ සටහන් දුටුබවක් ප්‍රකාශකළේ නැත. මේ සිද්ධියද තමන්ගේ වාසිය සඳහා චැනල් 4 වාර්තා කරුවන් උලුප්පා පෙන්වනු ලැබිය.
චැනල් 4 කණ්ඩායමේ ගමන් බිමන් පිළිබඳව ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සෝදිසියෙන් සිටින බව ඔවුන් දැනගෙන සිටි බවත් ඔවුන් එදින දුම්රියෙන් ගමන් කරන බව අනුරාධපුරයේ කණ්ඩායමක් දැනගන්නට ඇත්තේ ආරක්ෂක අංශයේ කවුරුන්ගෙන්හෝ විය හැකිබවට අනුමානකල හැකි බවත් එම වාර්තාවෙහි සඳහන් විය.
අනුරාධපුරයේ දහසකට වැඩි පිරිසක් රැස්ව සිටි අතර ඔවුන් ශබ්දනගා කෑකෝගසමින් දුම්රිය වටකළ අතර කිහිප දෙනෙක්ම එම කණ්ඩායම සිටි රිය මැදිරිය තුලට පැමිණි නමුත් කිසිවිටෙකත් තර්ජනාත්මක අයුරින් හැසිරුණේ නැති බවත් එනිසා තම කණ්ඩායමේ කිසිවෙකුටත් අනවශ්‍ය බියක් අතිනොවුණ බවත් චැනල් 4 වාර්තාවෙහි සඳහන් විය.
අනුරාධපුර සිද්ධියේ අතුරුපලයක් ලෙස චැනල් 4 නාලිකාව මඟින් අද (නොවැම්බර් 14 බ්‍රහස්පතින්දා) රාත්‍රියේදී "සුදු වෑන් කතන්දර" නමින් යුතු පැය දෙකක වාර්තාමය චිත්‍රපටයක් විකාශනය කිරීම සඳහා කඩිනම් පියවරක් ගෙන ඇත.
ඒක පාක්ෂික අයුරින් සකස්කර ඇති එයද ශ්‍රී ලංකාවට ඉතාම අවාසිදායක අන්දමට නිෂ්පාදනය කර ඇති තවත් "අපබ්‍රංශයක්" වියයුතු බවට පෙනීයන බව ඒගැන අදහස් දක්වන ලන්ඩන් නුවර ශ්‍රී ලාංකිකයෝ පවසති.
තමිල්නාඩුවේ ලීනා මනිමෙකලයි නමැති කාන්තාව විසින් ශ්‍රී ලංකාවේදී රූපගත කර ඇති එම වාර්තා චිත්‍රපටහි අන්තර්ගතය වන්නේ ශ්‍රී ලංකාවේ අතුරුදහන්වුවන්ගේ පවුල්සාමාජිකයින්ගේ අත්දැකීම් බව ඒ පිළිබඳව නොකඩවා විකාශනය කෙරෙන පුර්ව ප්‍රචාරක දැන්වීම් වල දැක්වෙයි.
මීට පෙර විකාශනය නොවූ අනුවේදනීය දර්ශන සහ තොරතුරු එහි ඇතුලත්ව ඇති බවද පැවසේ. අතුරුදහන්වුවන්ගේ පවුල් හතක් ඒ සඳහා සම්බන්ධ කරගෙන ඇත.
චැනල් 4 කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණියේ කලින් සුදානම් කරගත් සුක්ෂම සැලසුමකට අනුව බවත් ඔවුන්ගේ තරම දන දැනත් ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩදීම මේ පටලැවිල්ලේ මුලාරම්භය බවත් මෙම සිද්ධිය සහ ඉන් අනතුරුව විදේශයන්හි පැතිරීයන ශ්‍රී ලංකා විරෝධී ප්‍රවෘත්ති ජාලය පිළිබඳව අදහස් දක්වන ලන්ඩන් නුවර ශ්‍රී ලාංකිකයෝ පවසති.
චැනල් 4 නාලිකාව ශ්‍රී ලංකාවට අවාසිදායක වාර්තා බෙදාහැරිම නවතා දමාවියැයි කිසිසේත් සිතිය නොහැකි බවද ශ්‍රී ලංකාවට පැමිණි පිරිස කොටි කණ්ඩායමේ මුදලට යටවුණ ලෙසට පදනම් රහිත චෝදනා එල්ල කිරීම අභාග්‍ය සම්පන්න දෙයක් බවද මේ පිරිස් පවසති.
මෙම කණ්ඩායම පැමිණීමෙන් ශ්‍රී ලංකාවට අවැඩක් සිදුවිය නොහැකිබවට රජයේ බලධාරීන්ට වාර්තා සපයන ලද මාධ්‍ය උපදේශකයින් යමක් පාගාගෙන ඇතිබව පෙනීයන බවද ඔවුහු පවසති.
.gif)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චැනල් ෆෝ කණ්ඩායමට කරපු විරෝධතාවය ප්‍රමාණය ඉක්මවා යෑම මහා මෝඩ වැඩක්. ඒ අයට යාපනයට යන්න දුන්නා නම් අපේ රටේ නිදහසක් තිබෙනවා කියලවත් තේරෙන්න තිබුණා. දැන් වෙලා තියෙන්නේ අන් මතයක් ඉවසන්න බැරි මෝඩයෝ මේ රටේ ඉන්නවා කියල මුලු ලෝකෙටම ඔප්පු කරල පෙන්නපු එක. මොලයක් දීල තීයෙන්න ඉඳල හිටලවත් පාවිච්චි කරන්නයි. (ස)
ඇදගෙන නානවා. (ස)
මේ සැරේ උද්ඝෝෂණ කරා කියල ෆිල්ම් හදාවි. ලංකාවෙ ඉන්නෙ මෝඩ මිනිස්සු. (ස)
තණකොළ කන කකුල් දෙකේ හරක් තාම ඇත. (ස)
නියම ගොන් වැඩක් කරලා තියෙන්නේ. ඔය කරන ඒවා එයාලගේ මතය දියුණු කරන්න තව උදවු වෙනවා. ඔය වැඩේ කරපු මිනිස්සු වීර වැඩක් වගේ හිතාගෙන කරපු ගොන් කම තේරේවි. මෙයාල එක දෙක කරලා ලෝකේ පුරා ඕව ප්‍රසිද්ධ කරද්දී. ඔය 100-200ක් එකතු වෙලා කෑ ගහල නවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයි චැනල් 4 කියන්නෙ. චමින්ද ජයනාත් හරියට හරි. අපේ මෝඩ මිනිස්සු හිතන් ඉන්නේ බෝඩ් ටිකක් උස්සගෙන කෑ ගැහුවම චැනල් 4 වගේ මාධ්‍යකට බලපෑමක් කරන්න පුළුවන් කියලා. උන්ගේ තර්ක සාක්ෂි ඇතුව මොලෙන් බිඳින්න ඕන. (ස)
ඒවා බලන්නම ඕනෑද රටට විරුද්ධ දෙයක් කියලා තීරණයක් ගන්න? එතකොට ඔය වාර්තාකාරයෝ යුද අපරාධ දැක්කද? (නි)
අනේ මන්ද ඔය වගේ මෝඩ වැඩ කවුරු සංවිධානය කරනවද කියලා. චැනල් 4 උන්ට ඕන උනෙත් ඕක තමයි... දැන් කියයි යාපනේ යන්න දුන්නේ නැත්තේ එහෙ ගැටළු තියෙන නිසා කියලා.. ඔය වගේ වැඩ හොඳයි ලංකාවේ ඡන්දෙ ගන්න. හැබැයි අපිට චැනල් 4 එක කියන්නේ බොරු කියල ඔප්පු කරන්න බැරි වෙනවා... ලලිත් කියනවා වගේ උන්ගේ තර්ක සාක්ෂි ඇතුව මොලෙන් බිඳින්න ඕන. ගොන් පාර්ට් දාන්නේ නැතිව.... (ස)
ලංකාවේ ඉන්න මෝඩ තකතීරුවෝ කිහිප දෙනෙක් උද්ඝෝෂණ කරල චැනල් 4 ලට අවශ්‍ය රූප රාමුයි පසුබිමයි හදල දුන්නා. දැන් ඉතින් නියමෙට තවත් චිත්‍රපටි හදාවි. මොකද මැක්රේ සියැසින්ම දැකපු දේ තව ටික දවසකින් සිංහලයො අනිකුත් සුළු ජාතීන්ට කරන අසාධාරණය කියල චිත්‍රපටියක් හදල දමාවි. (ස)
හරි. හවුල් තමයි. ඉතින් මොකද? (නි)
චැනල් 4 එකටත් ඕනෑ වුණේ ඕකමයි. අපේ අය තමයි වලිගෙ පාගාගෙන දැගලුවේ, අන්තිමට අපේ රටේ මාධ්‍ය නිදහසක් කියන එකකුත් නැහැ කියන එකත් ලෝකෙටම අපි කිවුවා. (නි)
ඕක ඉතින් ඕනෑ පොඩි ළමයෙක්ට වුණත් හිතාගන්න පුළුවන්. දුම්රිය ගමනාගමනය නවත්වාගෙන කවුරුහරි ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණය කලා නම් හමුදාවෙන් මොකද කරන්නේ? ලංකාවේ ඔය කට්ටියට එහෙම කිසිම බාධාවක් තිබුණේ නැහැනේ. (නි)
ඔය මොනවත් නැහැනේ අපි කොන්ද පණ ඇතුව සමුලුවෙන් අයින් වුණා නම්. අපේ මුතුන් මිත්තන්ව මරාදාපු රට විනාශ කරපු අයව ගෙනල්ලා පාවඩ දානවා. ඔවුන් කරන්නෙම කෙනෙහිලිකම්, ඕක තේරුම් ගන්න මොළයක් තියෙන හරිහමන් කෙනෙක් ලංකාවට තවම නැහැ. 1. පළාත් සභා එපාද නැද්ද? 2. චෝගම් එපාද නැද්ද? 3. එක්සත් ජාතින්ගේ සාමාජිකත්වය ඕනෑද නැද්ද? 4. සමානුපාතික ඡන්ද ක්‍රමය ඕනෑද නැද්ද? (නි)
මෝඩකම් වල සීමාවක් නැහැ.එහෙන් රටේ සල්ලි ඉවරයි.සමහර ආයතන වලට පඩි ගෙවාගන්නත් සල්ලි නෑැතිලු.මෙහෙන් ඉල්ලගෙන කනවා.හම්බවෙන දේකුත් නැහැ. අපොයි මගේ රට! (නි)
ගිය රාත්‍රියේදී මම මේ ප්‍රවෘත්තිය දැක්කා. කොහොම වුණත් අපිට මතකයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ලන්ඩන් වලට එන්න හිටි වෙලාවේ මෙහෙ සිටින දෙමළ ජාතිකයන් පිරිසක් විසින් සංවිධානය කළ උද්ගෝෂණය . ඒ වෙලාවේ ජනපතිතුමාට එතුමාගේ දේශනය පවා අවලංගුකර මේ රටට පැමිණීම පවා අවලංගු කළා. ඒ වෙලාවේ බ්‍රිතාන්‍ය මාධ්‍ය වලට එය නිදහසේ අදහස් දැක්වීමක්.නමුත් මේ වෙලාවේ උද්ගෝෂණය රාජ්‍ය අනුග්‍රහයෙන් කළ කඩාකප්පල්කාරී ක්‍රියාවක්.නමුත් ඒ ගැන ඔප්පු කරන්න මොනවද තියෙන සාක්ෂි? ජනාධිපතිතුමා ලන්ඩන් එන වෙලාවේ දෙමළ මිනිස්සු කළ දේට අයිතියක් තියෙනවා නම් අපේ මිනිස්සුන්ටත් චැනල් 4 එකට විරුද්ධ වෙන්න අයිතියක් තියෙනවා.කණගාටුවට කරුණ මේ ගැන අපේ රටවල් නියෝජනය කරන කිසිම නිලදාරියෙක් ප්‍රචාරයක් ලබා දෙන්න උනන්දුවක් නැති එකයි. චැනල් 4 කට්ටිය ලංකාවේ ජනතාවට ස්තුතිවන්ත වියයුතුයි, ලංකාවේදී කිසිම අනතුරක් නොකරපු එක ගැන. (නි)
මම ඊයේ දිනයේ ලිවූ අදහස් සියල්ල සැබෑ වෙලා තිබෙනවා. මේ කරුණු කිසිවක් සිතා නොබලා මේ කළ මෝඩකම අපිට අවාසි වුණා දැන්. අනේ මං දන්නේ නැහැ අපේ මිනිස්සු කිසිවක් මොළේ කල්පනා කරලා කරන්නේ නැහැ. ගහෙන් වැටුණු කෙනාට ගොනා අැන්නා වගේ. (නි)
අපේ මිනිස්සු කිසිම දෙයක් දන්නේ නැතුව කරන්නන් වාලේ කරන වගකීමක් නැති වැඩ නිසා රට හෑල්ලු වෙනවා. රටේ ඇත්තටම වෙන්නේ මොනවද කියලා අපේ මිනිස්සුන්ගෙන් 95% ක්‌ම දන්නේ නැහැ. වීඩියෝ එක බොරු එකක් කියලා අහක දාන්න බැහැ. ඒවාට මොළේ ඇතුව මුහුණ දෙනවා වෙනුවට කරන්නේ ඒක බිල්ලට දෙන එක. (නි)
මේ වගේ අය ඉන්න රටක් කෙසේ දියුණු වෙන්නද? (නි)
අපේ ජනාධිපතිතුමාට ලන්ඩන් වලදී දේශනය කරන්නට ඉඩ නොදී, ආරක්ෂක හේතුන් මත කියා එය අවලංගු කළේ එම රජය සහ පොලිසිය කොටින්ට ඇති ආදරය නිසා නොවේද? එහෙම එකේ මේ මාධ්‍යවේදියාට මේ කළ දෙය නරකයි කියන්නේ අපේම සිංහලයන් කරුණු නොදැනයි. (නි)
එතකොට බ්‍රිතාන්‍යයේ චැනල් 4 එකේ කොටි පිළිබදව ගිය එක කළේ මොන රජය සම්බන්ධ වෙලාද? (නි)
හත් පොලේ ගා ගන්නවා අපේ කට්ටිය... (ස)
ඔය මිනිහ ආවත් නාවත් කොටි සල්ලි වලට කරන්න ඕන දේ කරනවා.එතකොට මීට කලින් ඔය මිනිහා ෆිල්ම් හැදුවේ මේ රටට ඇවිල්ලද?ඔහුට විස්තර දෙන දෙමල සහ සිංහල කොටි අපි අතරම ඉන්නවා.හොඳම වැඩේ මුළු රටම එකතු වී ඔය මිනිහා පන්නා ගැනීමයි.ඔහු සාර්ථක ජනමාධ්‍ය වේදියකු නොවන බව ලොවට කියන්න ඕනේ.පොස්ටර්,බැනර් පුළුවන් තරම් ප්‍රදර්ශනය කරන්න.අපි ද හිතකාමි ජනමාධ්‍ය වේදීන්ගේ වගකිමක් තමා ඔහු මාධ්‍ය සාකච්ඡාවකට කොටු කර ගැනිම. (ස)
මමත් උඩවත්ත සමඟ එකඟයි. ගිය වාරේ අර නවී පිල්ලේට උතුර පෙන්නුවා කියල ඇත්ත කිව්වද ? මුන්ට පෙන්නුවත් එච්චරම තමයි. කොටින්ගේ කුලී කාරයෝ ඔක්කොම. (ස)
ඔය මිනිහ කොහොමත් සැලසුමක් හදාගෙන ඇවිත් තියෙන්නේ. අපේ උන් ඒකට පොහොර දානවා. (ස)
ඇත්තටම මේ විරෝධය සංවිධානය කරන්න ඇත්තේ කවුද කියල මම කල්පනා කරන්නේ. (ස)
'විලියම් හේග් මහත්තයෝ' නොබැදි ජාතීන්ගේ සමුළුව මෙහේ තිබ්බම හිතාගෙන ඉන්නේ තවමත් ශ්‍රී ලංකාව යටත් විජිතයක් කියලද? අපගෙන් ප්‍රශ්න කරන්න පෙර අපටත් තියෙනවා ප්‍රශ්නයක් අහන්න. චැනල් 4 ශ්‍රී ලංකාවේ ප්‍රතිරුපය විනාශ කරන චිත්‍රපටි පෙන්වන විට බ්‍රිතාන්‍ය රජය නොපෙනුන ඇස් ඇති වුන් වගේ හිටියේ ඇයි? (ස)
අපේ එවුන්ගේ මෝඩ ආතල් කියන්නේ ඕව තමයි. චැනල් 4 එකේ එවුන් ඉන්නේ අපේ පැත්තේ වැරදි උලුප්පල අරගෙන උන් හදපු වාර්තා වැඩසටහන් හරි කියල ලෝකෙට කියන්නයි. උද්ගෝෂණ කියල මුන් යන හැම තැනකම පනහක් හැටක් බෝඩ් කෑලි උස්සගෙන කෑ ගැහුවයි කියල චැනල් 4 එකට විරුද්ධ වෙන්න බැහැ. අනෙක උන් දන්නවා උන් යන යන තැන සංවිධානාත්මකව මේවා වෙනකොට කාගේ සහයක් ඇතුවද මේවා වෙන්නේ කියන එක. මම නම් කියන්නේ අපි මීට වඩා හුඟක් විචක්ෂණශීලී විය යුතුයි. චැනල් 4 වගේ මාධ්‍යක් අපි කරන හැමදේම වපරැහින් බලන නිසා මේක අපේ රට කියන හැගීම ඇතිවෙන විදිහටයි යමක් කලයුතු වන්නේ. අපි කැනඩාවේ, එංගලන්තේ කොටි කියන ජාතියේ මිනිස්සු නෙමෙයි කියන අදහස දීමයි වටින්නේ. (ස)
එතකොට අපේ ජනාධිපතිතුමාට ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ දේශනයට යන්න දුන්නේ නැත්තේ එංගලන්තේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නද? (නි)
අපේ මිනිසුන් හරිම මෝඩයි, කවදා ඔලු පෑදේවිද සිතිය නොහැක ...?(නදී)
බල්ලෝ බුරන එක නවත්වන්න බැහැ. ඉතින් බිරුවාවේ. ඔය වාර්තා අල්ලාගෙන දඟලන්නේ කොටිත් උන්ගෙන් යැපෙන දේශපාලනඥයොත් විතරයි. එහෙම දැඟලුව කියල මෙතෙක් මොකද වුනේ? මැක්රේ කොහොමත් ඔය වගේ ප්ලෑන් එකක් ඇතුව තමයි ආවේ. මිනිහ යාපනේ ගියා නම් ඒත් ඔච්චරයි. මුන් ඉන්දියා අගමැති නොඑන එකත් 'මානව අයිතිවාසිකම් කැඩීම' නිසා වුන හැටියට නේ පෙන්නලා තියෙන්නේ. ගණන් නොගෙන හිටියාම ඉවරයි. (ස)
කොටුවේ බොම්බේ පුපුරන කොට තෙල් සංස්ථාවට ගහන කොට ගුවන් තොටුපොළට ගහන කොට අහිංසක දමිල දරුවන් බලහත්කාරයෙන් යුද්දයකට යොදා ගන්න කොට මේ අය ඇයි අනේ ආවේ නැත්තේ (නදී)
විරුද්ධ වීමේ මානව හිමිකම අපටත් තිබෙනවා.සාමාන්‍ය මිනිස්සුන්ට පුළුවන් දේ ඔය නීතිමය පිළිතුරු බලය ඇති අය දීපුදෙන්. (නි)
ඉතින් ලංකාවේ අවුරුදු තිහක යුද්දෙට ඒගොල්ලොත් හවුල්නේ? (නි)
ඔවුන්ගේම ප්‍රජාතන්ත්‍රවාදය අනුව රජය යනු ම හජනතාවම තමයි. (ස)
මේවට මේ වගේ උද්ඝෝෂණ කරල වැඩක් නෑ... මේ මිනිස්සුන්ට මේවට උත්තර දෙන්න ඕන මොලෙන්. එහෙම නැත්නම් මේවත් මේ මිනිස්සු තමන්ගෙ වාසියට හරව ගන්නවා. නැත්නම් මේ ඔක්කොම අර කැමරා ශිල්පියො රූ ගත කරන්නෙ නෑනෙ. (ස)
සුපුරුදු ලෙස හත් පොලේම ගාගන්නවා වගේ (ස)
ලංකාවේ මිනිස්සුන්ට අරක්කු බාගයයි රුපියල් දාහයි දුන්නා නම් තමන්ගේ දෙමවුපියන්ට විරුද්ධව හරි උද්ගෝෂණ කරන්න එනවා. ඕනෑම පොඩි එකෙකුට තේරෙනවා මේක පිටිපස්සේ ඉන්නෙ කවුද කියලා. මේ අය අපේ පුංචි රට මුළු ලෝකෙන්ම කොන් කරනවා. අපේ රට දැන් ලෝකෙන් උතුම් රට නෙමෙයි, එපාමකරපු රට මට හිතෙන්නේ. (නි)
මේ චැනල් 4 කාරයෝ හැමදාම බලන්නේ අපිට ගහන්න. මුන්ට ඔහොම දෙයක් හරි කරලා අපේ රටේ මිනිස්සු ඉන්න බව පෙන්නන්න ඕන.ඕක කලත් නොකලත් මෙයාල අපිට හැමදාම ගහනවා. (ස)
කොටින්ට සල්ලි ඇත. සල්ලි නැති සුද්දෝ ඇත. අපි උන්ට කැමැත්තක් කරන්ඩ දිය යුතු ද නැත. (ස)
ඇයි ඉතින් තවත් තියාගෙන ඉන්නේ? (නි)