රගර් ක්‍රීඩක වසීම් තාජඩීන් ඝාතන නඩුවට සැකපිට බස්නාහිර හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක හා නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා පෙබරවාරි 2 දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා අද (19) නියෝග කළේය.
මේ අතර තාජුඩීන්ගේ මරණය සිදුවූ දින රාත්‍රියේ ඔහු ගමන් කළ වාහනය පිටුපසින් ලුහුබැඳ ගිය බව කියන වාහනය සම්බන්ධයෙන් සීසීටීවී දර්ශන ඇතුළත් සීඩී පටය කොළඹ විශ්ව විද්‍යාලයට යවා වැඩිදුර විස්තර සහිත වාර්තාවක් ලබාගැනීමට රහස් පොලිසිය කළ ඉල්ලීමටද විනිසුරු අවසර දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරදක් කළා නම් දඬුවම් විඳින්නම වෙනවා (නි)
එතකොට ඔය ඝාතනයට සම්බන්ධ ප්‍රභූ පුතාලට විරුද්ධව කවදාද නීතිය ක්‍රියාත්මක වෙන්නේ. (නි)
බය වෙන්න එපා මහත්වරුනී ඔබලාට විරුද්ධව මේ ගොබ්බයින්ට මුකුත් කොරන්නට බැහැ. (බ)
ආයි මහා ඡන්දයක් එනකම් මේ නඩුව ඇදෙයි.ඊටපස්සේ ආයෙත් මිනීවළවල් හාරයි සැකකාරයෝ මහා උළුගෙදර ඉදියි..(බ)
මරන්න අණ දීපු කෙනා පැත්තකෙ පවට කර ගහපු අය හිරේ යනවා (හේ)
මා ගේ කිරිල්ලී......සොයා යන්න බෑ (බ)
සිංහලෙන් කියමනක් තියනවා කුම්බලා මාළු කෑව නං විඳවපන් බළලෝ කියල. (බ)
තිඹිරිගස්යායේ මුදලිඳු ගෙදරට කොලුවා ගෙනාවේ මුල්ලෙරියාවෙන්ද? (බ)
බලයේ ආධිපත්‍යයෙන් මත්වී සමවිරෝධී ක්‍රියාවන් සිදුකරන පුද්ගලයන්ට නිසි පාඩමක්. මොවුන්ට අනුකම්පා කරන පුද්ගලයෝ ඉන්නවා නම් ඔවුන් කරන්නේ සමාජ අසාධාරණයක්. මන්ද මේ පුද්ගලයෝ සාමාන්‍ය අය නොව සමාජය නිවැරදි කරන්න ඉන්නා පොලිස් නිලධාරීන් (නි)
තුවාලයක් කසනකොට දැනෙන සුවය වගේම එය කැසුවාට පසුව දැනෙන වේදනාවත් විඳගන්න වෙනවා (නි)
සැකපිට ඉන්න කෙනෙක් කියලා තිබෙනවා නේද ‘මම හොඳ තෙම්පරාදු වුණ පොලිස්කාරයෙක්‘ කියලා. ඔව් මහත්තයෝ මට විශ්වාසයි ඔබ කාවවත් පාවාදෙන්නේ නැති බව. ඔබට ජය. (නි)