පස්යාල අත්තනගල්ල පාරේ ඇල්ලමුල්ලේ සිදුවූ යතුරුපැදි අනතුරකින් පොලිස් සැරයන්වරයකු මියගොස් ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි. කටුනායක ගුවන් තොටුපොළ පොලිස් ස්ථානයේ සේවය කළ ප්‍රියන්ත සිරිනාත් එදිරිසිංහ (52) නමැති මේ සැරයන් වරයා පසුගිය අඟහරුවාදා විශ්‍රාම ගැනිමේ ලියවිලි බාර දී ඇතැයි ද පොලිසිය පවසයි. උත්සවයකට සහභාගී වී නිවසට යමින් සිටිය දී යතුරුපැදිය තාප්පයක වැදිමෙන් මේ අනතුර සිදුව ඇත. ඔහු සමග යතුරුපැදියේ ගිය 35 හැවිරිදි තරුණයකු ද රෝහල්ගත කරනු ලැබ සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙවියනේ! (නි)
අපරාදේ වටිනා ජීවිතයක් (අ)