අන්දමන් හා නිකොබාර් දුපත් වල කොටි සංවිධාන හා වෙනත් ත‍්‍රස්තවාදී සංවිධාන වල සාමාජිකයින් සැගවී වාසය කරන බවට තොරතුරු ලැබී ඇතැයි ඉන්දියා ස්වදේශ අමාත්‍යංශය අනතුරු අගවයි.
මියන්මාරය,බංගලිදේශය,තායිලන්තය,ශී‍්‍ර ලංකාව වැනි රටවල සිට මෙම දුපත් වලට අනවසරයෙන් පුද්ගලයින් පැමිණෙන්නේයැයිද ඔවුන් පැමිණෙන කාරණා කවරා කාරදැයි ඇතැම් අවස්ථාවන්හි අනාවරණය කර ගත නොහැකි යැයිද පවසන ඉන්දියාව වැඩි අවධානයක් යොමු කර තිබෙන්නේ එසේ පැමිණෙන පුද්ගලයින් අතර කෝටි සංවිධානයට ට සම්බන්ධ අය සිටීතියි පවතින සැකයටයි.
අන්දමන් හා නිකොබාර් දුපත් වලට දුපත් 572 ක් අයත්ය.මේවා පිහිටා ඇත්තේ ඉන්දියාවේ ප‍්‍රධාන දිවයිනෙන් කිලෝමිටර 1200 ක පමණ දුරින් බෙංගාල බොක්ක ආශි‍්‍රත සාගර ප‍්‍රදේශයේය.වර්ග කිලෝමිටර 8249 ක ප‍්‍රදේශයක් ආවරණය කරන මේ දුපත් සමූහයේ දුපත් 38 ක හැරෙන්නට අන් සියල්ලේම ජනාවාස පිහිටුවා තිබේ.දුපත් පාලනය කරනුයේ ඉන්දියා රජයේ අධීක්ෂණයේ යටතේ කි‍්‍රයාත්මක වන දුපත් පාලන මණ්ඩලයකි.
කොටි ත‍්‍රස්තයින් මෙම දුපත් වල සැඟව සිටිමට ඉඩ ඇතැයි දුපත් පාලක මණ්ඩලය ඉන්දියා සවදේශ කටයුතු අමාත්‍යංශය වෙත දැනුම් දීමට කටයුතු කර තිබේ.ඒ සදහා හේතු ලෙස පාලක මණ්ඩලය දක්වා තිබෙන්නේ මෙම දුපත් වල වාසය කරන දෙමළ ජනතාව යුද්ධය නිසාවෙන් අගතියට පත්ව සිටින ශී‍්‍ර ලාංකික දෙමළ ජනතාව සහෝදරත්වයෙන් සැළකීමයිදුපත්හි වාසය කරන දෙමළ ජනතාව 1960 - 1970 දී ශී‍්‍රලංකාවේ සිට පැමිණ ඉන්දියා රජය ස්ථාන ගත කළ සරණාගතයෝය.මෙම කරුණ සැළකීමේදී ඔවුන් කෙරේ ශී‍්‍රලංකාවේ වෙසෙන තම සහෝදර දෙමළ ජනතාව කෙරේ විශේෂ සැළකිල්ලක් ඇතිවීම නොවැළැක්විය හැකි යැයිද දුපත් පාලක මණ්ඩලය දන්වා තිබේ.මෙනිසා කොටි සාමාජිකයින් සගවා තබා ගැනීමට,ඔවුනට උපකාර කිරීමට, දුපත්හි වාසක කරන දෙමළ ජනතාව කටයුතු කරන්නේයැයි සාධාරණ සැකයක් උපදින බව පාලක මණ්ඩලයේ අදහසයි.
දුපත් හි පිහිටීමද මෙහිදී අවධානයට ලක්කෙරී ඇත.ත‍්‍රස්ත සංවිධාන වලට සංවිධානය වීමට,අවි පුහුණුවේ යෙදීමට,ගරිල්ලා සටන් ක‍්‍රම පුහුණු වීමට දුපත් සියල්ලකම පාහේ ඇති ඝන වනාන්තර උපයෝගී කර ගැනීමේ හැකියාව මෙන්ම මුහුදින් වටව පිහිටීම නිසා අවි ආයුධ හොර රහසේ ගොඩබැස්සවීමට,ඒවා බෙදාහැරීමට පවා හැකියාව ඇතැයි දුපත් පාලක මණ්ඩලය ඉන්දියා බළධරයින් වෙත පෙන්වා දී ඇත.
අන්දමන් හා නිකොබාර් දුපත් වල උතුරු ප‍්‍රදේශයට කිලෝමිටර 45 ක් දුරින් පිහිටා ඇති මියන්මාරයේ සිට හා කැම්බල් බොක්කේ සිට කිලෝමිටර 160 ක් දුරින් පිහිටි ඉන්දුනීසියාවේ සිට වැඩි වශයෙන් විදේශිකයින් මේ දුපත් කරා පැමිණෙන බව සදහන්ය.ඔවුන් බොහෝ විට පැමිණෙන්නේ දුපත් ආශි‍්‍රත මුහුදු තීරයන්හි මසුන් මැරීමට හා වෙනත් සම්පත් ලබා ගැනීමේ අරමුණින් බව ඉන්දියා බළධාරීහු කියති.දුූපත් විශාල වපසරියක් පුරා විසිර පවතින හෙයින්ද,බොහෝමයක් සම්පූර්ණයෙන්ම ජනාවාස වී නොමැති හෙයින්ද මෙම දුපත් වලට පැමිණෙන්නේ කවරාකාරයේ පුද්ගලයින්දැයි සොයාගැනීමට අපහසු බව ඔවුහු පවසති.
බංගලාදේශ ජාතිකයින් දුපත් කරා අනවසරයෙන් පැමිණෙන්නන් අතර ඉහළින්ම සිටී.පසුගිය සමයේ දුපත් වල අනවසරෙයන් රැදී සිට හසුවූ බංගලාදේශ ජාතිකයින් බොහෝ දෙනෙක් යළිත් සියරට බලා හරවා යැවීමට ඉන්දියා බළධාරීහු කටයුතු කර ඇත්තාහ.
මෙම දුපත් වල පිහිටීම නිසාවෙන් කිසිවෙකුට නොදැනී ඕනෑම නීති විරෝධි කටයුත්තක යෙදිය හැකි වීම ඉතා බරපතල ගැටළුවක් යැයි ඉන්දියා බළධාරීන් පවසයි.ඇතැම් අවස්ථාවන්හි දුපත් එකිනෙක වෙන් කරන්නේ සැතපුම් ගණන් ගැඹුරු සාගරයයි.තවද දුපතක් සැළකූ විට එය පුරාවටම විහිද තිබෙන්නේ ඝන වනාන්තරයයි.මෙනිසා සැගවී සිට කි‍්‍රයාත්මක වීමට ඉඩකඩ බොහෝයැයි ඔවුහු පෙන්වා දෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ උනාට ආන්ද්වේ හොරනා වෙලා නම් තියෙන්නේ කිසි ප්‍රස්නයක් නැහැ. ඉන්දියාවත් මොකුත්ම දන්නේ නැහැ. තොත්ත බබා.(දී)
තමිල්නාඩුව කඩාගෙන ලංකාවෙ පිහිටවා ගන්න බෑරිඋන ඊලම් දේශය පිහිටුවා ගන්න පිබුරුපත් සකස් කරනවා වෙන්න ඈති. සෑම ත්‍රස්ත සංවිධානයකම දම්වල් පුරුක්වගෙ ඈමිනිලා තියෙන්නේ. ලෝකය ගෝලියකරණය උනා වගේ එදා පටන්ම එයාලා සහයෝගයෙන් කටයුතු කලේ. දේශ්පාලනයත් ඈදාගෙන සමහර රටවල් දෙශපාලන අරමුනු ඉටුකරගන්න එයාලව පාවිච්චි කරනවා. මිනිස් ජාවාරම් ,මත්කුඩු ජාවාරම් ,ආයුධ ජාවාරම් අද ලෝකයේ ක්‍රියාත්මක කරන නියමුවෝ බවට පත්වෙලා ඉන්නේ මෙයාලා. නිදහස් රටවල පාලකයන් ඉතාම බුද්ධියෙන් කටයුතු කලොත් තමා හොද.(නදී)
අපේ පුංචි දුපතෙන් කොටසක් ගන්නේ නැතිව ඔන්න දුපත් 500 වැඩිය තියෙනවා කොටින්ට අල්ලගන්න. (නදී)
ගැලපෙන දුපත තෝරාගෙන තියෙන්නේ. දැන් ඉතින් මේ කට්ටිය එකතුවෙලා ලෝකයම අන්දමන්ද කරයි.(නදී)
කාලීන යටතේ පලවෙන්න තිබුන ලිපියක්. (නදී)
වහාම අපේ නාවික හමුදාව යවා, ඒ රජයට බලපෑම් කරන්න. වැඩි සෙල්ලම් දමන්ට එපා කියල (අ)
ඉන්දියාවටත් අන්දමන් වෙලා තමයි නවතින්න වෙන්නේ !(දිල්)
යුද්දේ ඉවර වුනාම හිතුනේ ත්‍රස්තවවාදී ක්‍රියා ඉවරයි කියලයි.. දැන් බලනකොට දන්නේ පටන් ගන්නේ..අරහෙන් ඇමෙරිකාව,එංගලන්තේ ,ඉන්දියාවේ මහා ආණ්ඩුව ,තමිල්නාඩුව-එකෙන්ම.. දැන් අන්දමන් ...අනේ මන්ද මේ ආණ්ඩුවටත් හැම අනාගත ආණ්ඩු වලටත් ත්‍රස්තවාදයෙන් ආරක්ෂා වෙන්න වැඩ පිලිවෙලකුත් සල්ලිත් තියෙන්නම වෙනවා...තෙරුවන් සරණයි (අ)