පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට එරෙහිව ද, අධ්‍යාපනය අලෙවි කිරීමට සැරසෙතියි ද කියමින් ද අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ කොටුව දුම්රිය නැවතුම් පොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීය.
පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට එරෙහිව ද, අධ්‍යාපනය අලෙවි කිරීමට සැරසෙතියි ද කියමින් ද අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ කොටුව දුම්රිය නැවතුම් පොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිවේගී මාර්ග හැදීම පොඩ්ඩක් අතපසු කරලා මේගොල්ලන්ට විරෝධතා දැක්වීමට වෙනම පාරක් හදලා දෙන්න. (නි)
අද ඔය අන්තරේ ඉන්න ටික තව අවුරුදු කිහිපයකින් තැනකට ආවහම අන්තරේට බනිනවා. නැත්නම් යටිහිතින් පසු තැවෙනවා,කරපු මෝඩකම් කියා. ඉගෙන ගන්න නොහැකි වුණ අය හැමදාම අන්තරේ බදාගෙන හෝ රතු කමිස දාගෙන රට කාවි. අපි දන්නා අතීතයේ සිටම වෙන්නේ ඔය දේමයි (නි)
ශිෂ්‍ය භාවයක් නැති මෙහෙයවන්නා අල්ලලා දඬුවම් කරන්නත් මහජනයාට අවහිර කිරීමටත් විරුද්ධව ක්‍රියා කරන්නත් කොන්දක් තියෙන්න ඕනා පොලිසියට. නැට්ට අමුඩ ගහගෙන සුනඛ සේයියාවෙන් ඉඳලා වැඩක් නැහැ. පොදුරාජ්‍ය සමුළුව ලංකාවේ තියන්න එපා කියන්න ලංකාව අන්තරේට තියෙන අයිතිය මොකක්ද? (නදී)
මම නදී නියන දේවල් වලට සම්පූර්ණ විරුද්ධයි. ඒ අය කතා කරන්නේ රටේ ජාතික ගැටලු. (අ)
මම නදී නියන දේවල් වලට සම්පූර්ණ විරුද්ධයි. ඒ අය කතා කරන්නේ රටේ ජාතික ගැටලු. (අ)
ටියුෂන් වලට වෙනම ගෙවන්න වෙලා. පාසල් සංවර්ධන සමිති හරහාත් මුදල් අය කරයි. තව අපි ආණ්ඩුවට බදු ගෙවන්නත් වෙලා. ඒ දේවල් වලටයි අපි කෑ ගහන්නේ. අපිට ඉගෙන ගෙන යන්න පුලුවන් ඒත් ඉස්සරහට එන අයට මොකද වෙන්නේ. තියෙන එකා ඉගෙන ගනියි. නැති එකා නූගත්කමින් පීඩා ව්දියි. ටිකක් හිතපල්ලා විශ්ව විද්‍යාල වල ඉන්නේ මෝඩයෝ ද? (අ)
මම දන්නා විදියට උසාවි නියෝගයක් තියෙනවා නේද මේ අන්තරේ ලොක්කට ලංකවේ කිසම විශ්වවිද්‍ය්ලයට යන්න තහනම් කියා, එහෙම තියෙද්දී මේ ගොල්ලෝ කොහොමද පාරට අවේ?? ඒ කියන්නේ මේ මේගොල්ලෝ අධිකරණයට අපහස කරලා, එහෙම නැත්තම් අන්තරේ ලොක්කගේ හෙන්ච්චියෝ ටික්කක් අන්තරේ ලොක්කගේ උවමනාවට මේවා මෙහෙයවනවා. (අ)
150000 ක් විභාගේ සමත් නම් සරසවි ගන්නේ 23000 යි නම් ඉතුරු අය සල්ලි දීලා හරි ඉගෙන ගන්නවට මෙයාලා ඊර්ෂ්‍යාවයිද? ලොකුම අමාරුව ඒක තමන් උපාධිලත් බමුණු කුලයක් ලෙස ඉස්මතුවී සෙස්සන් මැට්ටන් ලෙස තමයි දකින්න කැමති. (නි)
මට මේ අදහස් දක්වා තියෙන හැමෝගෙන්ම අහන්න තියෙන්නේ මේච්චර.චෝගම් නිසා ඇයි සරසවි වහන්නේ? ඒ ළමයින්ගේ අධ්‍යාපනය ගැන ඇයි හිතන්නේ නැත්තේ? (නි)
ඔය බන්දුල කියන නිදහස් අධ්‍යාපනේ අද කොහෙද මහත්තයෝ තියෙන්නේ..මොන්ටිසෝරියේ ඉදල දෙමව්පියන්ගේ තුට්ටු දෙකින් ටියුසන් මාස්ටර්ලා පෝසත් කරවල තමයි ඔය හැම එකාම කැම්පස් එකට රිංග ගන්නේ..නැතුව නිදහස් අධ්‍යපනෙන් ඉගෙන ගෙන නෙමෙය්.ඕකට රිංග ගත්තට පස්සේ තමය කට්ටියට නිදහස් අධ්‍යපනේ මතක් වෙන්නේ.. පොත්ගුල්ලෝ වෙලා සමාජ ඇසුරක් නැතුව කම්පස්වලට එන කොල්ලෝ කෙල්ලන්ව අන්දන්න උන්ට එලියට ගියාට පස්සේ ඇතිවන තරගය ගැන බය ඇති කරවන්න ඔය වචනේ බංකලොත් දෙසපලුවෝ පාවිච්චි කරනවා..එ ඇරෙන්න දැන් ඔය වචනේ වැදගත්කමක් නැහැ..මමනම් කියන්නේ කැම්පස් යන හැම කෙනාටම පාඨමාලාව සහ කාලය අනුව වටිනාකමක් නියම කල යුතුයි..එම වටිනාකම රැකියාවක් කිරීමේදී වාරික ලෙස රජය අයකරගත යුතුයි.විභාග අසමත් වෙලා කැම්පස්වල ගල් වෙන්න හදන කට්ටියගේ වටිනාකම් එ කියන්නේ රජයට ගෙවිය යුතු ගණන දෙගුණ කල යුතුයි..මේ ලැබෙන මුදල් විශ්ව විද්‍යාල පද්දතියේම දියුණුව සදහා යෙදවිය යුතුයි (අ)
ගජබා, මමත් ඔබ සමගයි. දැන් මේ අයට මොනවා හරි හේතුවක් දාලා සරසවි වහලා ජීවත් වෙන්න ඕනෑ වෙලා තියෙන්නේ. අනේ මෙහෙමත් අය? (නි)
පෙරටු ගාමින් හරි කුරුටුගාමින් හරි විශ්ව විද්‍යාලවල ළමයින් අල්ලාගෙන කරන වැඩේ කැතයි. (නි)
නිදහස් අධ්‍යාපනය ඉතා වටිනවා. විශේෂයෙන්ම සාමාන්‍ය ජනතාවට. මමත් එහි ප්‍රතිලාභ ලැබුවෙක්. නමුත් එය විධිමත් විය යුතුයි නේද? ඒ කියන්නෙ, ලංකාවෙ සරසවි අධ්‍යාපනය ලබන්නෙ ඉතාමත් ස්වල්ප පිරිසක්. ඒ නිසාම උසස්පෙළ හරිම තරඟකාරියි. බටහිර රටවල බහුතරයකට සරසවි වරම් ලැබුණත් යම්තාක් දුරකට ගෙවිමක් කරන්නත් වෙනවා. අපේ බහුතර දරු පිරිසකට සරසවි වරම ලබාගැනීමට සැළැස්විය හැක්කේ කෙසේ ද යන්න විවාදාත්මකයි. මෙහි ක්‍රම කීපයක් දැක්විය හැකියි. 1. සරසවි වලට ඇතුළත් කරන ප්‍රමාණය වැඩිකිරිම. එහිදි, රජයකට දැරීමට වන වියදම ඉතා අධිකයි. මේ සඳහා යම්මුදලක් සිසුන්ගෙන් අයකිරීම එක විසඳුමක්. මෙයට බහුතරයක් විරුද්ධයි. නැත්නම් සරසවි අධ්‍යාපනය ලැබූ අයගෙන් යම් දායකත්වයක් ගත හැකියි. 2. පුද්ගලික සරසවි ඇතිකිරීම. මෙහිදි ඇති ප්‍රධානම ගැටළුව වන්නේ, රාජ්‍ය සහ පුද්ගලික සරසවි අතර වන ප්‍රමිතිය. එහිදි මුදලට යටවේය යන බිය වැදගත්. කෙසේවෙතත්, පුද්ගලික සරසවි ඇතිවිමෙන් යම් වාසියක් ද නැත්තේ නොවේ. පිරටට යන ලංකා මුදල අවම කරගැනීම. විදේශ අධ්‍යාපනය කර ගැනීමට නොහැකි අයටද යම් සහන ක්‍රමයකට ප්‍රතිඵල ලැබීම. (නි)
උසස් පෙළ ලියන ලක්ෂ ගානකින් සමත් වන්නේ 150,000 ක් පමණ පිරිසක්. ඒ අයගෙන් විශ්ව විද්‍යාල වලට වරම් ලබන්නේ 23,000 කට අඩු ගණනක්. එයින් අන්තරේට රැවටෙන්නේ 1% විතරයි. මේ ටික දෙනා එකතුවෙලා උසස්පෙළ කළ ඉතිරි අයට සියදිවි නසා ගන්න, මුහුදට පනින්න කියලාද මේ උද්ඝෝෂණය කරන්නේ?මොවුන්ට විශ්ව විද්‍යාල නේවාසිකාගාර වැහුවම යන්න තැනක් නැහැ. ගෙවල් වලට ගියහම බලය බින්දුවයි. 10ක් එකතු කරගෙන උද්ඝෝෂණයක් කරන්න බැහැ. (නි)
චෝගම් එකට සමගාමීව උද්ගෝෂණ වැඩ වර්ජන රැල්ලක් රතු මල්ලිලා ගේන බව දේසපාලනේ අයන්න දන්නා කට්ටිය දන්නවා.. රතු මල්ලිලට පහසුවෙන් දක්කන්න පුළුවන් මී හරක් ටික තාමයි මේ පාරට දැක්කල ඉන්නේ....චෝගම් එන කට්ටියට පේන්න වෙන්දේසියේ දාන්න දෙක තුනක් බාව ගන්න උපරිම දහිරිය දමාවි ඉදිරි දින කීපය තුල..දෙමව්පියන් තමන්ගේ දරුවන් ගැන සැලකිලිමත් වුනොත් හොදයි මුන්ගේ දේසපාලනය වෙනුවෙන් බිලිබෝයිස්ල වෙන්න දෙන්නේ නැතුව....(අ)
මෙයාලා කැමති මොනවාටද? මට හිතෙන්නේ රටේ කෙරෙන කිසිමදෙයකට අකමැති කට්ටියක් (නි)
බංකොලොත් දේශපාලුවන් මොවුන් පිටුපස සිට උසි ගන්වා , කරන වැඩක් මේක . ඔවුන්ට ඕනේ මේවගේ වෙලාවක රට අස්ථාවර කිරීම මහජනයයාට කරදරයක් කිරීමට .රටේම ඉන්න පින්ගුත්තරයන් ටික මෙතන ඉන්නේ . රටේ මොන දෙය කලත් මේ යට හොඳක් නැහැ දකින්නට . අනික් කරුණ රටට ඉදිරියට ආගම දර්මය අනුශාසනා කරන්න ඉන්නා පිරිසකුත් මේකට ඇවිත් . රටේ අනාගතය කොයිබටද කියා සේකයක් සිතෙනවා (අ)
මේ රජය අර්ධ මිලිටරි රජයකි , ලංකාවේ නිදහස් අධ්‍යාපනය රැකදුන්නේ ශිෂ්‍ය ව්‍යාපාරයය. සමුළුව මුවාවෙන් අධ්‍යාපනය පුද්ගලිකරණය කිරීමට විරුද්ද වීම අද දවසේ අපගේ සටන වියයුතුය. ශිෂ්‍ය සටනට ජයවේවා !! නිදහස් අධ්‍යාපනය දිගුකල් දිනේවා !! (අ)
මම වගකීමෙන් කියන්නේ, අන්තරේ කියන්නේ ජේ.වී.පි නොවේ.ඒක දැන් පෙරටුගාමින්ගේ. විශ්ව විද්‍යාලයේ ඉන්න අය මේක දන්නවා.නොදන්නා අය හොයලා බලන්න (නි)
මොනවද මේ තේරුමක් නැති වැඩ?පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව ලංකාවේ තිබුනම මොකද?එහෙම දෙයක්වත් ලංකාවේ පවත්වන එක අපට නම් සතුටක්.අපේ රටේ විස්තර ලොව පුරාම මිනිස්සු දකිනවා. (අ)
කුරුඳු කෝටු මතක් වෙනවා මට (නි)
අර කහ සිවුරු දාගත් අය හැසිරෙන විදිය හරිද? (නි)
නිදහස් අධ්‍යාපනයට අද වෙන්න යන දේ ගැන හරියට නොදන්නා බහුතරයක් ලංකාවේ ඉන්න එක ගැන හුගක් කණගාටුයි. අතීතයේත් අධ්‍යාපන පෞද්ගලීකරණය කරන්න ගිහින් ඒක අරගල වලින්ම නවත්තපු නිසා තමයි අද වෙනකොට නිදහස් අධ්‍යාපනේ ඉතිරි වෙලා තියෙන්නේ. ඔය උඩින් ප්‍රතිචාර දාල තියන හැමෝම නිදහස් අධ්‍යාපනය නිසා ඉගෙන ගත්ත අය, නමුත් ඒ අයට ඒක ආරක්ෂා කරන්න ඕනි කියන දේ තේරෙන්න තරම් බුද්ධියක් නැහැ. අන්තරේ දේශපාලනේ කරනවා කියල කියන්නේ ජේ.වී.පී කියන්නේ මේ අදහස් මිනිස්සුන්ගේ ඔලුවලට යන එක නවත්තන්න. (නදී)
ඉදිරිය නොදකින හුගක් මිනිස්සු හිතන්නේ පාරවල් හදන එකයි, ගොඩනැගිලි හදන එකයි තමයි සංවර්ධනේ කියන්නේ කියලා. නමුත් අධ්‍යාපනය දියුණු කිරීම තමයි පළමු දෙය විය යුත්තේ. හදවතින්ම පරාර්ථකාමී මිනිස්සු තමයි තව කෙනෙකුට ලැබිය යුතු දේ වෙනුවෙන් තමන්ගේ කරගෙන සටන් කරන්නේ. එහෙම පිරිසක් තමයි මේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ කියන්නේ. ඔබටත් බුද්ධියක් ඇත්නම් පමණක් විමසා බලන්න හරි දේ කුමක්ද කියා. (නි)
ඉදිරිය මිනිස්සු දකින හින්දයි පුද්ගලික විශ්ව විද්‍යාල අැති කරන්න හදන්නේ. පුළුවන් එකාට සල්ලි දීලා ඉගෙනගන්නත්, බැරි එකාට පිනට ඉගෙන ගන්නත් පාර හදනවා. අන්තිමට දෙගොල්ලම ඉගෙනගන්නවා. කවුරුවත් ගෙදරට කොටුවෙන්නේ නැත. හැබැයි ඉගෙනුමේ තරම අනුව රැකියාවල් ලැබෙයි. රැකියාවල් දීමට රජය බාදී නැත. අනික පිනට ඉගෙන ගන්න අය මොකටද සල්ලි දීලා ඉගෙනගන්න හදන අය ගැන කරදර වෙන්නේ. ඉරිසියාව ඉරිසියාව. (නි)
කලකට පස්සේ පාරට බැස්සේ (නි)
බන්දුල පෙරේරා, ඔබ හරි. මම නම් දකින්නේ නැහැ ලංකාවේ දැන් නිදහස් අධ්‍යාපනය කියලා එකක් තියෙනවා කියලා. හැමදේකටම මුදල් වලින් කතා කරන්නේ. පිට රටවල් වල නිදහස් අධ්‍යාපනය කියලා එකක් නැහැ.නමුත් සමහර රටවල් වල උසස් පෙළ සමත් වූ සිසුන්ට තමන් ගත් ලකුණු ප්‍රමාණය මත තමන්ට තෝරා ගැනීමට හැකි පාඨමාලා විශ්ව විද්‍යාල ඇතිකර තිබෙනවා. පාඨමාලා ගණන සියයක් පමණ වෙනවා.කෙටියෙන්ම කියතොත් උසස් පෙළ සමත්වූ සියලු දෙනාටම විශ්ව විද්‍යාලයට යා හැකියි. ඒවාගේම විශ්ව විද්‍යාල ගාස්තු ගෙවීමට සිදු වන්නේත් තමන් රැකියාවක් කරනා විටදීයි. එයද කොටස් වශයෙන් ගෙවිය හැකිය. නමුත් මෙම සහනය විදේශීය සිසුන්ට හිමි වන්නේ නැත. මේ රටවල විශ්ව විද්‍යාල ක්‍රියාත්මක වන්නේ ස්වාධීන ආයතන ලෙසයි. රජය ඒවායේ කටයුතු වලට මැදිහත් වීමට යන්නේ නැත.සමහරු අහයි විශ්ව විද්‍යාලයෙන් පිට වුවාට පසුව එම ගාස්තුව නොගෙවා මග හරින්න බැරිද කියා. කිසිවෙක් එසේ කරන්නේ නැත. කිරීමටද බැරිය. හේතුව,පොලීසිය,ආදායම් බදු දෙපාර්තමේන්තුව, ගුවන් තොටුපල, මෝටර් රථ දෙපාර්තමේන්තුව ආදී මෙකි නොකී රජයේ ආයතනයන්හි පරිගණක එකට සම්බන්ධ කර ඇති නිසාය. එවැනි කට්ටි පනින්නකු සිටි නම්, බලධාරීන්ට අවශ්‍ය නම් ඔහු ඉන්නා තැන විනාඩි ගණනකදී සොයා ගත හැක. කෙසේ හෝ, පිට රටවල් වල ඇති විශ්ව විද්‍යාල වල උද්ගෝෂණ, පන්ති වර්ජන, පෙළපාලි යනාදී දේවල් ගැන නම් අසන්නට ලැබෙන්නේ නැත. ඉගෙනීම හැරෙන්නට ඔවුන්ට ඔවැනි දේවල් කිරීමට වෙලාවක් නැත. (නි)
කුරුඳු කෝටු වලින් මේගොල්ලන්ට සලකන්න අවස්ථාවක් මට ලැබුනොත් මම ඉස්සෙල්ලම සලකන්නේ අර අර ගොල්ලන්ට්යි පණපිටින් අපායට ගියාට කමක් නැත. (නදී)
අන්තරේ මුල තියෙන්නේ ඉන්දියාවේ.මෙහෙයවන්නේ ජේවීපී එක එයාලට මුදල්දෙන්නේ ඉන්දියාව.සමුළුවට ලෙඩක් අදින්න ඉන්දියාවට උවමනාව. (අ)
සරසවි වරම් ලැබීමට තරම් වාසනා ලැබුවත් තමන්ටත් මුළු රටටත් බරක් වෙනවා මිස මේ අයට කළ හැකි යමක් නැත. බුද්ධ පුත්‍රයන්ට ඉහළ අධ්‍යාපනය සඳහා වෙනම විශ්ව විද්‍යාලයක් තිබිය යුතුය. ගිහි සිසු සිසුවියන් සමග අධ්‍යාපනය ලැබීමෙන් පසු කලකදී රැකියාවල් ලැබුන පසු සිවුර හැර යති. සිවුර සරම වගේ කැහැපට ගහගෙන ඉන්නේ (නි)
අන්තරේ වැඩ නිසා විශ්ව විද්‍යාල මාස ගණන් වහන්න වෙලා තියෙනවා. පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට ටික දවසක් වැහුවට මොකද වෙන්නේ? අන්තරේට ඕනේ මොනවා හරි කියල පාරට බහින්න. විශ්ව විද්‍යාල වහන්නේ නැතුව රාජ්‍ය නායක සමුළුව පැවැත්උවොත් වහන්න කියල පාරට බහී. (නදී)
ඒ ගොල්ලන්ටත් වීදි බහින්න අලුත්ම හේතුවකුත් හම්බ වෙලා තියෙන්නේ.(නදී)
මේ අන්තරේ අයට පිස්සුද? (නි)
ඇතුවත් බැරි නැතුවත් බැරි අන්තරේ උද්ඝෝෂණ. (ස)
මම නිතරම දැකල තියෙනවා මේ අය මේ වගේ දේවල් කරන්නෙම සිකුරාදා. කොළඹින් සති අන්තෙට ගමේ යන අයට උපරිම හිරි හැර වෙන විදිහට.(නදී)
අන්තරෙත් නාගෙන සිටියොත් ඔක්කොම හරි.(නදී)
අන්තරේ වර්ජන කරලා මාස ගනම් විශ්ව විද්‍යාල වහනවා. ඒත් දින තුන හතරක අන්තර් ජාතික සම්මේලනයක් වෙනුවෙන් නිවාඩු දෙන එක ප්‍රශ්නයක්. හරියට අඬන්න ඉන්න එකාට ඇඟිල්ලෙන් අන්නිනවා වගේ. මේකේ නායකයින්ට එන් ජී ඔඕ කාරයෝ සල්ලි දෙනවා මේවා කඩාකප්පල් කරන්න. ගොන් හරක් ටිකක් ලනු කාල මුන් පස්සේ ගිහින් අනාගන්නවා. මේ අයට තේරෙන්නේ නෑ ඉස්සරහට මේ අයට පුද්ගලික අංශයේ රස්සාවක් වත් ගන්න බැරි වෙන බව. මේ අයව බිල්ලට දීලා ජේ වී පී නායකයෝ 25 දෙනෙක් එන් ජී ඔ සල්ලිවලින් සැප විඳිනවා.(නදී)
අන්තරේ කියන්නෙත් දැන් දේශපාලන පක්ෂයක්.රටට ද්‍රෝහී , රට ඉදිරියට යන එක වලක්වන්න තමයි මේ සේරම කරන්නේ. (ස)
හැම දෙයකටම බෝඩ් උස්සගෙන පාරට බැහැල කාලකන්නි වගේ තප්පුලන්නේ නැතුව ගිහිල්ල ඉංග්‍රීසි ටිකක් ඉගෙනගනිල්ලා. එලියට ආවහම ඉංග්‍රීසි වචන දෙකක් කතා කරගන්න බැහැ. ඊළගට ඒකටත් ආණ්ඩුව පළි. 1989 කාලේ තරුණ කොල්ලෝ කෙල්ලෝ ටික මරල දාල ආයෙත් විප්ලවයකටද යන්නේ.මේ සැරේ අපි තොපිට ගහල පන්නන්නේ වේ... බල්ලෝ.(නදී)
අන්තරේ කියන්නේ ජේ.වී.පී එකම තමයි. ජේ.වි.පෙ ට සෙනග නැති නිසා විශ්ව විදයාල ළමුන්ව පාරට දානවා.(නදී)
මෙතන උද්ඝෝෂණයට පොලිසියෙන් ගැහුවා නම් කන්නේ අහක ඉන්න පොඩි පොඩි එවුන්. අන්තරේ උන් ටික පටස් ගාල මාරු වෙනවා. අපි මොරටුව කැම්පස් ඉන්න කාලේ මුන්ට ඔලුව උස්සන්න දුන්නෙම නැහැ. ඒක නිසා වෙලාවට එලියට යාගන්න පුළුවන් උනා... (ස)
අන්තරේ කියන්නේ ජේවිපි එකටමයි. ඒගොල්ලන්ට ඕනේ රටේ මොනවා හරි කලබලයක්. හරියට මාළුවට වතුර වගේ ජේවිපී එකට රටේ කලබල !!! (ස)