ආරක්ෂිතව අන්තර්ජාලය භාවිත කිරීම පිළිබඳව පාසල් ගුරුවරුන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් කොළඹ ‘වෝටර්ස් ඒජ්’ හෝටලයේදී අද පැවැත්විණී.
අධ්‍යාපන අමාත්‍යංශය සහ මයික්‍රෝසොෆ්ට් ශ්‍රී ලංකා ආයතනය එක්ව මෙය සංවිධානය කැරිණී.
පෞද්ගලික පරිගණක අන්තර්ජාලය හි සම්බන්ධවීමේදී ඇතිවන අනාරක්ෂිත තත්ත්වයන් වළක්වා ගැනීමත් පරිගණ දෘඩාංග හා මෘදුකාංග ආරක්ෂිතව පරිහරණය කරන්නේ කෙසේදැයි පිළිබඳව ගුරුවරුන් දැනුම්වත් කිරීමත් මෙහි ප්‍රධාන අරමුණ විය.
අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක,දකුණු ආසියා කලාපයේ මයික්‍රොසොෆ්ට් ආයතනයේ අධ්‍යක්ෂිකා ඇස්ට්‍රිඩ් ටුමිනිස් ,මයික්‍රොසොෆ්ට් ශ්‍රී ලංකා සමාගමේ අධ්‍යාපන වැඩසටහන් අධ්‍යක්ෂිකා යශින්තා ජයසිංහ යන මහත්ම මහත්මීහු දේශන පැවැත්වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ තරුණ ගුරු පරපුර කෝ? (ස)