බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ පාසලේ පිරිසිදු කිරිමේ රාජකාරියේ නිරත සේවිකාවගේ මරණය සම්බන්ධයෙන් ඇගේ ජංගම දුරකථනයේ අංකය ඔස්සේ කළ පරික්ෂණ අනුව අනියම් සැමියා සහ පාසලේ ආරක්ෂකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කාන්තාව හා මෙම සැකකරු අතර පාසලේදී අනියම් සම්බන්ධයක් සිදුව ඇති බවත් එහිදි කිසියම් පහර දිමක් මත ඇය මිය ගොස් ඇති බවටද පොලිසිය සැකකරයි.
පිටස්තර පුද්ගලයෙකු පාසලට ගැනිම හා මෙම සිද්ධිය පොලිසියෙන් වසන් කිරිම සම්බන්ධයෙන් පාසලේ ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්න මේ පාසල දරුවන්ට මොන තරම් අනාරක්ෂිත ද කියලා. එක එක්කෙනාගේ අනියම් සැමියන්ට ඇතුල් වෙන්න අවස්ථා මදිවාට තව දේවල් දුරදිග යන්නත් පාසලේම පහසුකම් සලසලා. (බ)
පර පුරුෂ සේවනයේ යෙදෙනවාට හොද වැඩේ (බ)
පර අඹුවන් සේවනයේ යෙදෙනවාට හොද වැඩේ (බ)
දැලිපිහියෙන් කිරි කෑම ඉතාම භයානක වැඩක් (බ)
මේ ආරක්ෂක නිලධාරියාටත් මරණීය දණ්ඩනය දිය යුතුයි , මේ වගේ තමන් විසින් රැකගත යුතු තැන අනුන්ට වැරදි වැඩට දෙන අනික් උන්ටත් උණ ගන්න (බ)
පරීක්ෂණ සඳහා ඉවහල් කරගත් දුරකථන ජාල පරික්ෂාවේ තොරතුරු ප්‍රසිද්ධ මාධ්‍යවල පළකිරීම වංචනිකයන්ට ආරක්ෂා වීම සඳහා ක්‍රම සොයාගැනීමට උපකාරීවේ. (ස)
අපේ පොලිසිය හුඟක් අය විවේචනය කලාට ඔවුන් කොයිතරම් දක්ෂද කියල මේ මිනීමැරුමේ සැකකරුවන් ඉතාම කෙටි කාලයක් ඇතුලතදී කොටු කරගැනීමෙන් තව දුරටත් ඔප්පු වෙනවා නේද? අපේ පොලිස් දෙපාර්තමේන්තුවට තව තවත් පහසුකම් හා නවීන උපකරණත් , තාක්ෂණයත් ලබා දුන්නොත් මීටත් වඩා කාර්යක්ෂමව රාජකාරි කරාවි කියල මම නම් හිතන්නේ. (ස)
අයියෝ අපේ ඉස්කෝලේ හොඳ නම, එක එකාගේ විලි සංගයක් නැති වැඩ වලින් කැත වෙන්න දෙන්නෙපා. අපේ ඉස්කෝලේ, අපේ අම්මා වාගේ අපට. (ස)
පාසලේ පරිපාලනයේ ලොකු හිඩසක් තිබෙනවා. මේක බාලිකා විදුහලක් වුණා නම් ඉවරයි. (ම)
මේක වෙලා තියෙන්නේ පාසල් නිවාඩු දවසක ඒක නිසා පරිපාලනය මොනවා කරන්නද? (ස)
පොලිස් සේවය බොහොම හොඳ කාර්යක්ෂම සේවයක්. ජේෂ්ඨ නිලධාරීන් සමහර වෙලාවට දෙන බොහොම අසාධාරණ සහ හිතට එකඟ නොවෙන කාර්යයන් බොහොම කලකිරීමෙන් පහල මට්ටමේ නිලධාරීන්ට කරන්ට සිද්ධ වෙනවා. එවැනිම හේතු නිසා තමයි පොලිස් සේවය සවුත්තු වෙලා තියෙන්නේ. පොලිස් සේවය පවිත්‍ර වෙන්ට ඕනේ නම් චුදිතයෙක් හෝ වරදක් සම්බන්ධව නීතිමය කටයුත්තක් කිරීම සම්බන්දව හෝ වෙනයම් දෙයක් සම්බන්ධව දෙන ඕනෑම නියෝගයක් උස් පහත් භේදයක් නොමැතිව අනිවාර්යයෙන්ම ලිඛිතව දිය යුතු බවට පොලිස්පතිතුමා විසින් නීතියක් පැනවිය යුතුයි. (ස)
මේක වෙලා තියෙන්නේ නිවාඩු කාලේ සති අන්ත දවසක.එහෙම කාලෙට අපේ පාසලේ අධිආරක්‍ෂිත කැමරා විතරයි ක්‍රියාත්මක වෙන්නේ.අනික් දවස්වල 100 කට අධික සේවක සේවිකාවන් ප්‍රමාණයක් මෙහි වැඩකරන නිසා ඔය වගේ ඒවා නටන්න බැහැ. මම මෙහෙම කියන්නේ මම මගේ ජීවිතේ අවුරුදු 13ක් ගතකළේ මේ භූමියේ හින්දා. අපේ පාසල විනය අතින් ගොඩක් ඉදිරියෙන් ඉන්නේ කොළඹ අනෙක් පාසල්වලට සාපේක්ෂව.මම ඒක වගකීමෙන් කියන්නේ (නි)
මේ පාසල ඉතා හොඳ පාසලක්. ලොකු දරුවෝ ඉන්න අම්මා කෙනෙක් නේද මේ? මේ මුරකරු එයාගේ සේවය හරියට කරලා පොලිසියට ඇත්ත කිව්වා නම් ඉවරයි (නි)
හොඳින් රාජකාරිය කළත් වැඩක් නැහැ. නීතිය හරි නැත්නම් නීතිය වල්වැදිලා තිබුනහම පොලිසිය කොතරම් උත්සාහ ගත්තත් වැඩක් වෙයිද? (නි)
මීටවඩා පරිපාලනය දුර්වල,ළමුන්ට අනාරක්ෂිත පාසල් තිබෙන බව අමතක කරන්න එපා.පාසල ඇතුළේ රාජකාරි වෙලාවේදීම විදුහල්පතිවරු,ගුරුවරු වෙතින් අතවර වලට ලක්වුණු ළමයි ගැන පසුගිය කාලයේ අනන්තවත් වාර්තාවුණා. (නි)
දැන් ඇය මැරිලා ඉවරයි.නමුත් හිතන්න ගොඩක් දේවල් තිබෙනවා. මිනිස්සු හරි පුදුමාකාරයි! (නි)
ආශාව නැති මිනිහෙක් සෙවිය නොහැක. සංහිඳියාවකින් පිරුණු සමාජයක් සැදිය හැක. අපරාධය පිටුපස ඇත්තේ නීතියේ නොසැළකිල්ලය. සමහරවිට කුසගින්නය. පසුගිය සමයේ අපරාධයට මිනිසුන් පෙළෙඹවුවා මිස ජනතාවගේ සැපත සතුට, ආරක්ෂාව, සඳහා ගත් පියවරක් නැති තරම්ය. කළේ ජාතිය බැලමෙහෙවරකමේ යෙදවීමය. (නි)