අන්තර්ජාලය භාවිතය පිළිබඳව සමාජය දැනුම්වත් කිරීම සඳහා රාජ්‍ය ආයතන කිහිපයක් සමඟ එක්ව නව වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා කියයි.
ගැටළු සඳහා විසඳුම්, පරිගණක අපරාධ පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස් දීම ඇතුළු සේවාවන් රැසක් සැපයීමට නියමිත බවත් ඔහු කියයි.
ළමා හා කාන්තා කාර්යංශය, ළමා රක්ෂණ අධිකාරිය, අධ්‍යාපන අමාත්‍යංශය, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය, සංස්කෘතික අමාත්‍යංශය සහ රහස් පොලිසිය ද මේ ආයතන අතර වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන පොට හොද නැහැ මේ කරන්න හදන්නේ අන්තර්ජාල භාවිතය සීමා කරන්න. අන්තර්ජාල භාවිතය පිළිබඳව සමාජය දැනුම්වත් කිරීමට තරම් මෝඩයෝ ලංකාවේ නැත. කරන්න ඕන තහනම් කරලා තියෙන වෙබ් අඩවි තහනම ඉවත් කරන එක. විශේෂයෙන් පුවත් සපයන වෙබ් අඩවි. (නදී)
ලංකාවේ හැම දේටම කරනවා වගේ මෙන්න තවත් පැලැස්තර අලවිල්ලක්.(අ)
අසෝකා ගේ අදහසට මමත් කැමතියි. ගුවන් විදුලිය රූපවාහිනිය වගේ වෙනත් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයන් භාවිතා කර ගෙන අන්තර්ජාල භාවිතය ගැන , හදිසි ප්‍රථමාධාර විදි ගැන, මේ රටේ පුරවැසියන්ව හරියට දැනුවත් කළා නම් ඔය දැන් මාධ්‍ය වලින් පට්ට ගහන වයසට නොයා ඉන්න හැටි (රූපලාවන්‍ය සත්කාර) පෙන්වනවට වඩා අකාළයේ පුංචි දරුවන් මිය යන ප්‍රමාණය අඩු කර ගන්න පුළුවන්.(නදී)
අන්තර්ජාල භාවිතය පිළිබද අපේ රටේ වැඩිහිටියන් දැනුවත් කිරීමට ටි වී ,ගුවන්විදුලිය මගින් විශේෂ වැඩසටහනක් දියත් කරනවානම් එය අපේ අනාගත පරපුරට අද කාලයේ ලබා දියහැකි වටිනාම දායාදයක් කියා ම සිතනවා! ඉතාමත් වටින සේවාවක්!(දිල්)
අන්තර්ජාල භාවිතය අපේ රටේ වඩා ප්‍රචලිත කිරීමට නම් හැමෝටම වේගවත් සිමා නැති පැකේජ් අඩු මුදලට ලබාදීමයි පලමුවෙන්ම කලයුත්තේ. (දී)