අන්ධයකු විසින් මෙහෙයැවුණු කොල්ලයක සැකකරුවන් වසර හයකට පසු අත්අඩංගුවට ගෙන සොර බඩු වලින් කොටසක්ද සොයා ගත් බව පොලීසිය කියයි.
2007- 02- 03 වැනිදා මෙම කොල්ලය සිදු වුයේ බුලත්සිංහල වොෂින්ටන් හන්දියේ නිවසකදීය.ගිනි අවි හා පිහි රැගත් පස් දෙනකු රුපියල් ලක්ෂ පහක රන් අභරණද නිවසේ තිබු වෙනත් බඩු මුට්ටුද පැහැරගෙන ගොස් ඇත. සොර මුලේ නායකයා බව කියන අන්ධයා ත්‍රිරෝද රථයක සිට සොරකම මෙහෙයවු බවත් හමුදාවෙන් පැන ගිය සෙබළෙකුද කොල්ලයට සම්බන්ධ බවත් පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවත් වැඩද? (දී)
මෙතනට අදාළ නැති වුනාට මෙන්න මේ නිව්ස් එක ගැනත් ලිපියක් දාන්න දෙමව්පියෝ කැමති නම් සොයා බලා. මම දන්නා දුවෙක් නැති වුනා ඊයේ හවස කළුබෝවිල රෝහලේ අයි.සී.යූ එකේදී. ඒ දරුවට වයස අවුරුදු 13 යි. ගිය අඟහරුවාදා ඉදන්ම ඉඳල තියෙන්නේ අයි.සී.යූ එකේ. ඩෙංගු රක්තපාතය හැදිලා තමා ඒ දුව නැති උනේ. දවස් ගණනක් සිහිය තිබුනේ නැහැ. ඒ දරුවා බී.රල්.සී එකේ 8 පන්තියේ සිටි අති දක්ෂ දරුවෙක්. අම්මා මෙයාට උන හැදුනු මුල්ම සෙනසුරාදා ජාතික රෝහලට ගෙනියලා තියෙනවා. ඒ ගොල්ලා ලේ ටෙස්ට් කරලා සෙනසුරාදාම ගෙදර එවලා ඩෙංගු නෙවි කියලා. දවස් දෙකක් ගෙදර ඉඳලා තියෙනවා මලානික වෙලා කියව කියවා. අඟහරුවාදා හවස ඒ දුවට අමාරු වෙලා කළුබෝවිල ඇඩ්මිට් කරලා කෙලින්ම අයි.සී.යූ එකට. දවස් ගානක් සිහිය නැනෙතිව ඉඳලා දුව නැති උනේ ඊයේ. පොඩ්ඩක් ලියන්න දොස්තරලාගේ මේ නොසැලකිලිමත්කම නිසා වෙන ජීවිත හානි ගැන.(නදී)
මොහොමඩ් - ඇයි ඔය ගොල්ලන්ගේ මක්කමේත් ඕව වෙනවලු.(නදී)
දෑස නොපෙනුනත් මගේ වැඩිය පාඩු නෑ.....(නදී)
මීට අවුරුදු 7-8 කට විතර කලින් හින්දි චිත්‍රපටියක් බැලුවා අන්ධයෝ වගයක් බැංකුවක් කොල්ල කන කතාවක්. එදා ඒක ප්‍රබන්ධයක් කියලා හිතුවට ඒවා එහෙමත් වෙන්න පුලුවන් කියලා දැන් හිතෙනවා.(නදී)
ඇස් දෙක තිබුණා නම් රටම කොල්ලකයි (දී)
වැඩේ කරන හැටිත් අන්ධයා බලාගෙන ඉන්න ඇති (දී)
ඔක්කොම වෙන්නේ ලංකාවෙනෙ.පහුගිය දවස්වල දැක්කා ගොලුවෙක් උසාවියේ කතා කළා කියලා.අද තියනවා අන්ධයෙක් කොල්ල කල්ලියක් මෙහෙවුවා කියලා.ඇස් දෙක පෙනුනා නම් ලංකාවම කොල්ල කයි (දී)
අන්ධ අන්ඩපාලයෙක්! මම අද ඉදලා අන්ධයන්ට බය වෙනවා (දී)
නියම අන්ධයෙක්ද කියලා ඇස් දොස්තර කෙනෙකුට පෙන්නන්න (දී)
යකඩෝ! බුලත්සිංහල වොශින්ටන් හන්දියකුත් තියනවද? මාර දියුණු පැත්තක්නේ. අන්ධයෝ පවා ස්වයං රැකියාවල යෙදෙනවා. ඇමෙරිකාව පරාදයි. ආණ්ඩුවට පුළුවන් මේක තවත් ආශ්චර්යයක් විදියට පෙන්නන්න. (දී)
අන්ධ බුතයෝ (දී)
ගොළුවෙක් උසාවියේ කතා කරනවා. අන්දයෙක් මංකොල්ලයක් මෙයෙවනවා. මේක සිද්ද වෙන්නේ ධර්මද්වීපයේ.(නදී)
අන්ධයට අපේ පොලීසිය අන්ධ කරන්න බැරි වුනානේ (නි)
ටෙලිවිසොන් එකට නාට්‍යයක් හදමු බ්ලින්ඩ් රොබර්ස් කියලා හරි අන්ධයාගේ කොල්ලය කියලා (දී)
එතකොට වොෂින්ටන් වල බුලත්සිංහලකුත් තියනවද? (දී)
ආශ්චර්යයෙන් ආශ්චර්යයට කර අපි යන මේ ගමනේ හොද හොඳ සෙල්ලම් තව පස්සට. (දී)
මට පෙනෙන ,දැනෙන හැටියට නම් දහවල් කාලයේදී අන්ධයෙක් හැටියට රඟපාමින් , රොබරි දෙන රෑ ඩැනියෙල් කෙනෙක් වගේ !! (දී)
අන්ධයා රඹුටන් කෑවා වගේ ඇති. (නි)