අන්තර් ජාල උන්නතිය සඳහා දායක වු විශිෂ්ටයින් ඇගයිමට අන්තර් ජාල සාමාජය විසින් වාර්ෂිකව පිරිනමන සම්මානය මෙම වසරේ ශ්‍රී ලාංකික මහාචාර්ය වරයකු වන ගිහාන් ඩයස්ට ද හිමි වි තිබේ
පසුගිය තුන් වැනි දින ජර්මනියේ බර්ලීන් නුවරදි පැවැති මෙම සම්මාන උළෙලෙදි රටවල් 31 සාමාජිකයින් අතර ගිහාන් ඩයස් මහතාට ද මෙම සම්මානය ලැබී තිබේ
ශ්‍රි ලංකවේ ප්‍රථම විද්‍යුත් තැපැල් සේවයේ පුරෝගාමියා වු මොහු ලංකා අධ්‍යයන හා පර්යේෂණ ජාලයේ 1993 සිට 2003 දක්වා නියමුවාවිය
ලංකා අධ්‍යයන ජාලයෙහි ආරම්භක සභාපතිවරයාද විය
රාජ්‍ය ආයතන වල තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ හි ආරම්භක වැඩසටහන් අධ්‍යක්ෂකවරයකුද වූ ගිහාන් ඩයස්
මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණක විදයා හා ඉංජිනේරු අධ්‍යයන අංශයේ මහාචාර්ය ධූරයට අමතරව 1990 පිහිටවු ලක්වසම් වෙබ් ලේඛකාධිකාරියේ ලේඛකාධිකාරි මෙන්ම ප්‍රධාන විධායක නිලධාරි ලෙසද මේ වන විට කටයුතු කරයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක් මව බබළවන ඔබතුමන්ට මගේ ප්‍රණාමය!!! (නි)
මෙම සම්මානය හිමිකර ගැනීම, පරිඝණක විද්‍යාවට සහ එයට අදාල වන උසස් ගණිතයට ලක්වැසියන් සතු මහඟු හැකියාව විදහා දක්වන හොඳ උදාහරණයකි. මගේ සුබ පැතුම්. (නි)
ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමට ඔබ ගත් උත්සාහයට ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් මගේ සුබ පැතුම් ! ජය හා සතුට ! (නි)
සුබ පැතුම්....! (නි)
මුදලට ගිජු නැති ,රටට හිතැති ,ශ්‍රේෂ්ට ලංකා පුත්‍රයෙක්.චිරන් ජයතු. (නි)
අපේ ලාංකික සහෝදර සහෝදරියෝ හොඳ දේටත් දක්ෂයි නරක දේටත් දක්ෂයි. අපේ මහාචාර්යතුමා අපේ රටට ගෞරවයක් ගෙනාවේ හොඳ දෙයක් කරලා.එතුමාට ජාතියේම ගෞරවය හිමිවිය යුතුයි. (ස)
මහාචාර්යතුමනි, ඔබ කළ නිහඩ සේවය ජ‍්‍යාත්‍යන්තරව ඇගයීමට ලක්වනු දැකීම ඉමහත් සතුටට කරුණකි. (නි)
සුභ පැතුම්! (අ)
බලන් පිරුණු කලයේ ලක. (ස)
සුබ පැතුම් !!! (ස)
මෙවන් විශිෂ්ටයින්ට සම්මාන ලැබීම සතුටට කාරණයක් (දී)
ගිහාන් අපිට ඔබ ගැන ඇත්තටම හරි සතුටුයි දුෂ්‍යන්ත ජයවර්ධන 76 කණ්ඩායම රාජකීය විද්‍යාලය.(නදී)
ඉතා නිහතමානී මහාචාර්යවරයෙක්.අපි සුභ පතනවා! මමත් සබරගමුව විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙක්. (නි)
සුබ පැතුම් !(නදී)
ඔබගේ සේවය අප එක සිතින් අගය කරමු. ඔබගේ අනාගත වැඩ සටහන් සර්වප්ප්‍රකාරයෙන් සාර්ථක වේවා යන්න අපේ පැතුමයි. ලක් මවට ඔබ ආඩම්බරයකි.(නදී)
සුබ පැතුම් !!! (දී)
නියමයි මහත්මයා.(නදී)
අපගේ සුබ පැතුම් ! (නි)
මෙතුමා ලස්සනයි (නි)
මහාචාර්ය ගිහාන්, අපට ඔබ ගැන ආඩම්බරයි! (ස)
ජය වේවා ....................! (දී)
ඔබ දැයට ආඩම්බරයක්....හැකිනම් අන්තර්ජාල සිංහල පිවිසුමක් හදන්න.බොහෝ දෙනෙකුට ලොකු සේවයක් වේවි.(දී)
සුබපැතුම්,විදේශයකින් හෝ අගයකිරීම ලොකු දෙයක්. (දී)
රාජකීය පුතෙකුගේ නොනිමි මෙහෙවර .....(දී)
ලංකාවට නොවැදගත් ,ලෝකයට වැදගත් අපේ විද්වත්තු. (දී)
මෙන්න නියම ලංකා පුත්තු. හද පිරි සුබපැතුම්.මොනවා උනත් ලංකාව දාල නම් යන්න එපා. (දී)
ගරු මහාචාර්යතුමනි, ඔබතුමාගේ හැකියාවන් ලක්වැසි අප සැමට මහත් ආඩම්බරයකි. ඔබතුමාට ජයෙන් ජය පතමු ! (නි)
හදපිරි සුභ පැතුම් ඔබතුමාට! (ස)