කොළඹ ආනන්ද විද්‍යාලයීය ‘ආනන්ද විහාර මන්දිරය‘ උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත අස්ගිරි මහා නාහිමියන් ප්‍රමුඛ තෛනිකායික මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ලබන 04 වැනි දා පස්වරු 5ට විවෘත කිරීමට නියමිතය.
හතලින් පස් වසරක ඉතිහාසයකට උරුමකම් කියන ආනන්ද විහාර මන්දිරය නවීකරණය කිරීමේ කාර්යය සඳහා වැය කළ මුදල රුපියල් කෝටි තුනකට ආසන්නය.
කොළඹ නව කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක විද්‍යාලයයේ විශ්‍රාමලත් සහකාර විදුහල්පති දිවියාගහ යසස්සී නා හිමියන්ගේ සහ විදුහල්පති කිත්සිරි ලියනගේ මහතාගේ මෙහෙයවීමෙන් වත්මන් හා ආදි ආනන්දීයයන්ගේ ශ්‍රම හා මූල්‍ය දායකත්වය ඇතිව ආදී ආනන්දීය බෞද්ධ සංගමය ප්‍රධාන ආදි ශිෂ්‍ය සංගමය මෙම නවීකරණ කටයුතු බාරව ක්‍රියා කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආනන්ද විහාරය, ආනන්දයේ මුදුන් මල්කඩ සේ අනන්දියෝ ගරු කරති. (අ)
සාදු! ආනන්ද බුදු මදුර බෞද්ධ අධ්‍යාපනයේ සංකේතයයි. (අ)
නමදිමි ..අනද බුදු මෑණි..සදා...(අ)
ජාතිය සතු සංකේතයක් !(දිල්)
ලංකාවේ පාසලක තිබෙන ලොකුම බුදු මැදුර , ඒ වගේම දිනකට 6000 කටත් අධික ප්‍රමාණයක් වැදුම් පිදුම් ලබන උතුම් ස්ථානයක් තමා මේ ‘ආනන්ද විහාර මන්දිරය‘ . සාදු...සාදු (අ)