පානදුර හොරණ ප්‍රධාන මාර්ගයේ එළුවිල වෙල් යයේ අනවසරයෙන් ගොඩ කළැයි කියන ස්ථානයේ මේ වනවිට අවදානම් සහිතව මහල් ගොඩනැගිලක් ඉදිකරන අතර එය පානදුර ප්‍රදේශිය සභාවේ අවසන් මායිමේ පිහිටා ඇත.
මේ සම්බන්ධයෙන් පානදුර ප්‍රදේශිය සභාවේ සභාපති සුනීත්‍රලාල් ප්‍රනාන්දු
මහතාගෙන් විමසු විට ඔහු ප්‍රකාශ කළේ ඒ සදහා අවසරයක් ලබා දී නොමැති බවයි.
මේ එදිකිරීමේ ඇති ප්‍රධානම අනතුර වී ඇත්තේ අධිබලැති විදුලි රැහැන් සහිත විදුලි කණුව මැදිවනසේ ඉදිකිරීම් සිදු වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතියක් නැති රටක අපි මේවා ගැන පුදුමවිය යුතු නොවේ. ඔය කණු ගලවාගෙන නොයා තිබීම ගැන අපි සතුටු වෙමු. (නි)
පෙනෙන විදිහට මෙය පටන් ගැනීම පමණි. එයට අමතරව මෙම ඉදිකිරිම සිදුවන්නේ මහාමාර්ගයට ප්‍රකාශිත ගොඩනැඟිලි ඉදිකිරිම තහනම් සීමාවේ. ඉතින් කෙකර ගගා සිටින්නේ නැතිව ප්‍රාදෙසිය සභාවේ සභාපති වරයට මෙය කඩා දැමිය හැකිනේ. නැතිනම් ගොඩනැගිල්ල සාදා විවෘත කරන තුරු බලාගෙන ඉන්නවද. නැතිනම් මේක දේශපාලන හෙංචයියෙකුගේ වැඩක්ද?.(නදී)
මහජන උපයෝග්හිතා කොමිසන් සභාවට කියමු . මොකද දැන් විදුලිබල මණ්ඩලයේ අතපය කඩලා ඉවරනේ. ඔහොමයමු , ඔය දේවල් විකුණගෙන කනකොට අපි නැවත ඔය ගැන කතා කරමු . (අ)
පානදුරේ ගොරකානේ ගාලු පාර අයිනේ කඩ හදලා තියෙනවා. පාරට දුර අඩි 2 වත් නැහැ. නමුත් ගෙවල් හදන්න ප්ලෑන් පාස් කරන කොට අඩි 25 ක් තියන්න ඕනේ. කාටද මේවා කියන්නේ? සමහර කඩ ඇතුලේ ලයිට් කණු.(නදී)
විදුලිබල මණ්ඩලේ ප්‍රතිපාදන මගින් විදුලි කනුව වෙනත් තැනකට ගෙනයාවි.(නදී)
රත්මලාන කල්දෙමුල්ල පාරේ අනවසර කඩ ඉදිකරලා ජනතාව යන්නේ පාරේ මැද. ගල්කිස්ස පොලිසිය, මාර්ග සංවර්ධන අදිකාරිය, නාගරික සංවර්දන අදිකාරිය දෙහිවල මහා නගර සභාව , නිදිද කියලා ජනතාව අහනවා.(නදී)
වීරකැටියේ වලස්මුල්ල පාරේ කුඹුරක් ගොඩ කරලා එතන සුපර් මාර්කෙට් එකක් හදනවා. දේශපාලන හෙංචයියලාගේ වැඩ නිසා කවුරුවත් මුකුත් කියන්නේ නැහැ. අපි මේවා කලොත්?(නදී)
අයියෝ පිස්සු හැදෙනවා මේවා දැක්කාම.... (දී)
බීරන්ට වීනා වයලා වැඩක් තියේද? ඔන්න හෙට අනිද්දා කවුරු හරි ඕකේ ගෑවිලා මළොත් පොඩ්ඩක් ඇස් ඇරේවි.(නදී)
සුනේත්‍රා ලාල් මත්තය බලන්න ඔබ තුමාගේ ගේ පිටිපසේ ගගේ වැලි ගොඩ දානවා බොහොම අගේට ලිංවල වතුර බොන්න බැහැ ගෙවල්වල ඉරිතලල වතු සොදගේනයනවා මේවට කවුද බලපත්රදුනේ අපිද? කරුණාකරලා මේකට විසදුමක් දෙන්න මෙහෙම ගියොත් මුළු ගොරක පොලම ගගට හොදා ගෙන යි මේ වැලි ජාවාරම ඉක්මනටම නවත්වන්න ඕනි නැති උනොත් වෙන්නේ ලොකු විනාසයක් !!!! (අ)
පානදුරේ ගොරකපොල වැලි ගොඩ දාන එකටත් ඉක්මනට විසදුමක් දෙන්න ඕනෑ. (දී)
ඔබතුමාගේ ගේත් ගගට ගහගෙන යයි ලගදීම (අ)
මේ ලියපුවා බැලුවම පේන්නේ හැම දෙයක්ම වගේ නීති විරෝධී විදියට වෙන බවයි. අපට ටී වී එකෙන් රේඩියෝ එකෙන් නම් ඇහෙන්නේ කිසිම අසාධාරණයකට ඉඩක් නොතබන බවයි. කවුරු බොරු කියනවද කියල හිතා ගන්න බැහැ. (අ)
අවසර දීල නැහැ කිවුවට හදාගෙන යනවනේ.ඉතින් සබාපතිතුමන්ට ඒවා කඩා ඉවත් කරන්න බලය තිබෙන්වනේ.ඇයි එහෙම නොකරන්නේ.මොකක්හරි හොරයක් තිබේ (දී)
කෑගහන් නැතුව ඉන්න . ඔයාටත් කළු කුමාරය වැහිලා කියල . අරන් ගිහින් තෙල් ගායි, අපි දන් නැහැ ඔන්න .(අ)