IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අනුරාධපුර වෙඩි තැබීමක්: අයෙකුට බරපතලයි

(බී. ජී. චතුරංග)

මහනුවර යාපනය ඒ නවය මාර්ගයේ ගල්කුලම  ඉන්ධන පිරවුම්හල ආසන්නයේදී ඊයේ (25දා) රාත්‍රී  නාඳුනන  තුවක්කු කරුවෙකු සිදු කල වෙඩි තැබීමකින් යතුරු පැදියක ගමන් කල පුද්ගලයකු බරපතල තුවාල ලබා  අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවත්, වෙඩික්කරු විසින් තුවාලකරු පැමිණි යතුරු පැදිය රැගෙන පලා ගොස් ඇති බවද තිරප්පනේ පොලිසිය පවසයි. 

වෙඩි ප්‍රහාරයට ලක්ව මෙලෙස තුවාල ලබා ඇත්තේ, ගල්කුලම සියඹලාගස්වැව  ප්‍රදේශයේ පදිංචි, දිසානායකගේ සසිඳු ජීවන් දිසානායක නොහොත් "අක්කර පනහ මර්වින් සුද්දා" නැමැති 29 හැවිරිදි පුද්ගලයෙකි. 

"අක්කර පනහ මර්වින් සුද්දා" නැමැති මෙම පුද්ගලයා තම හිතවතෙකුගේ යතුරු පැදියක් ඉල්ලා ගෙන ගල්කුලම නගරය දෙසට ඊයේ (25දා) රාත්‍රී 8.45ට ගමන් කරමින් සිටියදී, ගල්වඩුවාගම පිහිටි,  'ගල්කුලම' යනුවෙන් සඳහන් නාම පුවරුව අසලදී රාත්‍රී 9.10ත්, 9.15ත් අතර කාලය තුළදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබේ.

වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් අනතුරුව  බරපතල තුවාල ලැබූ තුවාලකරු යතුරුපැදිය එම ස්ථානයේ දමා, වෙඩික්කරුවන්ගෙන් බේරීම සඳහා, ලේ ගලන තුවාල සහිතව මීටර් 500ක පමණ දුරක්, ගල් කුලම නගර මධ්‍යයේ ඇති ඉන්ධන පිරවුම්හල අසල ඇති ත්‍රී රෝද රථ ගාල දක්වා දිව ගොස් බිම ඇද වැටී ඇති බව  ඇති බව පොලිසිය සදහන් කලේය. 

ඉන් අනතුරුව එම ස්ථානයේ සිටි පිරිස් '1990 සුවසැරිය'  ගිලන් රථයක් මගින්, තුවාලකරු අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත යවා ඇති බවද පොලිසිය සදහන් කලේය. 

වෙඩි තැබීම සිදු කල නාඳුනන තුවක්කුකරු විසින් තුවාලකරු පැමිණි යතුරු පැදිය රැගෙන පලා ගොස් තිබේ. 

රෝහල්ගත කළ තුවාලකරු ශෛල්‍ය  කර්මයකට භාජනය කිරීමෙන් අනතුරුව අනුරාධපුර ශික්ෂණ රෝහලේ 11වන වාට්ටුවේ  ප්‍රතිකාර ලබන බව, සිදු කල විමසීමකදී  රෝහල් ප්‍රකාශකයකු පැවසීය.

අනුරාධපුර කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ මහතාගේ උපදෙස් මත,  තිරප්පනය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කුමාරසිංහ මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන සිදු කරති.



අදහස් (1)

අනුරාධපුර වෙඩි තැබීමක්: අයෙකුට බරපතලයි

Bunny Preena Thursday, 26 June 2025 03:49 PM

චණ්ඩිකම් කරපු උන්දැලා සහ පරණ කෝන්තර තියෙන කට්ටිය රාත්‍රි කාලවලදී ගමන් බිමන් යාමෙන් වැළකී ඉන්න එක ඇඟට ගුණයි

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 108 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site