රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියට සම්බන්ධ බව කියමින් සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක හා නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා නොවැම්බර් 16 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (2) නියෝග කළේය.
නිතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා පැවසුවේ සිද්ධිය වු දවසේ නාරහේන්පිට ස්ථානාධිපති ඩේමියන් පෙරේරාගේ දුරකථන ඇමැතුම් පරික්ෂා කරන ලෙසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාට උදව් කරන්න ගිහිල්ලද මේ පොලීසියේ මහත්තයා හිරේ විලංගුවේ වැටුනේ? (අ)
මෙයා නිහන්න ඇති අහවලා හැමදාම බලයේ ඉන්නවා එම බලයෙන් මමත් මැරෙනකම් පොළීසියේ කෙරුමා කියලා. මේවා පාඩමකට ගැනීමට පොළිස් නිළ ඇඳුමට තවමත් නොහැකි වී ඇත.(අ)
අපේ ගමේ හිටිය හේරත් කියල පොලිස් පරීක්ෂකවරයෙක් එයා බස් හෝල්ට් එකේ ඉස්සරහට ගිහින් අත උස්සපුහම ඕනෙම බස එකක් නවත්වනවා සෙනග පිරිලා හිටියත්. එයා කීවා මේ කෝට් එකයි තරු ටිකයි පටියි ගෙලවුණු දවසට මටත් උඹලට වගේම ඔය බස් නවත්වන්නේ නැහැ කියල. පැන්ෂන් ගත්තට පස්සේ ඒක ඒ විදිහටම වුණා (අ)