රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියට සම්බන්ධ බව කියමින් සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක හා නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා ඔක්තෝබර් 19 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (5) නියෝග කළේය.
රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා උසාවියට කියා සිටියේ පසුගියදා රහස් පොලිසිය මාලබේ සයිටම් ආයතනයට ගොස් සිදුකළ පරීක්ෂණයේ දී වසීම් තාජුඩීන්ගේ බව කියන කලවා අස්ථි කොටස් 19ක් හා පපු අස්ථි කොටස් 7ක් රහස් පොලිස් භාරයට ගත් බවත් ඒවා ඔහුගේමදැයි නිර්ණය කර ගැනීමට ඩීඑන්ඒ පරීක්ෂණයක් කිරීමට බලාපොරොත්තු වන බවත්ය.
හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර සම්බන්ධයෙන් වෛද්‍ය සභාව සිදුකරන පරීක්ෂණ මන්දගාමී වීම සම්බන්ධයෙන් ඔහු උසාවියෙන් විමසා සිටි අතර වෛද්‍ය සභාවේ නීතිඥවරු උසාවියට දන්වා සිටියේ එය සිතා මතා නොකරන බවයි. මේ සම්බන්ධයෙන් සලකා බලා ඉදිරියේ දී නියෝගයක් නිකුත් කරන බව අධිකරණය දන්වා සිටියේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
අනුර සේනානායකත් යළි රිමාන්ඩ්
නලින් Wednesday, 05 October 2016 12:18 PM
තෝර මාළු කෑවනම් දුක් විදපන් බළලෝ... කිවලු. (ර)