IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අන්තරේ සිසුන් දෙන්නාගේ මරණය : ‘රහස් පොලිසියේ වැඩ බාගෙට‘

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජික සිසුන් දෙදෙනකු ගම්පහ ඉඹුල්ගොඩදී  අනතුරකින් මිය ගියැයි කියන සිද්ධිය රහස් පොලිසියෙන් නිසි ලෙස විමර්ශනය කරන බවක් නොපෙනෙන නිසා  හරි ආකාරව කඩිනමින් විමර්ශන කරන ලෙසට රහස් පොලිසියට නියෝග කරන්නැයි   රජයේ නීතීඥ කේ වී ඉන්දිකා මහත්මිය ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතාගෙන් අද (26) ඉල්ලා සිටියාය.

රජයේ නීතීඥවරිය එලෙස ඉල්ලා සිටියේ 2012 සැප්තැම්බර 27 වැනි දා අලුයම ගම්පහ ඉඹුල්ගොඩ දී මිය ගියැයි කියන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් දෙදෙනාගේ මරණය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (26) යළි කැඳවූ අවස්ථාවේදීය.

එම සිද්ධියෙන් කැලණිය විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති ජනක බණ්ඩාර ඒකනායක සහ රුහුණ විශ්ව විද්‍යාලයයේ පළමු වසර ශිෂ්‍ය සිසිත ප්‍රියංකර සිල්වා මිහ ගියහ.

මෙහි විමර්ශන නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරනු ලැබුවේ පසුගිය සැප්තැම්බර මාසයේ බවත්, නමුත් රහස් පොලිසිය අධිකරණයේ පෙනී නොසිටි නිසා මීට පෙර එහි අධ්‍යක්ෂට නොතීසි නිකුත් කළ බවත්, රහස් පොලිසිය නිසි ලෙස විමර්ශන නොකර සාක්කිකරුවන් තමන් වෙත පැමිණෙන තුරු බලා සිටින බවත් රජයේ නීතීඥ කේ වී ඉන්දිකා මහත්මිය මහේස්ත්‍රාත්ට දැන්වූවාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කරුණාතිලක මහතා කියා සිටියේ තමන්  පරීක්ෂණ බාර ගත්තේ මාස දෙකකට පෙර බවයි. නිසි ආකාරව පරීක්ෂණ සිදු කරන බව ද ඔහු කීවේය.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රාජිකා ද සිල්වා මහත්මිය අධිකරණයට දැනුම් දුන්නේ රහස් පොලිස් පරීක්ෂණ ඉතා මන්දගාමී බවයි. මෙම සිද්ධියට මේ වන විට වසර හතරක් පමණ ගතවී ඇති බවත්, එහි විමර්ශන රහස් පොලිසියට බාර දුන්නේ නිසි ආකාරව පරීක්ෂණයක් සිදු කරන බවට විශ්වාසයෙන් බවත්, නමුත් රහස් පොලිසිය කිහිප දෙනකුගේ පමණක් ප්‍රකාශ සටහන් කරගෙන කල් මරණ බවත් නීතීඥවරිය ප්‍රකාශ කළාය.

කාලය විසින් සාක්කි වළලා දමනතුරු නොසිට කඩිනමින් විමර්ශන කරන ලෙස නීතීඥ රාජිකා සිල්වා මහත්මිය ඉල්ලා සිටියාය.

විශ්ව විද්‍යා ආචාර්යවරුන්ගේ වෘත්තීය අරගලයකට සහාය දක්වමින් මහනුවර සිට කොළඹට පාගමනින් එන අතරතුර 2012 සැප්තැම්බර 27 වැනි දා අලුයම අත්පත්‍රිකා තොගයක් ගෙන ඒමට දෙල්කඳට යද්දී මෙම සිදුවීම වූ බව නඩුවේදී කියැවිණි.

මෙය රියඅනතුරකින් සිදුවූ මරණයක් බව පොලිසිය කී අතර මරණය සැක සහිත බව අන්තර් විශ්ව විද්‍යාල  ශිෂ්‍ය බල මණ්ඩලය සහ මිය ගිය සිසුන්ගේ ඥාතීහු කීහ.

ගම්පහ හිටපු මහේස්ත්‍රාත් (දැන් අනුරාධපුර මහාධිකරණ විනිසුරු) ඛේමා ස්වර්ණාධිපති මහත්මිය සහ ගම්පහ හිටපු මහේස්ත්‍රාත් ටිකිරි කේ ජයතිලක මහත්වරුන් හමුවේ මුලින් මෙම  පැමිණිල්ල විභාග විය.

රහස් පොලිසියේ මහජන පැමිණිලි විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කරුණාතිලක මහතා  පැමිණිල්ල වෙනුවෙන් ද, රජයේ නීතීඥ කේ වී ඉන්දිකා මහත්මිය නීතිපති  වෙනුවෙන් පෙනී සිටියහ. නීතීඥ රාජිකා ද සිල්වා මහත්මිය අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියාය.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර ඇතුළු විශ්ව විද්‍යාල සිසුහු පිරිසක් ද, මිය ගිය සිසුන්ගේ ඥාතීන් පිරිසක් ද අධිකරණයට පැමිණ සිටියහ.

IMG_20160426_102857 IMG_20160426_102928 IMG_20160426_103027



අදහස් (0)

අන්තරේ සිසුන් දෙන්නාගේ මරණය : ‘රහස් පොලිසියේ වැඩ බාගෙට‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site